
ලොව වැඩිම උද්ධමයක් සහිතව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින සිම්බාබ්වේ රජය විසින් සිය මුදල් ඒකකවල අඛණ්ඩව සිදුවන අගය පහළ වැටීම අවම කර ගැනීම සඳහා මේ මස (ජූලි ) අග සිට නව ව්‍යවහාරික මුදල් ඒකකයක් ලෙස රන් කාසි හඳුන්වා දීමට තීරණය කර ඇත.
ඒ අනුව එරට සංචි බැංකු අධිපති ජෝන් පී මෑන්ගුඩ්යා ( John P Mangudya ) කියා සිටින්නේ කැරට් 22 රත්තරන් ට්‍රෝයි අවුන්සයක් අඩංගු මෙම රන් කාසි ජූලි 25 සිට ලබා ගත හැකි බවයි.
එරට වාර්ෂික උද්ධමන අනුපාතය 190% ට වඩා ඉහළ යාම හේතුවෙන් මහ බැංකුවේ ප්‍රධාන පොලී අනුපාතිකය මේ මාසය තුළ 200% දක්වා දෙගුණයකටත් වඩා වර්ධනය වී ඇත.
ඒ අනුව මෙම නව රන් කාසි නිකුත් කිරීමත් සමග එරට රජය අපේක්ෂා කරන්නේ, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සිම්බාබ්වේ මුදල් ඒකයන්හි අගය යම් තාක් දුරකට හෝ ඉහළ යනු ඇති බවයි.