
ලොව වඩාත් ජනප්‍රිය පානයන් අතර බියර් වඩා ඉහලින් තිබෙන පානයක් වෙයි. කෙසේ නමුත් බීර සැකසීම සඳහා ජලය විශාල වශයෙන් අවශ්‍ය වන අතර බියර්වල 90%ක ජල ප්රතිශතයකි. මේ සඳහා කදිම විසඳුමක් ලෙස මල මුත්‍රා සහිත අපජලය යොදාගෙන බියර් නිෂ්පාදනය කිරීම මේ වන විටත් අරඹා තිබේ.
-නිව්බ්රිව්-
එම බීර නිෂ්පාදන විසඳුම ලොවට හඳුන්වා දී තිබෙන්නේ ජල අර්බුදයකින් පීඩා විඳින සිංගප්පූරුවයි. NewBrew යන නාමයෙන් හඳුන් වන මෙම විශේෂ බියර් වර්ගය සඳහා යොදා ගන්නේ, සිංගප්පූරුවේ අපජලය යි.
ඒ අනුව පිරිපහදු කරන ලද අපජලය NEWater ලෙස නම් කර ඇත.
ඉමිහිරි රසයක් එම බීර පානයෙන් ලැබෙන බව පැවසෙන අතර මේ සඳහා විදෙස් වැසියන්ගේ විශාල ඉල්ලුමක් පවතින බව ද විදෙස් මාධ්‍ය වාර්තා පළකර තිබේ.
-බීර නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය –
කෙසේ නමුත් එම බීර නිෂ්පාදනයට අදාලව යොදා ගන්නා බාර්ලි, මෝල්ට් ඇතුළු අමුද්‍රව්‍ය උසස් තත්ත්වයේ ඒවා බවත් ඒවා ජර්මනියෙන් ආනයනය කරන බව සඳහන් . තවද ඒ සඳහා අවශ්‍ය විශේෂ ඊස්ට් වර්ගයක් නෝර්වේ රාජ්‍යයෙන් ආනයනය කෙරෙන බවද පැවසෙයි
.
ජල අර්බුදයකට මුහුණ පා සිටින සිංගප්පූරුව වසර ගණනාවක සිට ඔවුන්ගේ ජල අවශ්‍යතා සපුරා ගනිමින් සිටින්නේ පිරිපහදු ජලයෙනි.