වටලප්පන් හදන අයට එන ප්‍රශ්න ගොඩකට උත්තර එක්ක වටලප්පන් රසට හදන විදිහ මෙන්න

ඔන්න අද මම ඔයාලට කියන්න යන්නේ රසම රස අතුරුපසක් ගැන. මේවා කන්න ආස නැති කෙනෙක් නම් හොයාගන්න නැති තරම්. ඉතින් එහෙනම් අපි අපේ කතාවට යමු.

වටලප්පන් කියන්නේ ජාති ආගම් බේදයකින් තොරව අපි කවුරුත් කන්න කැමති කෑමක්. කාගෙන් ඇහුවත් වටලප්පන් කන්න ආස අය තමයි ඉන්නේ. උත්සව අවස්ථාවලට වටලප්පන් කියන්නේ නැතිවම බැරි අතුරුපසක්. රසම වටලප්පන් හදන්නේ අපේ මුස්ලිම් අය. එයාලගේ රාමසාන් උත්සවයට අනිවාර්යයෙන්ම හදන අතුරුපසක් තමයි වටලප්පන් කියන්නේ. නමුත් වටලප්පන් හදද්දි ගොඩක් අයට ගොඩක් ගැටලු ඇති වෙනවා. ඉතින් මේ ගැටලු විසදගෙන හරියටම වටලප්පන් හදන විදිහ අද ඉගෙන ගමු.

වටලප්පන් උපරිම රස වෙන්න නම් හොදම කිතුල් හකුරු වගේම හොඳ උකු පොල් කිරි දාන්න ඕන. ඒ වගේම  වටලප්පන් එක ලස්සන වටලප්පන් එක පුරාම පුංචි පුංචි සිදුරු හැදුනාම. මේ සිදුරු හදාගන්න එකහ් ගොඩාක් අයට ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේ සිදුරු හදාගන්න නම් ඒකට නම් බිත්තර වෙනම බීට් කර එකතු කරන්න ඕන. අනිත් ගැටලුව වටලප්පමේ පාට හදාගන්න එක. ඒකට තද දුඹුරු පාට හකුරු ගන්න ඕන. එතකොට වටලප්පන් එකට ලස්සන දුඹුරු පාටක් එනවා.

එහෙනම් අපි වටලප්පමක් රසට හදමු නේද?

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බිත්තර  5 ක් .
  • සිහින්ව ලියාගත් කිතුල් හකුරු 250g
  • උකු පොල්කිරි 260ml
  • දුඹුරු සීනි මේස හැඳි 2ක්.
  • එනසාල් ඇට කීපයක්.
  • කජු 80g
  • වතුර 1/2ක්.

ඔයාලා ගන්න හකුරු ලා පටයිනම්, තද පාට හකුරු හොයාගන්නම නැත්තම් ඔයාලට වටලප්පම පාට කරගන්න ක්‍රමයක් මම කියලා දෙන්නම්. සීනි මේස හැදි දෙකක් භාජනයකට දාලා කැරමල් කර ගන්න.  හදාගත් සීනි කැරමල් එකට වතුර කෝප්ප භාගය දාලා රත් කරගන්න. උණු සීනි කැරමල් එකට වතුර එකතු කරද්දී  සීනි නැවත ගල් වෙන්න බලනවා දිගටම උණු කරද්දී නැවත ගල් උන සීනි ටික දිය වෙනවා.

සීනි කැරමල් එකටම ලියාගත් හකුරු ටිකත් දාලා හකුරු  දියවෙලා මිශ්‍රණය බුබුළු මතු වෙද්දී තලාගත් එනසාල් ටික එකතු කරලා ලිපෙන් ඉවත් කරලා මිශ්‍රණය නිවෙන්න තියන්න. මෙහෙම කරාම ලස්සන පාටක් එනවා.

බිත්තර පහ වෙන වෙනම කඩා භාජනයකට දමා ගන්න. විස්ක් එකකින් බිත්තර ටික විනාඩි 5ක් පමණ හොදට විස්ක් කරන්න. විස්ක් එකක් නැත්නම් අතේ ඇඟිලි වලින් විනාඩි 10ක් පමණ විස්ක් කරන්න.

ඔන්න තවත් රහසක් කියන්නයි යන්නේ. බිත්තර වික්ස් කරද්දි ඉලෙක්ට්‍රික් බීටර්, බ්ලෙන්ඩර් පාවිච්චි කරන්න එපා. මුස්ලිම් අයගේ වටලප්පන් ලස්සනට රසට තියෙන්නේ එයාලා ගොඩාක් දුරට අතේ ඇඟිලි වලින් තමා බිත්තර ටික ගසා ගන්නේ. ඔයාලත් ඒ ක්‍රමය භාවිතා කරලා බලන්නකො.

