සංගීත් විජේසූරිය ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ ඉතාමත් ජනාදරයට පත්ව සිටින කලාකරුවෙකි.

පසුගියදා ඔහු සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් පිලිබද මේ දිනවල බොහෝ දෙනා අතර දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

එහි සුවිශේෂ අවස්ථාවන් කිහිපයක් මෙලෙස ගෙන හැර දැක්වීමට අප දැන් සූදානම්,

ආයුබෝවන්…

“මේ දවස් වල තෙල් නැති හින්ද show එහෙමත් නෑ. ඇත්තටම යන එන මං නැති වෙනවා කියන්නේ.ඒ වගේ තමයි.
පළමුවෙන්ම පාස්කු ප්‍රහාරය. ඒකෙන් තමයි මුලින්ම ගොඩක් අපි කඩා වැටුනේ. ඊට පස්සේ කොරෝනා ආවා. රටේ පාලකයන්ගේ තියෙන නොහැකියාව නිසා ගොඩක් අපි දුක් විදින්නේ . ෂෝ එකට යන්න විදියක් නෑ. පුදුම වැඩක් වුණේ ඇත්තටම. මේක wayo අපිට විතරක් නෙමේ මුලු industry එකටම බලපාල තියෙන දෙයක්. අර අගමැති යැයි යන ජනපති යැයි කියන කෙනා බල්නනකො පාර්ලිමේන්තුවේ හිනා වෙවී ඉන්න විදිය. එයාලා ජෝක් කරකර ඉන්නව. එයාලට සෙන්ස් එකක් ඇත්තෙම නෑ . අපේ මිනිස්සුගෙන් හොරාකාලා හොරාකාලා උන් එයාලගේ සෙන්ස් නැතුවම ගිහින් තියෙන්නෙ.

එයාලගේ දකුණු පැත්තෙ මොලේ වර්ධනය වෙලා නම් මිනිස්සුන්ට ඔයිට වඩා ආදරයක් තියෙන්න ඕන. ඒක තමයි මගේ විග්‍රහය. මේකෙ තියෙන ආයෙ අපිට අමතක පරීක්ෂණ කර කර බලන්න දෙයක් නෑ හැබැයි ඡන්දෙ කාලෙට මුන් band දාගෙන artisla ලංකරගෙන හුරේ දාලා එනවා.

පොහොට්ටුව කියන්නේ තනිකරම මේ රට සුරං කාපු උන් ඉන්න තැනක්. පොහොට්ටුව විතරක් නෙමෙයි සජබෙ. රටක්කාපු දේශපාලනඥයන්ට කොහොමද ප්‍රශස්ති ගායනා කරන්නේ කලාකරුවො. කලාකරුවො මිනිස්සුත් එක්ක ඉන්න ඕන කට්ටියක්. මිනිසුන් ගෙන් තමයි කලාකරුවො ජීවත් වෙන්නේ.

මම දේශපාලකයෝගේ පස්සෙන් ගිහිල්ලා සින්දු හද හද ජීවත් වෙලා ඉන්න කෙනෙක් නෙමෙයි. මිනිස්සුන්ගේ පැත්තෙ අපි ඉන්න ඕනේ. මිනිස්සු තමයි අපිව ජීවත් කරවන්නේ. කෝටි ගානක් ද දුන්නත් මම නං දේශපාලනඥයින්ට සිංදු හදන්නේ නෑ . ඇත්තටම මම සල්ලි වලට ඇඹරෙන්නේ නෑ. ඒක මම හරි ආඩම්බරයෙන් ඒක කියන්නේ.

මම ඇත්තටම චැනල් වලට යන්නෙත් නෑ .දේශපාලනඥයන්ට එක්ක එකතු වෙලා මේ රට විනාශ කරපු උන්ගේ පළවෙනි උන් තමයි channel. කෝ අද මිනිසුන් වෙනුවෙන් කතා කරන්න චැනල් එකක්. එහෙම චනල් එකක් නෑ. මුන් සේරම රාජපක්ෂලාගේ channel තියෙන්නේ. මේක හෙන ඛේදවාචකයක්.

බුදු දහම පිළිබඳ ඇති විශ්වාසය

බුදු දහමත් එක්ක ඉන්න නිසා තමයි මෙහෙම බය නැතුව කතා කරන්නේ. බුදු දහම තුළ ම තමයි අපි කතෝලික මුස්ලිම් අයට ආදරය කරන්නේ. උත්පත්තියෙන්ම හැමෝම මිනිස්සු හැබැයි පවුලේ පවුලෙන් තමයි මේ දෙය කතෝලික ද බුදුදහමට කියන එක එන්නේ . ශ්‍රී ලංකාව buddhist country එකක් කියලනේ කියන්නේ. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේල සංඝරත්නය කියන්නේ වෙනම කට්ටියක්. රාජපක්ෂලා පස්සෙන් යන වෙනම සෙට් එකක් ඉන්නවා . මිනිස්සුන්ට ශද්ධාව ඇති වෙන්න නේ සංඝයාවහන්සේලා සංඝ කියන දේ රකින්න ඕන.

