
ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 75,000 ඉක්මවා ගොස් තිබේ.
ගත වූ පැය 24 තුළ එරටින් කොවිඩ් මරණ 1,172ක් වාර්තා වීමත් සමග සමස්ථක මරණ සංඛ්‍යාව 75,091ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දියාවේ දෛනික වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ද ගත වූ පැය 24 තුළ වාර්තා වී තිබේ. එම සංඛ්‍යාව 95,735ක් බව වාර්තා වේ.
මේ වන විට ඉන්දියාවේ සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,465,863ක් වන අතර ඉන් 3,471,783 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.