 

හකුරු මිශ්‍රණය හොඳටම නිවුනාට පසු පොල් කිරි ටික එකතු කරලා හකුරු මිශ්‍රණයත් විනාඩි දෙක තුනක් හොඳට විස්ක් කරන්න. විස්ක් කරගත් බිත්තර ටික දමා මිශ්‍රණය හොඳින් කලවම් කර පෙරාගන්න. හකුරු වල තියන රොඩු සහ බිත්තර වල තියන සුදු පාට කොටස ඉවත් කර ගන්න අනිවාර්යයෙන්ම පෙරන්න ඕන නැත්නම් වටලප්පන් එකේ බිත්තර වල එන පිලීගදට කන්න ආස නැති වෙනවා. ඒනිසා මුලින්ම ඒ සුදුපාට කොටස පුළුවන් නම් අයින් කර ගන්න නැත්නම් අවසානයට හොඳින් පෙරා ගන්න.

දැන් වටලප්පන් ස්ටීම් කරන භාජනවලට වටලප්පන් මිශ්‍රණය දමා ගන්න. ගැඹුරු නැති ඇලුමිනියම් භාජන ගන්නවානම් වටලප්පන් එක ඉක්මනට ස්ටීම් කර ගන්න පුළුවන්.

භාජන වලටදැමූ පසු උඩට එන පෙන වගේ ටික හැන්දකින් ඉවත් කරන්න. ගොඩාක් අය අහන  ප්‍රශ්නයක් තමා වටලප්පන් එකේ උඩ හැදෙන ඝනකම් කොටස නැතිව හදා ගන්නේ කොහොමද කියලා. සමහර අය කැමති නෑ ඒ විදිහට වටලප්පන් කන්න. ඒ නිසා උඩ තියන පෙන ටික ඉවත් කරන්න. කපා ගත් කජු ටික එකතු කරන්න. කැමතිනම් සම්පූර්ණ කජු පියලි එකතු කරන්නත් පුළුවන්.

ස්ටිමර් එකට අවශ්‍ය තරමට වතුර දමා ගන්න විනාඩි 30ක් පමණ ස්ටීම් කර ගන්න ඕන නිසා අවශ්‍ය තරමට වතදමා ගන්න. වටලප්පන් භාජනවල කට ෆොයිල් පේපර් වලින් වසා හොඳින් සීල් කරගන්න. ෆොයිල් පේපර් නැති අය ස්ටිමර් එකේ පියනේ ඇතුල් පැත්ත කපු රෙදි කැල්ලකින් හොඳින් කවර් කරන්න. ස්ටීම් කරද්දී එකතු වෙන වතුර රෙදිකෑල්ලට උරා ගන්න නිසා භාජනවහන්න ඕන නෑ.

වටලප්පන් භාජන ටික ස්ටිමර් එකේ දමා විනාඩි 30ක් පමණ ස්ටීම් කර ගන්න. ගින්දර මධ්‍යම ප්‍රමාණයට තියා ගන්න. විනාඩි 30කට පසු ටූත් පික් එකකින් ඇනලා බලන්න ස්ටීම් වෙලා ඇද්ද කියලා. මදි වගේනම් තව විනාඩි 10ක් පමණ තියන්න.

අවන් එකේනම් වෙනත් තැටියකට අගලක් පමණ උසට වතුර දමා ඒකේ වටලප්පන් භාජනය තියලා 180C° විනාඩි 30 – 40 අතර කාලයක් බේක් කරගන්න.

රයිස් කුකර් එකේ ස්ටීම් කරනවානම් සෙරමික් හෝ උෂ්ණත්වයට ඔරොත්තු දෙන වීදුරු භාජනයකට දමා කට වසා විනාඩි 30ක් පමණ ස්ටීම් කර ගන්න.

වටලප්පන් එක හොදටම නිවුන පසු පැය 2-3ක් පමණ  කාලයක් ශීතකරණයේ දමා කෑමට ගන්න පුළුවන්.

වටලප්පන් සාමාන්‍යයෙන් පුඩින් වර්ග වගේ උඩ යට හරවලා පිලිගන්වන්නේ නෑ.ගොඩාක් දුරට හදපු භාජනයේම හෝ. නැත්නම් කෑලි කපලා ඩෙසර්ට් කප් වලට දාලා තමා වටලප්පන් පිලිගන්වන්නේ.

ඉතින් මේ කියලා දුන්න දේවලුත් උපයෝගි කරගෙන වටලප්පන් හදලා බලාන්නකෝ.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්