නාඩගම්කාරයෝ ටෙලි නාට්ය මේ දිනවල අතිශය ජනප්රිය ටෙලි නාට්යයකි. කෙසේ නමුත් එය රූගත කරන මීතිරගල ගම්මානයට හිමි වන්නේ ටෙලි නාට්ය තරම්ම ප්රසිද්ධත්වයක්.

කෙසේ නමුත් නාට්ය නිසාම ලැබුණු ප්රසිද්ධියත් ගම්මානයේ තිබෙන සුන්දරත්වයත් නිසාම එහි රූගත කිරීම් කරන ස්ථානය දැක බලා ගැනීමට බොහෝ දෙනා දැක් වූයේ දැඩි කැමැත්තක්.

මේ හේතුව නිසාම සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ මීතිරිගල දේශීය ටෙලි නාට්ය ප්රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගියා. මේ හේතුව නිසාම මේ වන විට නාඩගම්කාරයෝ ටෙලි නාට්ය රූගත කිරීම් කරන ස්ථාන දැඩි ලෙස අපවිත්ර කර ඇති බව කරඬුතැන්නේ සරා චරිතයට පණ පොවන සජිත ඇන්තනී පවසනවා.

මේ හේතුවෙන් තම කණ්ඩායම මහත් අපහසුතාවයට මුහුණ දී ඇති බවත්. නාට්ය බැලීමට පැමිණෙන පිරිස් තම වාඩියේ වහලය මත ඔවුන්ගේ නම් කොටා ඇති බවත්, ඊට අමතරව එම ස්ථානය අවට බියර් පානය කර කැළිකසළ දමා ගොස් ඇති බවත් සජිත ඇන්තනී ප්රකාශ කළා.

ඔහු ප්රේක්ශකයන්ගෙන් සහ එම ස්ථානය බැලීමට පැමිණෙන පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටින්නේ එසේ නොකරන ලෙසයි.

” හායි කට්ටිය.. අද මේ පොඩි වීඩියෝ සටහනක් තියන්න ඕන කියලා හිතුවා. පොඩි කාරණාවක් කියන්න, මේ වෙනකොට නාඩගම්කාරයෝ ටෙලි නාට්යට සම්බන්ධවෙලා ඉන්න අපි කට්ටියට බොහෝම විශිෂ්ට ප්රතිචාරයක් ලැබෙනවා ඔයාලගෙන්. ප්රථමයෙන්ම එම ප්රතිචාරයට බොහොමත්ම ස්තුතියි කියනවා.

ඉතින් එහෙම ආදරේ ලබන්න අපි හරි වාසනාවන්තයි. හැබැයි මේ පුංචි කාරණාව පුලුවන්නම් හිතට ගන්න. දැන් මං මේ ඉන්නේ වාඩියේ. අපි වාඩියට එනකොට සාමාන්යයෙන් රූගත කිරීමක් කියන එකක් කරන්න අපි විශාල ශ්රමයක් දරනවා. එක ඇතුලේ අපි මේ පරිසරය පරිස්සම් කරන්න ඕනේ කියන එක කිසිම විදිහකට අමතක කරන්නේ නැහැ.

අපේ මේ කණ්ඩායම නිසා පරිසරය අපවිත්ර වෙන්න බැහැ කියන එක කාරණාත් එක්ක තමයි අපි අපේ ශ්රමය මෙහෙයවන්නේ. හැබැයි අද අපි මේ වාඩියට එනකොට දැකපු දර්ශනය දුක හිතෙනවා. බලන්න මේ වැඩිය වහලවල් උඩ මෙතනට ආපු පිරිස් විවිධ දේවල් ලියල සම්පූර්ණයෙන්ම මේක විනාශ කරලා තියෙනවා. ඒ වගේම මේ වාඩියේ ලෑලි ගලවලා. ඒ වගේම ඒගොල්ලො පානය කරපු බියර් කෑන් ආදිය මේ හැමතැනම තිබුණා.

අපි දැන් ඒ හැමදෙයක්ම අස් කරල එක තැනකට ගොඩගහලා තියනවා. මේ ඇවිල්ල එක දවසක ඒවා විතරයි. ඉතින් හැමදාම මෙතනට එනකොට මේ හැමතැනම අපවිත්ර කරලා. අපේ කණ්ඩායමට ෂූටිං ඔන් කරන්න කලින් ඔක්කොම අස් කරලා තමයි ෂූටිං ඔන් කරන්න වෙන්නේ. ඊට පස්සේ සරාලා නාන ගඟ ලඟට ගියාම එතන බෝතල් කුඩු කරල දාල. ඉතිං ඒක නිසා මම මගේ ආදරණීය ප්රේක්ෂකයන්ගෙන් ඉතාම ආදරයෙන් ඉල්ලනවා ඔයාලගෙ ආදරේ කියන එක ලබන්නත් දෙන්නත්, ඒක පුදුම වාසනාවන්ත දෙයක්.

හැබැයි ඒ ආදරේ නාමයෙන් පුළුවන්නම් මේ පරිසරය විනාශ වෙන එක නවත්තන්න. අපිට සහයෝගය දෙන්න. අපේ නාට්ය රූගත කිරීම් කරන ස්ථාන වලට එනවනම්, ඒක බලන්න අපිට එන්න එපා කියන්න බැහැ. ඒක ඔබේ අයිතියක්. නමුත් පරිස්සමට. කිසිම විදිහක පරිසරය අපවිත්ර වෙන්නේ නැති විදිහට හැසිරෙන්න බලන්න. එහෙම උනොත් ඔබටත් මටත් ගොඩක් ආදරෙන් අපේ ආදරේ බෙදාගන්න පුළුවන්.

ඒ වගේම තමයි අපිටත් හරි සතුටුයි. මේ ලස්සන පරිසරය, මේ ලස්සන නිසා තමයි අපිත් අපේ නාට්ය කණ්ඩායමක්ම මෙහාට එන්නෛ. නැත්තං අපිට මේක කොළඹ රූගත කිරීම් කරන්න පුළුවන් නාට්යයක් වෙන්න තිබ්බා. නමුත් අපි මේ ප්රදේශයට ඇවිල්ල මේක කරන්නේ පරිසරය ලස්සන නිසා. ඒ ලස්සන නැති කරන්න එපා කියලා ඉතාම ආදරෙන් ඉල්ලනවා.”

මෙන්න බලන්න තවත් පුවත්