රටින් පලා ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගත යුතු බවට කියමින්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

ඒ එරට ලිබරල් ඩිමොක්‍රොටික් පක්ෂයේ නායක ශ්‍රීමත් එඩි ඩේව් විසිනි. 

ඊයේ (13) එරට පාර්ලිමේන්තුව අමතමින් එම යෝජනාවක් ඉදිරිපත් කරමින් ඔහු කියා සිටියේ ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කොට ඔහුව අත්අඩංගුවට  ගත යුතු බවයි.

එහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ  දී සිටින දැඩි අර්බුදකාරි තත්වයට හේතුව රාජපක්ෂ පාලනයේ දූෂණය වන බවත්, ඔවුන් විසින් ක්‍රියාත්මක කරන ලද විවිධ නොගැලපෙන ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රට දිනෙන් දින අගාදයට ඇදී ගිය බවත් හා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සහය ශ්‍රී ලංකාව ලබා දිය යුතු බවත්ය.

මෙන්න බලන්න තවත් පුවත්