වසර 40 කට පසුව බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන  වැඩිම උද්ධමනයට  මුහුණ දීමට මේ දිනවල එරට වැසියන්ට සිදුව තිබේ.

ඒ එරට උද්ධමන අනුපාත අගය සියයට 9.4 (9.4%) දක්වා වර්ධනය වූ අවස්ථාවක් තුළයි.

මීට පෙර අවසන් වරට මෙතරම් ඉහළ උද්ධමන අගයක් සටහන්ව ඇත්තේ 1982 වර්ෂයේදි වන අතර, මේ දිනවල බ්‍රිතාන්‍ය මුහුණ දී සිටින ඉන්ධන මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑමත් සමග මෙම තත්වය හට ගෙන ඇත.

ඇතැම් ආර්ථික විද්‍යාඥයන් විසින් ගෝලීය ආර්ථික අර්බුදයක් පිළිබඳව අර්ථකතනය කරන අතරම, බ්‍රිතාන්‍ය බලධාරීන් කියා සිටින්නේ මෙම තත්වය තුළ ලබන මස වන විට බැංකු පොළී අනුපාතද ඉහළ යා හැකි බවයි.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්