බඩවැල් පිරිසිදු කරන, පිලිකාව මර්ධනය කරන ගුණ දායක කෙසෙල් බඩ ව්‍යාංජනය

අද අපි කතා කරන්න යන්නේ දැන් කාලෙට වඩාත්ම සුදුසුම මාතෘකාවක්. ඇත්තටම මේ ලිපිය කියෙව්වට පස්සේ ඔයාලා මට අනිවාර්යෙන්ම ස්තුති කරයි. මොකද ඒත් තරම් මේ ලිපිය ඔයාලට වටිනවා.

මේ කාලේ ටිකක් අපේ රටට එච්චරම හොඳ කාලයක් නෙමෙයි නේ. ඉදිරියේදී අනිවාරෙන් අපිට ආහාර අර්බුදයකට මුහුණ පාන්න සිද්ද වෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් නිසා අපිට බඩගින්නෙ ඉන්න වෙයිද කියලත් කියන්න බෑ. මුදල් වියදම් නොවී ලුත්ම එළවළුවක් එහෙම නැත්තම් ව්‍යාංජනයක් ගැන තමයි අද අපි කතා කරන්නේ.

ඇත්තම කිව්වොත් මේක අලුත් ව්‍යංජනයක් නෙවෙයි. අතීතයේදී මිනිසුන් ඉතාම රසවත් විදිහට ආහාරයට ගත් ව්‍යාජනයක්. මෑත කාලයේදී මිනිස්සුන්ගේ වෙනස් වීමයි, රටේ හැම දේමත් එක්ක මේ වගේ ගමේ ගොඩේ ව්‍යාංජන මිනිස්සුන්ට අමතක වෙලාම ගිහින්. ඉතින් මේ වටිනා කියන තොරතුර මට හිතුනා අවශ්‍යම කාලයේදි ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන කියලා. හරි දැන් අපි අපේ කතාවට යමු. ඔයාලත් මගෙත් එක්ක එකතු වෙලා මේ ව්‍යංජනය හදමු.

කෙසෙල් බඩ වෑංජනය

මේ ව්‍යාංජනය දශක ගණනක් පරණ ව්‍යංජනයක්. මම හිතන්නේ මේ ව්‍යංජනය ගැන දන්න අය ඉන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. ගෙදර වයසක අත්තම්මා කෙනෙක් එහෙම ඉන්නවනම් අනිවාර්යෙන්ම ඒ ගෙදර නම් මේ ව්‍යංජනය හැදෙනවා ඇති. මේ ව්‍යාංජනය රසවත් වගේම ඉතාමත් ගුණ ගුණදායකයි. අපි නොහිතන විදියේ ගුණ සමූහයක් මේ ව්‍යංජනයේ තියෙනවා. අපිරිසිදු වන බඩවැල් පිරිසිදු කිරීමේ මහා ගුණයක් කෙසෙල් බඩ ව්‍යංජනයට තියනවා. මම අහල තියෙන විදිහට වඩාත්ම සුදුසු අලු කෙසෙල් බඩ නියඹලා හදලා කන්න එක. අලු කෙසෙල් වල විස නසන ගුණයක් තියෙනවා. සර්ප විසට ප්‍රතිකර්මයක් විදිහට අලු කෙසෙල් යුෂ භාවිතා කරනවා.

 

හරි දැන් ඉතින් බලමු අපි මේ කෙසෙල් බඩ ව්‍යාංජනය කොහොමද සකසා ගන්නේ කියලා

කොහිල අල උයලා කන කෙනෙක්ට කොහිල අලේ වෙනුවට කෙසෙල් බඩ කෑල්ල කපලා දන්න විතරයි තියෙන්නේ. කෙසෙල් ගහක් කපලා කෙසෙල් බඩ විසි කරන්නේ නැතුව අනිවාර්යයෙන්ම කෑමට ගන්න. කොහිල අලත් දැන් කෘමි නාශක නිසා අවදානම් තත්ත්වයකට වැටිලා තියෙන නිසා කෙසෙල් බඩ තමයි හොඳම. හැබැයි ඒ කෙසෙල් ගහත් ගෙදර හැදෙනවානම් තමා වඩාත්ම හොඳ .