ඇත්තටම මේ ඉන්නේ මිථ්‍යාදෘෂ්ටික සෙට් එකක් රටට කෙළ වෙලා තියෙන්නෙ ඒකයි. රුවන්වැලිසෑය ලග දිවුරුම් දීලා ඥාන ද කවුද කියලා ඉන්නේ එතැනට යන්නේ. රතු නූල දාන්න. දෙයියො අදහන කට්ටියක් ඉන්නේ. මේ රට කෙළි වෙලා තියෙන්නෙ ඒකයි.

කතාවක් තියනවා අමන ජනයා කිසිවිටෙක පාදඩ දේශපාලකයාට විරුද්ධ වන්නේ නැත කියලා. ඇත්තටම අපි උත්සහ කරන්න ඕනේ මේ අමනකම කඩාගන්න . මිනිසුන්ගේ චින්තනය වෙනස් කරන්න. පවුල් පස්සෙන් යන එක පක්ෂ පස්සේ යන එක. මේ ටික කඩා ගන්න ඕනේ. එහෙම වුනොත් තමයි මේ රටට දියුණු වෙන්න පුළුවන් . පාලකයා වෙනස් කරන්න ජනතාව වෙනස් වෙලා ඉන්න ඕන. අපි පවා වෙනස් වෙන්න ඕනේ.

මම මිනිසුන් ගෙන් ඉල්ලා සිටිනවා පොලිසියයි හමුදාවයි එක්ක තරහ වෙන්න එපා . මේකට හේතුව මේක ආණ්ඩුවේ ගේමක්. 88 / 89 වගේ මේ ගුණ්ඩු වලට අහු වෙන්න එපා. බලන්න මිනිස්සු දැන් කී දෙනෙක් මැරුණා ද ? මුන්ට ඒත් ගානක් නෑ. මෙයාලා හිරි වැටිච්ච එවුන් වගයක්. අපේ මිනිස්සු පුදුම විදියට ඉවසන්නේ .

දැන් මෙයාලා කියනවා බයිසිකල් පදින එක ඇඟට හොඳයි කියලා. මෙයාල තව ඉස්සරහට කියයිද දන්නේ නෑ කන්න නැති එකේ තණකොළ කන්න සෙට් වෙන්න වගේ එකක් . ඒ වගේ රැලැක් මේ ඉන්නේ.

turning point එක

මගේ turning point එක ගැන කතා කරන්න මගේ තියෙන්නේ මැප් එකක්. මැප් එකක් කියන්නේ අපි ගමන් කරන්න සංධිස්ථාන. යායුතු සංධිස්ථාන. ඒ ටිකට යමින් ඉන්නවා. ඒ සන්ධිස්ථානය පසු කරහම ඒක ටර්නින් පොයින්ට් එකක් වෙන්න පුලුවන්. නමුත් මට ඒක turning point එකක් නෙමෙයි. ඒකට උත්තරයක් දෙනවනම් මේ wayo කියන පිරිස මට හම්බෙච්ච එක, අපි කරන මියුසික් , ඒක මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක්. ඇත්තටම මට දැන් මැරුණත් කමක් නෑ කියලා හැඟීමක් දැනෙනවා. ඒකයි මේ බය නැතුව කතා කරන්නේ.

දේශපාලනය

අපේ විෂය නෙමෙයි දේශපාලනය. අපිට වැඩිය දක්ෂ මිනිස්සු ඉන්නවා දේශපාලනයට යන්න. දේශපාලනයට දැනුමක් තියෙන්න ඕනේ. හැබැයි මෙයාල මේ කරන විදිය කරන්න නම් දැනුමක් ඕන නෑ.

මිනිස්සුන්ට ආදරය කරන්න ඕනේ. එතැනට ගියාට පස්සේ මමත්වය කියන දේ එලියට ආවොත් මිනිස්සුන්ට සේවය කරන්න බෑ. මිනිස්සු අතරේ දියවෙන මිනිහෙක් වෙන්න ඕනේ. මිනිස්සුන්ගේ දුක දැනෙන රට ගොඩ දානවා කියන අධිෂ්ඨානයෙන් ඉන්න කෙනෙක් වෙන්න ඕනේ.

බුදුන් වැඩිය රට විකුණන පරයෝ
සුදු ඇදගෙන පන්සලටත් එනවෝ
මිනිස්සුන්ව සූරන්කන පරයෝ
අපෙ හාමුදුරුවන්ට තේරෙන්නේ නෑ අයියෝ

රටට ආදරය කරන මෙවැනි කලාකරුවන්ගේ හැගීම්, අදහස් සමස්ත ලාංකීය ජනතාවටම මනා ආදර්ශයක් වනවා නොඅනුමානයි.

link –
https://www.youtube.com/watch?v=Ax0AYcXs6rc

මෙන්න බලන්න තවත් පුවත්