මෙරට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින්, ජාත්‍යන්තර සංවිධානයක් විසින් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත.

ඒ පිළිබඳව දක්වමින් රොයිටර්ස්  පුවත් සේවය වාර්තා කර සිටින්නේ, 2009 වර්ෂයේ මෙරට සිවිල් යුද්ධය පැවති සමයේ ඔහුගේ ක්‍රියාකලාපය සමබ්න්ධයෙන් මෙම පැමිණිල්ල ගොනු කර ඇති බවයි.

“ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය” නැමති සංවිධානය විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති අතර, ඔවුන් විසින් එම පැමිණිල්ලෙන් චෝදනා කර සිටින්නෙ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ ගෝඨාභය රාජපක්ෂ  මහතා විසින් ජිනීවා සම්මුතීන් කඩ කර ඇති බවය.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්