තරුණ ජීවිත ගුලියකින් විනාශ වෙයිද? හේතුව රටේ ප්‍රශ්නද?

මත්කාරක ගුලි වර්ග වෙත තරුණ පිරිස් යොමු වීමේ වැඩි නැඹුරුතාවක් දක්නට ලැබෙන බව මානසික සෞඛ්‍ය පදනම පවසනවා. එහි සභාපති ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥාණදාස පෙරේරා සඳහන් කළේ මෑතකාලයේ රටතුළ ඇතිවී ඇති උද්ධමනය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.

මෙලෙස මත්කාරක ගුලි වර්ග භාවිතය හරහා මානසික විකෘතීන් සහිත ප්‍රජාවක් බිහිවීමේ වැඩි ප්‍රවණතාවක් ඇතිවිය හැකි බවයි

මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම සිදුකරන පුද්ගලයෙකු ලෙස තමන් මෙමගින් සමාජයට සිදුවන අනිසි ප්‍රතිපලවල අත්දැකීම් ලබාඇති බව ද මහාචාර්ය ඥාණදාස පෙරේරා වැඩිදුරටත් සඳහන් කළා.

කේසේ වුනත් මේ වෙන්නේ හොඳ දේවල් නම් නෙවෙයි. රටේ අනාගතය තරුණයන්. ඔවුන් මෙලෙස යම් යම් උගුල් වලට පෙළබුනොත් කුමක් සිදුවෙයිද? මේ මොහොතේ වැඩිහිටියන් වගකීමෙන් කටයුතු කළ යුතුයි.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්