මහින්ද රාජපක්ෂ අරගලකරුවන් ගැන කියන කැත කතාව

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මැයි 9 වනදා සිදුවීමෙන් මාසයකට පසු පළමු වරට අද (10) පාර්ලිමේන්තුව අමතමින් කතාවක් සිදු කළා. ඒ පසුගියදා ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සම්බන්ධයෙන් වන ශෝක යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

එහිදී හිටපු අගමැතිවරයා සඳහන් කළේ, අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයා ප්‍රදේශයේ ජනතාවට යමක් සිදු කිරීමට උපරිමයෙන් උත්සාහ කළ බවත් එවැනි අහිංසක පුද්ගලයෙක් මරා දැමූ අයගේ අරගලය තවදුරටත් අහිංසක හා සාමකාමී එකක් නොවන බවයි.

අරගලකරුවන්ගේ හිත්වල වෛරය සහ ලේ තැවරී ඇති බවත් එදා අරගල භූමියේ සිටි ආගමික නායකයින්ද මෙම ඝාතන නැවැත්වීමට කතා නොකළ බවයි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

හරි වැරැද්ද තෝරා ගැනීම ඔබට භාරයි.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්