ලස්සන වුණාට කිසිම හැදියාවක් නෑ කියලා මගේ මූණටම ඇවිත් බනිනවා – නෙත්මි රොෂෙල්

2019 අවුරුදු කුමරිය තරගාවලියකින් ජයග්‍රහණය කරල කලා ක්ශේෂ්ත්‍රයට පා තැබූ නෙත්මි රොෂෙල් රොජර්ස් අද වන විට රටක් ලෝකයක් දන්නා රංගන ශිල්පිනියක් වෙලා. ඉතින් අවුරුදු කුමරිය වීමත් එක්ක නෙත්මිට දෙරණ නාලිකාවේ විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘ දෙවෙනි ඉනිම ‘ ටෙලිනාට්‍යයේ ආක්ෂා චරිතයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබෙනවා.

ඉතින් තරුණයන්ගේ සිහින කුමරිය වන නෙත්මි ආක්ෂා විදියට රසික ආදරය නොඅඩුව ලබනවා. මුල් කාලයේදී ඇගේ චරිතයට ගොඩක් දෙනෙක් ආදරය නොකලත් දැන්නම් ඇය වටා ලොකු රසික පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ විදියට දක්ෂ රංගන ශිල්පිනියක් වුණු නෙත්මි රොෂෙල් අද වන විට නිවේදිකාවක් බවටත් අපි පුංචි තිරය තුලින් දකිනවා. දෙරණ නාලිකාවේ විකාශය වන රියැලිටි තරගාවලියක් සචිනි නිපුන්සලා සමගින් නිවේදනය කිරීමයි.

ඉතින් රංගන ශිල්පිනියක් විතරක්ම නෙමෙයි ඇය දැන් නිවේදිකාවක්. ඉතින් පුංචි තිරයේ සුරූපිනියක් වන නෙත්මි හරිම දගකාර හුරතල් විදියට තමයි අපි දකින්නේ. ඉතින් ඇය පසුගිය දිනක සහභාගි වුණු යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී ඇය පිලිබදව අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” ගැහැණු ළමයෙක් වුණහම ඕනම ක්ශේෂ්ත්‍රයක හැදියාවක් තියෙන්න ඕන. අංක එක ඒක තමයි. මේ වෙනකොට අපි ගැන කට්ටිය හොයනව වැඩියි. ඒ නිසා අපි ලිමිට් එකක් ඇතුව අපිව පාලනය කරගන්න පුලුවන් විදියට ජීවත් විය යුතුයි. මේ ක්ශේෂ්ත්‍රය ගැන නරක නමක් හැදිල තියෙන්නේ මේ ක්ශේෂ්ත්‍රයේ ඉන්න සුළු පිරිසක් නිසාමයි.

අපිට හොද ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාර ලැබෙනවා. මට ගොඩක් දුක හිතෙනවා එහෙම කරද්දි. අපේ ආච්චිට ඇහිල තියෙනවා කට්ටියක් කතා වෙනවා. අලුත් කෙනෙක් ආවා දෙවෙනි ඉනිමට. ලස්සන තිබ්බට මෙලව වැඩක් නෑ කිසි හැදියාවක් නෑ රණ්ඩු කෙක්කක් කියලා. ඊට පස්සෙ ආච්චි ඒ ගොල්ලොත් එක්ක කෑ ගහගෙන. මට ඔය විදියට කට්ටිය ළගට ඇවිත් බැනල තියෙනවා.”

ඉතින් ඔය විදියට තමයි නෙත්මි රොෂෙල් ඇයට සිදු වුණු අත්දැකීම් සදහන් කරල තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියා අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

 

මෙන්න බලන්න තවත් පුවත්