සෑම නිවසකම තිබිය යුතු මහා ඖෂධ පැලයේ අසීමිත ගුණ

මීට වසර  4000 ට පමණ පෙර සිටම දෙවියන් විසින් මිනිසුන් ට දුන් දිව්‍ය ගුණ ඇති ආයුෂ වඩන මුරුංගා ගහක් ගෙදර නැත්නම් අපි හරි අවාසනාවන්ත මිනිස්සු.

ඉස්සන්ගේ කකුලුවන්ගේ මාලුවට විස මැකෙන්න විතරක් මුරුංගා කොල දාපු ආතක්පාතක් නැති මිනිස්සු ටිකක් අපි. සෑම නිවසකම තිබිය යුතු මහා ඖෂධ පැලයේ අසීමිත ගුණ

දැනවත් හිටවන්න ගෙදර වැටට මුරුංගා පැලයක්. හිටවලා නැත්තම් මේ ලිපියෙන් පස්සේ අනිවාර්යේන්ම ඔයා ගෙදර මුරුංගා පැලයක් හිටවයි දෙපාරක් අහන්නෙ නැතුවම.

මුරුංගා

මුරුංගා කොළ වල ඇති විශ්මිත ගුණ

මුරුංගා කොළ කියන්නේ වසර දහස් ගණනක් තිස්සේ එහි සෞඛ්‍ය ප්‍රතිලාභ වෙනුවෙන් ප්‍රශංසාවට ලක් වූ ශාකයක්. ඖෂධ සෑදීම සඳහා ඒවායේ කොළ, පොතු, මල්, බීජ සහ මූල භාවිතයට ගන්නවා. මුරුංගා කොළවල පෝෂණ සාන්ද්‍රණය ඉතා වැඩියි. ඒ වගේම ශරීරයේ විෂ ඉවත් කිරීමේ හැකියාවද මුරුංගා කොළ වල පවතිනවා. මුරුංගා කොළ මගින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ගැන මේ ලිපියෙන් කියලා දෙනවා. මුරුංගා ගස උතුරු ඉන්දියාව නිජබිම කරගත් තරමක් විශාලව හැදෙන ගසක්. මුරුංග‍ා එළවළුවක් ලෙසත් නම් කරනවා. මුරුංගා පෝෂණ ගුණ රාශියකින් සමන්විත ඖෂධීය වටිනාකමක් ගෙන දෙන ශාකයක්. මුරුංගා කරල් මෙන්ම පත්‍ර ද ආහාරයට ගැනීමෙන් පෝෂණ ගුණ නොඅඩුව ලබාගත ගන්න පුළුවන්.

මුරුංගා පත්‍ර වල අඩංගු පෝෂණ ප්‍රමාණය දිනකට නිර්දේශිත මාත්‍රාව

  • ප්‍රෝටීන් 2g
  • විටමින් බී 6 19%
  • විටමින් සී 12%
  • යකඩ 11%
  • විටමින් A 9%
  • මැග්නීසියම් 8%

තේරෙන විදිහට මුරුංගා වල ගුණ මම මෙහෙම කියන්නම්කො.

  1. යෝගට් මෙන් 9 ගුණයක් ප්‍රෝටීන්
  2. කැරට් වල මෙන් 10 ගුණයක් විටමින් A
  3. කෙසෙල් වල මෙන් 15 ගුණයක් පොටෑසියම්
  4. කිරි වල මෙන් 17 ගුණයක් කැලිසියම්
  5. දොඬම් වල මෙන් 12 ගුණයක් විටමින් C
  6. නිවිති වලට වඩා 25 ගුණයක් යකඩ
  7. බිත්තර වලට වඩා 4 ගුණයක් ප්‍රෝටීන්
  8. මුරැංගා කොල යුෂ කෝප්පයක කිරි කෝප්ප 80 ක ගුණයක් තියෙනවා

ඔයා දන්නවාද, බටහිර රටවල මුරුංගා කොළ වියළා කුඩු කර හෝ කැප්සියුල ආකාරයෙන් නිෂ්පාදනය කර වෙළඳපොලට ඉදිරිපත් කරනවා. ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් මුරුංගා කොළ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පොහොසත්. එහි අඩංගු බීටා කැරොටින්, විටමින් C හා විටමින් E ප්‍රධාන ප්‍රති ඔක්සිකාරක විටමින් ලෙස සැළකෙනවා. ප්‍රතිඔක්සිකාරක ස්වභාවිකව එළවළු හා පළතුරු වල බහුලව තිබෙනවා.

මුරුංගා කොළ වල ප්‍රතිඔක්සිකාරක ශාක සංයෝග කිහිපයක් සොයාගෙන තිබෙනවා. මුරුංගා වල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක නිසා රුධිර පීඩනය අඩු කිරීමට හැකි වන අතර ආහාර ගැනීමෙන් පසු රුධිරයේ සීනි මට්ටම මධ්‍යස්ථ කිරීමට උපකාරී වෙනවා. මුරුංගා කොළ සාරය ආහාර කල් තබා ගන්නා ද්‍රව්‍යයක් ලෙසද භාවිතා කළ හැකියි.

දැවිල්ල කියන්නේ ආසාදන හෝ තුවාල වලට දක්වන ස්වාභාවික ප්‍රතිචාරයයි. දිගින් දිගටම පවත්නා දැවිල්ල, හෘද රෝග හා පිළිකා ඇතුළු බොහෝ නිදන්ගත රෝග සඳහා මුරුංගා විසඳුමක්. කොලෙස්ටරෝල් අඩු කරන්නත් පුළුවන්. මුරුංගා කොළ මගින් අධික කොලෙස්ටරෝල් නිසා ඇති වන හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරනවා. මුරුංගා කොළ ඇස් වලට නිරෝගී බව ගෙන දෙන අතර සමෙහි සහ අස්ථි වලට නිරෝගී බව මෙන්ම සිරුරේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියට ද දායක වෙනවා.

හිතන්න ඔයාට තදබල හිසරදයක් ඇත්නම් මුරුංගා මුල් වලින් යුෂ ලබාගෙන ජලයත් සමග කවලම් කර පානය කරන්න. ඔයාට තිබුණ හිස රදය අතුරුදන් වෙනවා මේ ඖශධයෙන්.

අපේ තරුණියක් කැමතිනෙ ලස්සනට ඉන්න. ඉතින් මේ මුරුංගා ඒකටත් දායක වෙනවා. මුරුංගා ආහාරයට ගැනීම මගින් සමේ ඇතිවන කුරුලෑ සහ වෙනත් ආසාදනයන් සුව කර ගනිමින් රුධිරය පිරිසිදු කර ගන්නට පුළුවන්. මුරුංගා එක්කර සුප් පානයක් සකස් කර පානය කරන්න. එමෙන්ම මුරුංගා යුෂ මුහුණේ ඇතිවන කුරුලෑ මත ආලේප කරන්න. මුරුංගා සතුව ඇති ප්‍රතිජීවක බලය මගින් මෙවන් ආසාදනයන් සුවපත් කර ගන්නට පුළුවන්.

මම හිතනවා ඔයා අදම මුරුංගා පැලයක් හිටවයි කියලා. මහා ඖෂධ ගුණ ඇති මුරුංගා වල වටිනාකම තේරුණා නේද යාළුවනේ.

http://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්