අලිඑක්ස්ප්‍රස් එකෙන් ශොපින් කරලත් ඉවරයි වගේ

Ali-express අන්තර්ජාතික ඔන්ලයින් අලෙවිකරණ වෙබ් අඩවිය භාවිත කරන ඇතැම් ශ්‍රී ලාංකික ගැණුම්කරුවන්ගේ නොමනා, අවිධිමත් ක්‍රියාවන් හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව පිළිබඳව එහි විකුණුම්කරුවන්ගේ විශ්වාසය පළුදු වන ආකාරයේ තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වෙනවා.

ලාංකික මිළදීගන්නන් විසින් දිගින් දිගටම, තමා ඉල්ලුම් කළ භාණ්ඩ නොලැබුණු බව සඳහන් කර මුදල් ආපසු ලබාගැනීම නිසාත්, විශාල ලෙස වට්ටම් කූපන් යොදාගෙන කරනු ලබන ව්‍යාජ මිළදී ගැනීම් නිසාත් මෙම තත්වය ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ඉදිරියේදී Ali-express තුළ ශ්‍රී ලංකාව අසාධු ලේඛනගත වීමට (blacklist) හෝ සත්‍යාපනය කිරීමකින් (verify) පසුව භාණ්ඩ ඉල්ලුම් කිරීමට අවස්ථාව සැලසීමට බොහෝ දුරට ඉඩ පවතින බවද සමාජ මාධ්‍ය තුළ සඳහන්.

කොහොම වුණත් විශ්වාසවන්තව කටයුතු කරන ගැණුම්කරුවන්ට මෙයින් වෙන්නේ ලොකු පාඩුවක්. 

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්