ලෝකයේ ලස්සනම සර්පයන් අතර ශ්‍රී ලංකාවට ආවේණික සර්පයෙකුත් ඉන්නවා. ඉතින් මේ සර්පයා ගැන හොයලා බලන්න වටිනවා නේද.

එයා තමයි ශ්‍රී ලංකාවේ කොළ පිට් පොළඟා (Sir Lankan green pit viper) කියලා කියන්නේ. මෙයාව හොයා ගන්න පුළුවන් ලංකාවෙන්ම විතරයි. මෙයාගේ ශරීරය ගැන කතා කළොත්, මේ සර්පයාගේ බෙල්ල පැතලි ස්වභාවයක් ගන්නවා. මේ සර්පයාට තියෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ ඇස් දෙකක්. කුඩා වටකුරු නාසයකුත් මෙයාට තියෙනවා.

මේ සර්පයාගේ ආකර්ෂණීය කොළපාට ශරීරයේ කළු පැහැති රටාවන් දකින්නට තිබෙනවා. මේ පිට් පොළොන් වර්ගයේ ගැහැනු සත්වයා උපරිමයෙන් සම්පූර්ණ දිග අඟල් 24 සිට 30 දක්වා වර්ධනය වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මෙයා නිශාචර සරප වර්ග වලට අයත්. ඒ කියන්නේ උදේ වරුවේ මෙයා එක තැනකට වෙලා ඉඳලා රාත්‍රී කාලයෙහි මෙයාගේ ගමන් ආරම්භ කරනවා කියන එකයි. මේ සර්පයා වැඩි වශයෙන් ආහාරයටයට ගන්නේ කුඩා ගෙම්බන්, කටුස්සන්, කුඩා පක්ෂීන් හා කුඩා ශීරපායි වගේ සතුන්. උදෑසන කාලයේදී මෙයාලා පඳුරු හෝ ගස් අතු මත කාලය ගත කරනවා.  වැසි වනාන්තර තණ බිම් වල වැඩි වශයෙන් මෙයාලව දකින්න පුළුවන්. මෙයාලගේ ශරීරය උණුසුම් කර ගැනීමට හිරු එළිය වැටෙන ගස් උඩ ඉඳලා මෙයාලා ඇඟ උණුසුම් කරගන්නවා. එහෙම උණුසුම් ලබාගන්න වෙලාවට මෙයාලා අත්ත අල්ලගන්නේ මෙයාලගේ වලිගයෙන්. මේ පොළඟා දෂ්ට කරන්න ඉඩ තිබෙනවා.

ලෝකයේ ලස්සනම සර්පයන් අතර අපේ රටට ආවේණික සර්පයෙක් ඇතුලත්වීම සතුටට කරුණක් නේද.  ඉතින් මෙයාලගේ ලස්සන දුර ඉඳන් බලන්න. මොකද මෙයා ලස්සනයි පමණක් නෙවෙයි මෙයා ගොඩක් විෂයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්