චීනය විසින් දෙවනි දිනයටත් තායිවානයට අයත් මුහුදු හා ගුවන් සීමාවන් ආක්‍රමණය කරමින් සජීවි යුද අභ්‍යාස වල නිරත වෙනු දක්නට ලැබේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මේ වන විට පිංතාන් දූපතට ඉහළින් චීන ජෙට් යානා පියාසර කරනු දක්නට ලැබෙන අතර, එම ජෙට් යානා ජෙට් යානා මිසයිල වලින් සන්නද්ධව ඇත.

 

දූපතේ සංචාරයේ නියුතු සංචාරකයන් විසින්  දුරදක්න භාවිතා කරමින් ජෙට් යානා නිරීක්ෂණය කරමින් සිටිනු දක්නට ලැබෙන අතර, චීනය විසින් මෙලෙස දෙවනි දිනටත් තායිවාන සීමා ආක්‍රමණය කරමින් යුද අභ්‍යාසයන්හි නිරත වන්නේ ඇමරිකානු කතානායිකා නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙසිනුයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්