ඉන්දීය නළු ශාරුක් ඛාන්ගේ පුත්රයා වන ආර්යන් ඛාන් පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ දී ඉන්දීය මත්ද්රව්ය නාශක අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, මුම්බායි හිදී කෲසර් වර්ගයේ නෞකාවක කරන ලද වැටලීමක දී මත්ද්රව්ය ළඟ තබාගැනීමේ චෝදනා යටතේ යි.

එහිදී ආර්යන් ඛාන් සමඟ තවත් 14 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ට විරුද්ධව පිටු 6,000කින් සමන්විත චෝදනා පත්රයක් ද ගොනු කර තිබුණා.

සති 03කට ආසන්න කාලයක් සිරගතව සිටි ආර්යන් ඛාන් පසුව ඇප ලබා ගැනීමට සමත් වුණත් නඩු විභාගය දිගටම පවත්වාගෙන යෑමට කටයුතු කර ති⁣බු බවයි විදෙස් මාධ්ය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් ඉන්දීය මත්ද්රව්ය නාශක අංශයට ආර්යන් ඛාන් මත්ද්රව්ය ළඟ තබාගත් බවට ඔප්පු කිරීම සඳහා කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකි වී නැහැ.

පසුව එම අංශයේ ප්රධානියා විසින් අදාළ සිදුවීමේ මුලික විමර්ශනවල දී අක්රමිකතාවයන් සිදුව ඇති බවට අධිකරණය හමුවේ පිළිගෙන තිබුණා.

අධිකරණය විසින් පසුගිය මාර්තු මාසයේ දී අදාළ අංශයන් වෙත සාක්ෂි සහිතව චෝදනා පත්රයක් ගොනු කිරීමට මාස 02ක කාලයක් ලබා දී තිබුණ ද බලධාරීන්ට එය ඉදිරිපත් කිරීමට නොහැකිවූ නිසා ආර්යන් ඛාන්ව චෝදනාවලින් නිදහස් කිරීමට ඉන්දීය අධිකරණය කටයුතු කර තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්