යුරෝපීය මහ බැංකුවේ හිටපු ප්‍රධානියා වන ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රාගි මහතා විසින් ඉතාලි ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇත.

මේ පිළිබඳව දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ අග්‍රාමාත්‍යවරයා විසින් එසේ සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කර ඇතත් ජනාධිපතිවරා එම ඉල්ලීම ප්‍රතික්ශේප කර ඇති බවයි.

කොවිඩ් වසංගතයෙන් සිදුවූ හානිය මෙන්ම, ඒ සමග මතුවූ ආර්ථික  අස්ථාවරත්වයෙන් රට ගොඩනැගීම සඳහා ඉතාලි ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා විසින් ඩ්‍රාගි මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ අතර, කෙසේ නමුත් සිය ඉල්ලා අස්වීම පිළිබඳව දක්වමින් ඩ්‍රාගි මහතා කියා සිටින්නේ, ඒකාබද්ධ රජය පවත්වාගෙන ගිය විශ්වාසනීය ගිවිසුම බිඳි ඇති බැවින් තමන් ඉල්ලා අස්වන බවයි.

කෙසේ වෙතත් දේශපාලන විශ්ලේෂකයන් ප්‍රකාශ කරන අන්දමට ඔහුගේ ඉල්ලා අස්වීම මෙතක් නිල වශයෙන්  පිළිගෙන නොමැති අතර, එළඹෙන බදාදා දිනයේදි ඔහුට පාර්ලිමේන්තුවේ ලැබෙන සහය අනුව, ඔහු තව දුරටත් ධූරයේ සිටිනවාද, ඉවත් වනවාද යන්න තීරණය කරනු ඇත. 

 

Source : BBC

 

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්