ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ වෙළඳසැලක සිදුවූ වෙඩි ප්‍රහාරයකින් තිදෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

ඊයේ (17) ග්‍රීන්වුඩ් පාර්ක් සාප්පු සංකීර්ණයට ඇතුළු වූ ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ 12 හැවිරිදි ගැහැනු දරුවෙකු හා වැඩිමහල් පුද්ගලයෙකුයි.

ඇමරිකාවෙන් වාර්තා වන ගිනි අවි යොදාගෙන සිදු කරන වෙඩි තැබීම් , මනුෂ්‍ය ඝාතන දිනෙන් දින ඉහළ යමින් පවතින අතර, මේ වන විට එරට ගිනි අවි සම්බන්ධයෙන් පවතින නීති රීතී සංශොධන කිරීම පිළිබඳව පාලකයන්ගේ අවධානය යොමුව ඇත.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්