ක්‍රිෂ්ණ කුමාර් කුන්නත් හෙවත් 53 හැවිරිදි බොලිවුඩ් ගායක කේ.කේ දැන් මෙලොව නැත.

කේ.කේ මැයි 31 වන දින කොල්කටාහිදී මිය ගියේය. ඔහු සජීවී සංදර්ශනයක රඟපාමින් සිටි අතර රෝගී වූ බවටත් එම ප්‍රසංගයෙන් පසු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී රෝහලට ගෙන යන විටත් ඔහු මිය ගිය බවත් වෛද්‍යවරු ප්‍රකාශ කර තිබේ.

 

මූලික පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව දරුණු හෘදයාබාධයක් හේතුවෙන් කේ.කේ. මියගියේය. කෙසේ වෙතත් කේ.කේ ගේ හදිසි මරණයෙන් පසු කොල්කටා පොලිසිය අසාමාන්‍ය මරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත . මාධ්‍ය වාර්තා කියා සිටියේ කේකේගේ මුහුණේ සහ හිසේ තැලීම් ඇති බවය. පොලිසිය හෝටල් සේවකයන්ගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කර තිබේ.

කේ.කේ රෝහලට ගෙන යාමට පෙර මිය ගියේය.රෝහල ආරංචි මාර්ග වලට අනුව කේ.කේ රෝහලට ගෙන එන විට කිසිදු චලනයක් දක්නට නොලැබුණි. ඔහුගේ හද ගැස්ම අක්‍රිය විය. කේකේගේ මරණයට පෙර කේ.කේ රෝහලට යමින් සිටියදී ඔහු රියදුරුට මෝටර් රථයේ ඒසී ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිබවද වාර්තාවී ඇත. කේ.කේ එසේ කියද්දී AC එක ක්‍රියාත්මක බව රියදුරු පිළිතුරු දුන්නේය. ඔහුගේ අතේ සහ පාදයේ මාංශ පේශිවල වේදනාවක් ඇති බව කියා තිබේ.

ප්‍රසංගය පැවැත්වූ ශ්‍රවණාගාරයේ නිලෝෆර් හුසේන්, කෙකේ මියයාමෙන් පසු සමාජ මාධ්‍ය යෙහි දිගු සටහනක් බෙදා ගත්තේය. ඔහු ලිව්වේ Nazrul Manch නමැති ප්‍රසංග ස්ථානයේ ඒසී ක්‍රියා නොකළ බවයි. මේකත් කලින් දවසේ කේ.කේ පර්ෆෝමන්ස් එකක් දුන්න තැනමයි. හොඳටම දාඩිය දාලා හිටපු නිසා ඒසී එක ගැනත් ඔහු බැන්නා. නිලෝෆර් දන්වා තිබේ.

“පළමුව මෙය විවෘත ශ්‍රවණාගාරයක් නොවන බව කිව යුතුය. සංවිධායකයින් මුදල් සම්බන්ධයෙන් හා මෙය පැවැත්වීමේදී ඔවුන්ගේ සූදානම ගැන සැලකිලිමත් විය යුතුය. ඔබ ප්‍රසංගයේ වීඩියෝ හොඳින් නරඹන විට, කේ.කේ අධික ලෙස දහඩිය දැමූ බවත් ඔහු නිතර පිසදමන බවත් ඔබට වැටහෙනු ඇත. ඒසී එක ඔන් කරලා ලයිට් ටිකක් ඕෆ් කරන්න කියලා ඉල්ලුවා. අධික උෂ්ණත්වය ඔහුගේ මරණයට හේතු වූ බව මට විශ්වාසය. මිනිස්සු ප්‍රේක්ෂකාගාරයේ දොරවල් කැඩුවා. පාස් නැතුවත් මිනිස්සු ආවා. කළමනාකාරීත්වය කළේ කුමක්ද? ආරක්‍ෂක අංශ මොනවද කළේ?
මොහොතකට සිතන්න, හෘදයාබාධය සාමාන්‍ය දෙයක් නොවේ. මම කම්පනයට පත්ව සිටිමි.” ඔහු ලියා තිබේ.

ප්‍රසංගයෙන් පසු කේ.කේ ගේ සෞඛ්‍ය තත්වය නරක අතට හැරුණි. පසුව ඔහු මියගිය බව ප්‍රකාශ විය. සමහර වීඩියෝ සමාජ මාධ්‍යවල පැතිර ගියේ ඔහු ඉදිරිපත්කිරීම් අතරතුර අපහසුතාවයට පත්ව සිටි බැවිණි. එක වීඩියෝවක කේ.කේ ව අතින් අල්ලලා සමහර අය එලියට ගන්නා හැටිද දැක්වේ.

කේ.කේ ගේ මූලික පශ්චාත් මරණ පරීක්ෂණය ජුනි 1 වන දින කොල්කටාහිදී පැවැත්විණි. පසුව පවුලේ අය ඔහුගේ දේහය AI 773 ගුවන් යානයකින් මුම්බායි වෙත ගෙන එන ලදී.

කේ.කේ ගේ දේහය මුම්බායි ගුවන් තොටුපළේ සිට අන්දේරි හි පිහිටි ඔහුගේ නිවස වෙත ගෙන යන ලදී. සංගීත ක්ෂේත්‍රයේ රසික රසිකාවියන් විශාල පිරිසක් මෙහි පැමිණියා.

කේ.කේ ගේ දේහය පාර්ක් ප්ලාසා හි තැන්පත් කර ඇත. අනතුරුව වර්සෝවා හි හින්දු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.
හෘදයාබාධයකින් මරණය සිදුවූ බවට තීන්දු කර ඇතත් පොලිසිය ඒ හා සම්බන්ධ පුළුල් පරික්ෂණයක් දැනටමත් අරඹා තිබේ.

 

https://bit.ly/3mpgKBD

කේ කේ ඇදවැටී මරුට

මෙන්න බලන්න තවත් පුවත්