සිකුරු ග්‍රහයා මත ජීවය පැවතීමේ සම්භාවිතාවක් පවතින බව ජාත්‍යන්තර තාරකා විද්‍යාඥයින් කණ්ඩයමක් පවසයි.

ඔවුන් මෙම තීන්දුවට පැමිණ ඇත්තේ ග්‍රහයාගේ වායුගෝලයෙන් පොස්පයින් නම් වායු සංඝටකයක් හඳුනාගැනීමෙන් අනතුරුවය.

පෘථිවියෙන් එපිට ජීවයක් පවතින්නේදැයි සොයා මිනිසා විසින් වසර ගණනාවක් තිස්සේ මහත් වෙහෙසක් දරමින් සිටී.

මේ සම්බන්ධයෙන් සිදුකළ තවත් පර්යේෂණයකින් වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්පත්කරගැනීමට බටහිර විද්‍යාඥයින් පිරිසක් පසුගියදා සමත්විය.

ඒ බොහෝදුරට ප්‍රමාණයෙන් පෘථිවියට සමාන ග්‍රහයෙකු මෙන්ම සෞරග්‍රහ මණ්ඩලයේ දෙවැනි ග්‍රහයා වන සිකුරු ග්‍රහයා මත ජීවය පැවතිය හැකි බවට යම් සාක්ෂි හඳුනාගැනීමත් සමගිනි.

සිකුරුගේ වළාකුළු/වායුගෝලයේ තිබී හඳනාගෙන ඇත්තේ පොස්පයින් නම් වායුවකි.

විද්‍යාඥයින් පවසන්නේ එය ක්ෂුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් හටගත් වායුවක් බවය.

කෙසේ නමුත් සිකුරු මත කිසිදු ජීවයක් පවතින බවට නිශ්චිත සාධක ඔවුන්ට මෙතෙක් හමුවී නැත.

මීට පෙරද සිකුරු මත ජීවය පවතින්නේදැයි විවිධ පර්යේෂණ සිදුකෙරුණි.

කෙසේ නමුත් පසුව ප්‍රකාශ කෙරුණේ එහි වායුගෝලයෙන් සියයට 90ක්ම සල්ෆීයුරික් වායූවවීම හේතුවෙන් ඒ මත කිසිඳු පෘථිවියේ ජීවියෙකුට පැවතිය නොහැකි බවය.

මේ හේතුවෙන් යම් හෙයකින් එහි කිසිදු ජීවයක් පවතී නම් එය හුදෙක්ම පිටසක්වල ජීවයක් විය හැකි බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.

මෙන්න බලන්න තවත් පුවත්