මෙතෙක් කල් දූරියන් කෑවේ දූරියන් ගැන හරියටම දැනගෙන නෙවෙයි නේද?


ජූනි – අගෝස්තු කාලෙට බස් රථයකින් හෝ පයින් කොළඹ අවට ඇවිදින්න ගිය කෙනෙක් දූරියන් ගන්ධය නිසා මුහුණ ඇඹුල් කරගෙන නැත්තම් ඒ බොහෝම කලාතුරකින්. අග්නිදිග ආසියාවේ රටවලට ආවේණික පලතුරක් වන දූරියන්වලට මැලේ-ඉන්දුනීසියානු භාෂාවන්ගෙන් බිඳී ආ ‘දූරි’ නම් වචනයෙන් ඒ නම ලැබී තිබෙනවා. එහි අර්ථය ‘කටු සහිත’ යන්න යි.

ඇතැම් අය ඉමිහිරි සුගන්ධයකින් යුතු පලතුරක් ලෙස සලකනු ලබන දූරියන් සමහර උදවියට නම් ඉතාමත් අප්‍රසන්න ගන්ධයකින් යුක්ත බව යි කියැවෙන්නේ. මේ නිසා ම ඇතැම් පිරිසක් බොහෝම ආශාවෙන් දූරියන් ආහාරයට ගන්නා අතර ම තවත් පිරිසක් දූරියන් දෙස නොබලා ම එය ප්‍රතික්ෂේප කරනු ලබනවා. ඒ අනුව විවිධ අය දූරියන් විස්තර කරන ආකාරය ද එකිනෙකට වෙනස්.

දැනට ලෝකයේ දූරියන් විශේෂ 30 ක් පමණ හඳුනාගෙන තිබෙන අතර ඒවායින් 9 ක් ම ආහාරයට ගැනීම සඳහා සුදුසු වෙනවා. නමුත් සියවස් ගණනක් තිස්සේ උසස් තත්ත්වයෙන් යුතු ඵල ලබා ගැනීම සඳහා සිදු කරන ලද ශාඛ බද්ධයන් හේතුවෙන් මේ වන විට දූරියන් ප්‍රභේද 300 ක් පමණ බිහි වී තිබෙනවා. ඒවා සෑම එකක ම පාහේ උසස් තත්ත්වයේ දූරියන් හට ගන්නා අතර සෑම ප්‍රභේදයක් ම එකිනෙකට වෙනස් රසයකින් හා සුවඳකින් යුතු යි.

දූරියන්වල හිතකර ගුණ

  •  දූරියන් ආහාරයට ගන්නා පුද්ගලයෙකුට එම පලතුර දිරවීමට පහසුය. බර ආහාරයක් නොවන නිසා දූරියන් කෑ පුද්ගලයෙකුට එම කෑම අජීර්ණය වීමට ඇති ඉඩකඩ අඩුය.
  • සරල සීනි වර්ග අඩංගුය. මෙහිදී කිසිදු ප්‍රතික්‍රියාවක් නොමැතිව දූරියන්වල අඩංගු සීනි ප්‍රමාණය ශරීරයට උරාගන්නා ප්‍රමාණයකට තරම් සියුම් ලෙස නිර්මාණය වී ඇත.
  • ළමා වියේ පසුවන දරුවකු අඩු බර ප්‍රමාණයකින් පසුවන්නේ නම් මවක ලෙස මේ වැදගත් අදහසට ඔබගේ අවධානය යොමුවිය යුතුමය. මන්ද බර අඩු කුඩා ළමයින්ට දූරියන් ආහාරයට දීමෙන් ඔවුන්ගේ බර වැඩි වෙයි.
  • දූරියන් කෙඳි සහිත පලතුරකි. මේ කෙඳි සහිත බව නිසාම මල පිටවීමට පහසුවක් සැලැසේ. ඔබ මලබද්ධයෙන් පීඩා විඳින්නෙක් නම් දූරියන් ආහාරයට ගන්න.
  • බඩවැල්වල සෑදෙන පිළිකා වැළැක්වීම දූරියන් ආහාරයට ගැනීමෙන් සිදුවෙන වැදගත් කාර්යයකි.
  • විටමින් සී බහුලයි.
  • ශරීරයෙහි ලේ වල රතු සෛල නිපදවීමට හා වර්ධනය කිරීමට දූරියන්වලට ඇත්තේ අපූරු ගුණයකි.
  • හෘදයේ ස්පන්ධන වේගය මෙන්ම අධි රුධිර පීඩනය පාලනය කිරීමට අපූරු ඖෂධයක් ලෙස දූරියන් ක්‍රියා කරයි.
  • ඔබ නින්ද නොයෑමේ රෝගයෙන් පෙළෙන අයෙක්ද? එසේ නම් දූරියන් කෑමෙන් ඔබට සුව පහසු නින්දක් හිමිවෙනු ඇත.
  • පැහැපත් සමක රහස සැංඟී ඇත්තේ දූරියන් පලතුර තුළය. කාන්තාවෙනි ඔබට එය බොහෝ සුන්දර අදහසක් වනු නියතය.
  • නිරෝගී කෙස් කළඹක් ඔබටත් අවශ්‍යද? එසේ නම් නිරෝගී වැඩුණු කෙස් කළඹක් හිමිකර ගැනීමට ඔබත් දූරියන් කෑමට ගන්න.

  • සමේ තුවාල හැදී ඇත්නම් ඊට දූරියන් වඩාත් සුදුසු වේ.
  • සන්ධිවල ඇතිවන තද ගතිය නැතිකර හොඳින් සන්ධි නැමීම ඇතිකරවයි.
  • මානසික ආතතිය දුරලීමට මහඟු ඖෂධයකි.
  • විෂාදය නම් මානසික රෝගයට ගොදුරුවූවන්ට කදිම පලතුරකි.
  • හිසරදයෙන් පෙළෙන අයට සුදුසුය.
  • ඉරුවාරදයෙන් පීඩා විඳින්නන්ට මනා ගුණදායක බවත් දූරියන් නිසා ලැබේ.
  • ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන්ට හිතකරය.
  • මාංශපේෂීන් වැඩේ.
  • ලිංගික ශක්තිය වඩවයි.
  • ඔබගේ කුඩා දරුවා පණු රෝගයේ ගොදුරක් වී ඇත්ද? දූරියන් පණු රෝගයට අපූරු පලතුරකි.
  • උණ රෝගයට වඩාත් සුදුසුය.
  • ඉදිමුම නසයි.
  • මොළයට යන රුධිරය වැඩිකරයි.
  • ලේ පිරිසිදු කරන ආහාරයකි.
  • රුධිරයේ කැටි ඇතිවීම වළක්වාලයි.
  • හෘද රෝගවලට මනා ගුණයක් ලැබේ.
  • හෘදවාහිනී රෝගවලට මනා වූ ගුණදායක පලතුරකි. හෘදයට රුධිරය සපයන මෙන්ම හෘදයෙන් පිටතට රැගෙන යන නාලවල යම් දෝෂයක් ඇත්නම් දූරියන් කෑමෙන් එහි දෝෂ මඟහැරේ.
  •  දියවැඩියාවෙන් පෙළෙන්නන්ට හිතකරය.

දූරියන්වල අහිතකර ගුණ

  • ඇදුම රෝගයෙන් පෙළෙන්නන්ට හිතකර නොවේ.
  • සෙම්ප්‍රතිශ්‍යාව සැදී ඇති විටෙක දූරියන් ආහාරයට ගැනීමෙන් වළකින්න.

http://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්