ලංකාවේ කාලෙන් කාලෙට බිහිවෙන විවිදාකාර වූ ටෙලිනාට්‍ය අතරේ දකින්න ලැබුණු ජනප්‍රිය කතාවක් තමයි ‘පොදු’ කියන කෙටි ටෙලිනාට්‍ය. මෙහි ජනප්‍රිය වෙලා සිටින ගොඩක් නලු නිලියක් කලාවට අලුත් මුහුණු වීමත් විශේෂත්වයක්. ඒ අතරින් මෙහි ප්‍රධාන නිළිය ලෙසින් සිටින නිලූගේ චරිතයට දායක වෙලා සිටි ලහිරුණි සල්වතුර පුවත්පත් සාකච්චාවක් සමග පැවසු අදහස් තමයි මේ. මගේ උපන් ගම මීගොඩ දැනට පදිංචි වෙලා ඉන්නේ වැලිසර, මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි.

ඇත්තටම කළා ක්ෂේත්‍රය කියන්නේ මගේ ජිවිතේ නොසිතු දෙයක්. කවදාවත් නොසිතපු මොහොතක මගේ සිහිනය සැබෑ වුණා කිව්වොත් හරි. කවදාවත් හිතුවේ නැහැ රටේ ජනප්‍රිය වෙලා මිනිස්සුන්ගේ ආදරේ මෙච්චර ඉක්මනින් ලබාගන්න හැකිවේවි කියලා. පොදු ටෙලිනාට්‍ය නිසා මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා තාමත් එහෙමයි. මේකට සම්බන්ද වෙන්න අවස්තාව ලැබුනේ මගේ යෙහෙලියක් හරහා. එයාගෙන් මට උදේශ් අයියාව හඳුනාගන්න ලැබුනා, ඒ හරහා තමයි ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂිකා ශර්මිලා මහත්මිය හඳුනාගත්තේ.

සම්මුක පරීක්ෂණයට ගිහින් සතියකට විතර පස්සේ මට කථකරලා කිව්වා ප්‍රධාන චරිතයට තෝරාගත්තා කියලා. ඊට කලින් ගුවන් සේවිකාවක් විදියට වසර තුනක් වැඩ කරලා අධ්‍යාපන කටයුතුවලට නිසා ගුවන් සේවයෙන් ඉවත්වෙලා ඩිග්රිය කළා. එහෙම ඉන්න කාලේදී තමයි පොදු ටෙලිනාට්‍යට එන්න අවස්තාව ලැබුනේ. මන් ටෙලිනාට්‍ය ගැන විස්තර කිව්වම පෙම්වතා ඒකට වැඩිය කැමති වුනේ නැහැ. මාව තේරුම් ගෙන මගේ පෙම්වතාගෙන් වගේම පවුලේ අයගෙනුත් අවසර ලැබුණා.

මේ ක්ෂේත්‍රයේ වැඩ කරද්දී ගොඩක් වෙලාවට ආශ්‍රය කරන්න වෙන්නේ පිරිමි අයනේ. පොදු ටෙලිනාට්‍යයේ නම් එහෙම දෙයක් වුනේ නැහැ, මේකේ අධ්‍යක්ෂිකාව විදියට ඉන්නේ කාන්තාවක් නිසා මොකද ගැහැනියකට ගැහැනියක් තේරුම් ගැනීම පහසු නිසා ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න පුළුවන් වුණා. තවත් වැඩ වලට ආරාධනා ලැබෙනවා මගේ වැඩ වලටත් බාධාවක් නොවන විදියට එදෙවල් කරගෙන යනවා.

මෙන්න බලන්න තවත් පුවත්