මේ වනවිට ලොවපුරා රටවල් 75කට වැඩි සංඛ්‍යාවකින් වදුරු උණ රෝගීන් 16,000කට වැඩි පිරිසක් හමුවීමත් සමග පසුගිය දා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වදුරු උණ රෝගය ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් බවට ප්‍රකාශයට පත් කෙරුණී.

අද අප සූදානම් වන්නේ මෙම රෝගය පිළීබද වැදගත් කරුනු රැසක් පිලිබදව ඔබව දැනුවත් කිරීමටයි.

වඳුරු උණ (monkeypox) යනු කුමක්ද?

වඳුරු යනු වඳුරු වයිරසය ආසාදනය වීමෙන් ඇති වන දුර්ලභ රෝගයකි. මෙම රෝගය බොහෝදුරට  Small pox එහෙමත් නැත්නම් වසූරිය කියන රෝගී තත්ත්වයට සමාන වේ . ඒ වගේම රෝගයේ ලක්ෂණ සහ බරපතල බව සලකන විට එය මදක් පැපොල (Chicken pox) කියන රෝගයටත් යම් සමානකම් තියෙනවා කියලා කියනන් පුලුවනි.

මෙම රෝගයේ වැදගත් කරුණ වන්නේ මෙය වදුරෙක්ගෙන් (monkey) ආරම්භ වූ රෝගයක් ලෙස හඳුනාගෙන තිබීමයි.

පැතිරීම

1970 දී කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ, 1968 දී වසූරිය තුරන් කළ ප්‍රදේශයක මාස 9 ක පිරිමි ළමයෙකු තුළ වඳුරු වඳුරු මිනිසුන් තුළ මානව වඳුරු රෝගය ප්‍රථම වරට හඳුනා ගන්නා ලදී. එතැන් සිට, බොහෝ අවස්ථා වාර්තා වී ඇත්තේ ග්‍රාමීය, වැසි වනාන්තර ප්‍රදේශවලින් ය. කොංගෝ ද්‍රෝණිය, විශේෂයෙන්ම කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සහ මධ්‍යම සහ බටහිර අප්‍රිකාව හරහා මිනිස් සිද්ධීන් වැඩි වැඩියෙන් වාර්තා වී ඇත.

2003 දී, අප්‍රිකාවෙන් පිටත පළමු වඳුරු වසංගතය ඇමරිකා එක්සත් ජනපදයේ සිදුවී තිබේ.

2017 හි, නයිජීරියාවේ විශාලතම පැතිර යාම සිදුවූ අතර, ඒ දළ වශයෙන් වසර 40 කට පමණ පසුවය. වඳුරු උණ රෝගය වැළඳුණු බවට සැක කෙරෙන රෝගීන් 172ක් සිටින අතර, ගොදුරු වූවන්ගෙන් 75%ක් වයස අවුරුදු 21ත් 40ත් අතර පිරිමින් විය.

වඳුරු උණ උවදුරට හේතු වන්නේ වසූරිය වැනි වෛරස් පවුලේම සාමාජිකයෙකු වන වඳුරු උණ වයිරසය යි. නමුත් එහි දරුණු බව අඩු මට්ටමක පවතින අතර විශේෂඥයින් පවසන්නේ ආසාදනය වීමේ සම්භාවිතාව ද අඩු බවයි.

එය බොහෝ දුරට මධ්‍යම සහ බටහිර අප්‍රිකානු රටවල ග්‍රාමීය ප්‍රදේශවල, නිවර්තන වැසි වනාන්තර ආසන්නයේ ආසාදනයවීම ආරම්භය සිදු වේ.

බටහිර අප්‍රිකානු සහ මධ්‍යම අප්‍රිකානු ලෙස මෙම වෛරසයේ ප්‍රධාන ප්‍රභේද දෙකක් ඇත.

එක්සත් රාජධානියේ සිටින ආසාදිත රෝගීන් දෙදෙනා නයිජීරියාවේ සංචාරයක යෙදී තිබේ. ඔවුන් දැන් බටහිර අප්‍රිකානු වෛරසයෙන් පීඩා විඳිති. එය සාමාන්‍යයෙන් දැඩි රෝග ලක්ෂණ ඇති කරන්නේ නැති නමුත් එය තවමත් තහවුරු කර නොමැත.

තුන්වන ආසාදිතයා වූයේ එම රෝගියෙකුගෙන් වෛරසය බෝ වූ සෞඛ්‍ය සේවකයෙකි.

වඩාත්ම මෑත ආසාදිතයන් හතර දෙනා (ලන්ඩනයේ තුන් දෙනෙක් සහ ඊසානදිග එංගලන්තයේ එක් අයෙක්) අතර එකිනෙකා අතර සම්බන්ධයක් හෝ සංචාරක ඉතිහාසයක් නොමැත. පෙනෙන්නට ඇත්තේ ඔවුන්ට එය එක්සත් රාජධානියේදී වැළඳුණු බවකි.

එක්සත් රාජධානියේ සෞඛ්‍යාරක්ෂණ නියෝජිතායතනය පවසන්නේ තමන් ආසාදනය විය හැකි යැයි කනස්සල්ලෙන් සිටින ඕනෑම අයෙකු වෛද්‍යවරයකු හමුවට යා යුතු බවයි.

රෝග ලක්ෂණ මොනවාද?
ආරම්භක රෝග ලක්ෂණ වන්නේ උණ, හිසරදය, ඉදිමීම්, කොන්දේ වේදනාව, මාංශ පේශි කැක්කුම සහ උදාසීනත්වයයි.

