සංජානා ඔනාලි ගමරච්චි කියන්නේ ඔයලාඅ ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක් කියලා අපි දන්නවා. ඒක නිසාම තමයි ඇයගේ අලුත් විස්තරයක් දැනගත් ගමන්ම ඔයාලාව දැනුවත් කරන්නේ. දැනටමත් රටම දන්නා දෙයක් තමයි සුරූපී සංජානා විවහා වුනා කියලා. පෙම්වතෙක් ඉන්නවදවත් කියල කාටවත් අඟවන්නේ වත් නැතුව ඉඳලා පහුගිය දවසක ඔහු එක්ක සිංගප්පුරුවේදී කරපු ෆොටෝ ස්හුට් එකක් සමාජ මාධ්‍යට දාලා තිබුනා.

පෙම්වතා විසින් සංජානාව සප්‍රයිස් කරලා විවාහ යෝජනාවක් කළා. ඊටපස්සේ හැමෝම බලාගෙන හිටියේ මේ දෙන්නාගේ විවහා උත්සවය තියෙන්නේ කවදද කියලා. එහෙම බලාගෙන ඉද්දි ඊයේ දිනයේ සංජානා විවහා වෙලා තිබුනා. රංගන ශිල්පිනියක් විදියට බොහොමයක් දෙනා කළා තරු රැසක්ම පිරිවරාගෙන පාර්ටි ගත්තාත් සංජානා මෙවර එතරම් ලොකු උත්සවයක් අරගෙන තිබුනේ නැහැ, හැබැයි ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුනා.

 

ඇයගේ මෙම සුභම සුභ ආරංචිය දැනගත්ත ගමන්ම සංජානාට ආදරේ කරන ප්‍රේක්ෂකයින් රසික රසිකාවියන් හැමෝම එකතුවෙලා සුභාපතුවා. නමුත් මේකෙන් දුකට පත්වෙලා සිටින කට්ටියකුත් ඉන්නවා. සන්ජායා සිහින කුමරියක් කරගෙන හිතින් ආදරේ කරපු තරුණයින්ට නම් මේක එච්චර සුභ ආරංචියක් වෙනෙකක් නැහැනේ. සංජානා කියන විදියට රසිකයින්ගේනුත් ඕනතරම් ආදර යෝජනා ලැබෙනවාලු. නමුත් ඒවාට උත්තර දෙන්න යන්නේ නැහැ කියලයි ඇය පැවසුවේ. කොහොම වුනත් සංජානාගේ ආදරේ බලාපොරොත්තුවෙන් සිහින මවමින් සිටි තරුණයින් ටිකක් දුකෙන් ඉන්නවා කියලයි ආරංචි උනේ.

ටික කාලෙකට කලින් BMW කෙල්ල කියලත් ඇයට කිව්වා ඔබට මතක ඇතිනේ. දෙරණ චැම්පියන් ස්ටාර් වැඩසටනහට සහබාගි වුන අවස්ථාවේ පේෂලත් එක්ක කරපු කතාබහකදී තමයි මේ ගොසිප් එක ජනප්‍රිය වුනේ. සංජානා කියන විදියට මොනතරම් ගොසිප් හැදුනත් ඒවාට බයවෙන්නේ නැහැලු. ඒවගේ දේවල් හේතුවෙන් තමන්ගේ ප්‍රසිද්දිය තවත් වැඩිවෙනවා කියලයි ඇය පවසන්නේ. කවුරු මොනවා කිව්වත් තමන්ගේ ගමන හොඳින් යන්නත් අනාගතේ තවත් හොඳ නිර්මාණ වලට දායක වෙලා සාර්ථක ගමනක් යන්නත් ඇය බලා පොරොත්තුවෙන් සිටිනවා. ඇයගේ සියලු පැතුම් ඉටුවෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රර්ථනා කරනවා.

මෙන්න බලන්න තවත් පුවත්