ඔබ හිතුවද මරණින් පසු අමරණීය ශාකයක් වෙලා ජීවත් වෙන්න ලැබේවි කියලා

අද අපි කතා කරන්නේ අපේ මරණය ගැන. මරණින් පස්සේ ඇත්තටම අපට මොකද වෙන්නේ කියලා විවිධ ආගම් වල විවිධ කතා කියනවා. නමුත් මෙහෙම කතාවක් අහලා තිබුනද? මරණින් පස්සේ ගසක් වෙන්න පුළුවන් කියලා. ඔව් පුළුවන්, මරණින් මතුත් ඔයාල ජීවමානව මේ ලෝකයේ ජීවත් වෙන්න පුළුවන්, ජීවත් වෙන කාලයේ හිටියටත් වඩා හොඳට. එහෙම කියන්නේ ඇයි කියලා ඔයාට තේරෙයි.

මෙම අලුත් සොයා ගැනීම ඔබේ ශරීරය මරණයෙන් පසු දැවැන්ත වෘක්ශයක් බවට පත් කරනු ලබනවා. මෙය සම්පූර්ණයෙන්ම කාබනික වන අතර පරිසර හිතකාමී අයුරින් තමයි සකසා තියෙනේ. කැප්සුලා මුන්ඩි (Capsula mundi) යන නමින් තමයි මේ ක්‍රමය හඳුන්වන්නේ. මේ ක්‍රමයේ නිර්මාතෘන් වන්නේ Citelli සහ Bretzel යන දෙදෙනායි.

නූතන මිනී පෙට්ටි මගින් පසට සහ භූගත ජලයට එකතු වන විශ රසායනික සහ දිරාපත් නොවන ලෝහ කොටස් මගින් පස සහ ජලය දූශනය කළ ද කැප්සුලා මුන්ඩි මගින් එවැන්නක් සිදු වෙන්නේ නෑ.

මෙය සැකසීම සඳහා කපු රෙදි ආදී සම්පූර්ණ කාබනික අමු ද්‍රව්‍ය යොදා ගන්නා අතර මෙම වියුහයට ශරීරය දමා වැලලිමෙන් පසු ඊට උඩින් වන ශාකය රෝපනය කරනු ලබනවා. වනාන්තරයකද වුවද කල හැකි අයුරින් මෙම නිශ්පාදකයින් නිපදවා තිබෙනවා. ශරීරය ස්භාවික ජීර්ණයේදී පසට එකතු වන පෝශක ක්රමයෙන් ශාකයට උරාගෙන ශාකය වර්ධනය වීමට සැලැස්වීම මෙහි යාන්ත්‍රනයි. නමුත් මිහිදන් කරන දේහයෙන් නිකුත් වන විස ගසට හානියක් නොවීමටත් අදාල නිශ්පාදකයන් සැළකිලිමත් වෙනවා.

ශාකයේ මූලික අවධියේදී වර්ධනය වීමට අවශ්ය පෝශක යහමින් ලැබෙන නිසා ශාකය නිසි අයුරින් වර්ධනය වෙනවා. කෙසේ නමුත් හරිත සංස්කෘතියකට ආදරය කරන මිනිසුන් විසින් මෙය වැලදගනීවි යැයි මෙහි නිර්මාපකයන්ගේ අදහසයි. ඒ වගේම ඔවුන්ගේ අදහස තරුණයන් අතර මරණය පිළිබඳ යම් අවබෝධයක් ඇති කිරීම බව ඔවුන් පවසා තියෙනවා.

මරණින් පසු අපට අපේ නමින් ගසක් වී ජීවත් වෙන්න පුළුවන්. ලෝකයට නැවුම් හුස්ම පොදක් අපේ නමින් ලබා දෙන්න පුළුවන්. අපේ පරිසරය දිනෙන් දින විනාශයට පත්වෙනවා. වනාන්තර දිනෙන් දින එළිවෙනවා.   මේ හේතු නිසා දිනෙක මුළු ලෝකයම විනාශ වෙලා යයි. ඉතින් අපේ ලෝකය බේරගන්න තියෙන, අපේ පරිසරය බේරගන්න තියෙන හොඳම ක්‍රියාවලියක් ලෙස මේ ක්‍රමය හඳුන්වන්න පුළුවන්.

මම ඉතින් ඔයාලට සරලව මේ පිළිබඳව අද කිව්වට මීට වඩා විශාල සංකීර්ණ ක්‍රියාවලියක් මේ නිර්මාණය ඇතුළේ සිද්ධ වෙනවා. තාමත් මෙය වෙළඳපොළට නිකුත් කරලා නම් නැහැ. හැබැයි මෑතකදීම ඒ සිදු වේවි. ඒව වගේම ලෝකය පුරාම ව්‍යාප්ත වේවි.

මරණින් මතු ගසක් ඒ ලෝකයට නැවුම් හුස්ම පොදක් දෙන්න වාසනාව අපිටත් හිමි වේවි කියලා අපි හිතමු. තව දෙයක් තියනවා අපේ ආදරණීයන්ට අපි ජීවත් වෙලා ඉන්න කාලේ අපිව රැකබලා ගත්තා වගේ ම මරණින් මතු අපේ නමින් තියෙන ගස ආදරයෙන් රැක බලා ගන්න පුළුවන්. සලකන්න පුළුවන්. වෙන් වීමේ දුක වේදනාව වෙනදා තරම් නොදැනේවි. අපේ ආදරණීයයන්ට අපි ජීවත් වෙලා ඉන්නවා වගේම දැනේවි ගසත් සමග කාලය ගත කරන කොට.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්