උණ අඩුවී ගිය පසු, බොහෝ විට මුහුණේ කැසීමක් ඇති වී, පසුව ශරීරයේ අනෙකුත් කොටස් වලට (බොහෝ විට අත් සහ පාද වෙත) ද පැතිර යා හැක.

කැසීම දරුණු විය හැකි අතර, අවසානයේ විවිධ අවධීන් හරහා ගොස්, හැලී යන කබොල්ලක් බවට පත්වේ. අවසානයේ තුවාල කැළැල් ඉතිරි විය හැක.

ආසාදනය සාමාන්‍යයෙන් ස්වයං ව පහව යන අතර දින 14 සිට 21 දක්වා පවතී.

තද උණ
වසා ගැටිති ඉදිමීම
මාංශ පේශි සහ ශරීර කැක්කුම
ඇඟපුරා බිබිලි මතුවීම
කුෂ්ඨ වැනි තුවාල
පිටෙහි වේදනාව

එය වැළඳ‍ෙන්නේ කෙසේද?
වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ තුවාල, ශරීර තරල, ශ්වසන ජල බිඳිති සහ ඇඳ ඇතිරිලි වැනි දූෂිත ද්‍රව්‍ය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් මන්කිපොක්ස් වෛරසය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වන බවයි.

වෛරසය මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ ග්‍රාමීය ප්‍රදේශවල බහුලව දක්නට ලැබේ.

යුරෝපය, එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල මෑතදී පැතිර ගිය මෙම වෛරසය ආසාදනය වූ රෝගීන් 80 කට වඩා තහවුරු වී ඇත.

යමෙක් ආසාදිත පුද්ගලයෙකු සමඟ සමීපව ඇසුරු කරන විට වඳුරු උණ රෝගය පැතිර යා හැක. තුවාල වූ සම, ශ්වසන මාර්ගය හෝ ඇස්, නාසය හෝ මුඛය හරහා වයිරසය ශරීරයට ඇතුළු විය හැකිය.

එය ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන ආසාදනයක් ලෙස මීට පෙර විස්තර කර නැති නමුත් එය ලිංගිකව එක්වීමේදී සිදුවන සෘජු ස්පර්ශයකින් සම්ප්‍රේෂණය විය හැක.

වඳුරන්, මීයන් සහ ලේනුන් වැනි ආසාදිත සතුන් සමඟ සම්බන්ධ වීමෙන් හෝ ඇඳ ඇතිරිලි සහ ඇඳුම් වැනි වෛරසය ගෑවුණු වස්තූන් මගින් ද එය පැතිර යා හැකිය.

වඳුරු උණ රෝගය කෙතරම් භයානකද?

වෛරසයේ බොහෝ අවස්ථාවන් දැඩි නොවූ අතර සමහර විට පැපොල රෝගයට සමාන යැයි කිව හැක. එය සති කිහිපයක් ඇතුළත ස්වයං ව පහව යයි.

කෙසේ වෙතත්, වඳුරු උණ උවදුර සමහර විට වඩාත් දරුණු විය හැකි අතර, බටහිර අප්‍රිකාවේ මරණ සිදු වූ බවට වාර්තා වී ඇත.

ප්‍රතිකාර මොනවාද?

වඳුරු උණ උවදුරට ප්‍රතිකාරයක් නැති නමුත් ආසාදනය වැළැක්වීම මගින් පැතිරීම පාලනය කළ හැක.

වසූරි එන්නත වඳුරු උණ උවදුර වැළැක්වීම සඳහා 85% ඵලදායී බව ඔප්පු වී ඇති අතර එය තවමත් සමහර අවස්ථාවල භාවිතා වේ.

වඳුරු උණ ලංකාවටත් එන්න පුළුවන්ද?

ඊශ්‍රායලය, ස්විට්සර්ලන්තය සහ ඔස්ට්‍රියාව යන රටවලින්ද මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීමත් සමග වෛරසය ව්‍යාප්ත වූ රටවල් සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇත. පැපොල රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන මන්කිපොක්ස් මිනිසුන් අතර පහසුවෙන් පැතිර නොයන අතර රෝගය සාමාන්‍යයෙන් මෘදු රෝග ලක්ෂණ පෙන්වයි. එහෙත් සංකූලතා ඇති රෝගීන්ට මෙය මාරාන්තික විය හැකි බව වෛද්‍ය මතයවී තිබේ. සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ, ලොවපුරා රටවල පැතිරයමින් ඇති මෙම වෛරසය ශ්‍රී ලංකාවට ද ඇතුලුවීමේ අවදානමක් ඇති බවයි.

රෝගය හඳුනා ගැනීමේ තාක්ෂණය ශ්‍රී ලංකාවට තිබේද?

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප‍්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප‍්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසන්නේ Monkeypox පරීක්‍ෂා කිරීමට සහ රෝග විනිශ්චය කිරීමට ශ්‍රී ලංකාවේ හැකියාව ඇති බවයි.

මේ වන විට වඳුරු උණ රෝගයේ පැතිරීම ,

නවතම දත්ත වලට අනුව අමෙරිකාවේ මන්කිපොක්ස් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් පවතින බවට එරට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබේ. මන්කිපොක්ස් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් මේ වනවිට අමෙරිකානුවන්ට ලබාදී ඇතැයි එරට සෞඛ්‍ය ඒජන්සිය පවසයි.
ඩෙන්මාර්කයෙන් තවත් එන්නත් මාත්‍රා 7 ලක්ෂ 86,000 ක් ලබා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ.

මූලාශ්‍ර: එංගලන්ත මහජන සෞඛ්‍ය අංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්