මේ දිනවල සමාජ ජාලාවල නිතර නිතර කතාවෙන චරිතයක් තමයි පුෂ්පිකා ද සිල්වා කියන්නේ,ඒ 2021 වර්ෂයේ විවාහක රූ රැජිණ කිරුලේ ජයග්‍රාහිකාව ලෙස තේරුණ ඇයගේ කිරුල ලෝක විවාහ රූ රැජින වන කැරොලින් විසින් ගලවා දෙවන ස්ථානය ලබාගත් තැනැත්තියට පැලඳවීම නිසා.ඉතින් මේ සිදුවීම සමාජ ජාලා උණුසුම් කරන පුවතක් වුනා.කරෝලින්ගේ මේ ක්‍රියාව ගොඩක් දෙනා විවේචනය කරලා තිබුනා.පුෂ්පිකා ද සිල්වා කියන්නේ 2011 වර්ෂයේ ශ්‍රී ලාංකික රූ රැජිණ කිරුල දිනාගත් තරුනියි. ඉතින් ඇයත් දැන් කාලෙන් කාලෙට පුවත් මවන්නියක් වෙලා.

මේ දිනවල ඇය ගැන වදිපුර් කතා ගහ කරන්නේ ඇය ලංකාව නියෝජනය කරමින් 35 වනි ලෝක විවාහක රූ රැජින තරගය සඳහා සම්බන්ධ වීමට ඇමරිකාව බලා යාමත් සමඟයි.ඉන් ඇය එහිදී එම තරඟයේ 4 වෙනි ස්ථානය දිනාගත් බව ඇය තම සමාජ මාධ්‍ය ගිණුමේ පල කිරීම සමඟ බොහෝ දෙනා ඒ ගැන කතා කරන්න පටන් ගත්තා.ඉතින් පුශ්පිකා ලෝක විවාහක රූ රැජින තරගයෙන් හතරවන ස්ථානය දිනාගෙන ඇති බවට විවිධ් මාධ්‍යන් හී පලවෙන පුවත අසත්‍ය බව පසුගිය දිනවල බොහෝ ජනප්‍රිය අය තම සමාජ මාධ්‍ය ගිනුම් වල පල කර තිබුනා.කෙසේ වෙතත්, අවසන් හය දෙනා අතරට යන්න සමත්කම් දැක්වූ පුෂ්පිකා ගැන විවිද ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ පල වීමත් සමඟ

සමාජ මාධ්‍ය තුළ පුෂ්පිකා ද සිල්වා හඬ අවදි කළ අතර, ඇය නවතම සටහනකුත් මුහුණු පොතට එක් කර ඇත්තේ,‍ ඇගේ කිරුළු සටනට පිරිසක් බාධා කළ බව කියමිනුයි.මේ,මිනිසුන් වූ අප සියලු දෙනාටම වඩා ඉහළින් සිටින දෙවියන් වහන්සේ සහ සොබාදහම විසින් අපව පරික්ෂා කරන කාලයයි.කොරෝනා වැනි දේ තුළින් මිනිසාට සාමය,සමාදානය,පරිත්‍යාගය,එකිනෙකාට උපකාර කිරීම වැනි යහපත් ගුණාංග වැඩිදියුණු කරගත යුතු බව යලිත් සිහිපත් කරන කාලයකි.මම,පසුගිය දිනවල ඇමරිකාවේ ලාස්වේගාස් වල පැවති ලෝක විවාහක රූ රැජින තරගාවලියට සහභාගි වීමි.එහිදී අවසාන වටය තෙක් සාර්ථකව තරග කළ මට ඇතැම් පාර්ශ්වයන් වෙතින් බලවත් අසාධාරණයක් සිදු විය.

මට ලැබෙන්නට නියමිතව තිබූ එම ජයග්‍රහණය අහිමි කළ පුද්ගලයන්ට සුපුරුදු පරිදි ඒ මොහොතේම සමාව දුන්නෙමි.නමුත් දෙවියන් වහන්සේගේ තීරණයක් වෙනස් කරන්නට කටයුතු කළ මනුෂ්‍යයෙකුට විඳින්නට සිදුවන දඬුවම කුමක්දැයි අපට සිතා ගන්නටවත් නොහැකි ය.අද සොබාදහම විසින් අදාල පුද්ගලයන් සඳහා සිය විනිශ්චය ලබා දීම ආරම්භ කර තිබේ.මම දෙවියන් වහන්සේ කෙරෙහි භක්තිමත් වෙමි.සොබා දහම කෙරෙහි විශ්වාසවන්ත වෙමි.මගේ විශ්වාසයන් තුළ මා ආරක්ෂා වන බව මම නිරන්තරයෙන් සිතමි.එය එසේම සිදුවේ.කියලයි ය එම සටහනේ පල කර තිබුනේ.

මෙන්න බලන්න තවත් පුවත්