කෙසෙල් ගහක් කැපුවට පස්සේ කෙසෙල් කැන එලියට ඇවිත් තියෙන තැන ඉඳලා අඟල් හයක් විතර පහළට වෙන්න තියෙන තැන ඉඳලා අඩි එකහමාරක් විතර කෙසෙල් බඩය කොටස උයන්න හොඳ තත්ත්වයේ තියෙනවා. ඊට පහළ ඉඳලා තියෙන බඩය මෝරලා වැඩියි. කෙඳි ගතිය වැඩි නිසා කන්න අමාරුයි . ඉතින් කෙසෙල් කඳ මේ කිව්ව දුරවල් වලට හරියන්න කපලා අරගෙන කෙසෙල් පතුරු ඔක්කොම ගලවලා දානකොට සුදුපාට කූරක් වගේ කෙසෙල් බඩය තියෙනවා. ඒක තමයි මේ උයන්න හදන්නේ.

මේ ව්‍යාංජනය හදන්න මේ දේවල් අපිට ඕන වෙනවා

  • කෙසෙල් බඩ කැබැල්ලක්
  • ගස්ලබු ගෙඩියක් (හොඳට පැහුණු , ඒත් නොයිදුනු)
  • රතුළූණු
  • සුදුළූණු
  • හාල් මේස හැන්දක් විතර
  • උළුහාල් තේ හැන්දක්
  • අබ
  • ගම්මිරිස්
  • අමුමිරිස් කරල් පහක්
  • පොල් මේස හැන්දක්
  • රම්පා
  • කරපිංචා
  • කුරුඳු පොතු එකක්
  • දියකිරි කෝප්ප දෙකයි
  • මිටිකිරි කෝප්ප එකයි
  • ලුණු
  • කහ
  • උම්බලකඩ

ඉස්සෙල්ලම කරන්න ඕන කෙසෙල් බඩය අරගෙන හොඳට සෝදලා කෑලි කෑලි වලට කපන එක. කැමති විදියකට කපා ගන්න. පොඩිවෙන තරමට කන්න ලේසියි. ඊට පස්සේ ගස්ලබු ගෙඩියත් පොතු ගහලා සිහින් වෙන්න කපාගන්න. හාල් , පොල් , අබ සුදු ළූණු , ගම්මිරිස් , මිරිස් ගලක දාලා හොඳට අඹරගන්න. මිරිස් ගලක් නැත්නම් ග්‍රයින්ඩරේ දාලා වතුර පොඩ්ඩක් දාලා අඹරගන්න. පස්සේ මේ අඹරගත්ත ඒවයි කෙසෙල් බඩ ගස්ලබු කපපු ටිකයි මැටි ඇතිළියකට දාලා හොඳට අතින් කලවම් කරන්න. ඊට පස්සේ රම්පා කරපිංචා ඒවා මේවා ඔක්කොම දාන්න තියෙන ඒවා දාන්න.

කෙසෙල් බඩවල කෙඳි තියෙනවා. ඔයාලා කෙසෙල් බඩ කෑලි කපලා ඒ තියෙන භාජනයට හැඳි මිටක් දාලා පොඩ්ඩක් එහා මෙහා කරනකොට වැඩිපුර කෙඳි හැඳි මිටේ පැටලෙනවා. එහෙම කරලා ඕන නැති කෙඳි ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම මේවා කපලා වතුරට දාගන්න. කහට පිපෙන්න පුලුවන් නැත්තම්.

දැන් දියකිරි එකතුකරලා ලිපේ තියෙලා ගින්දර දාන්න. හොඳට තැම්බුනාට පස්සේ මිටිකිරි එකතුකරන්න. ඊට පස්සේ රහ බලලා ලුණු එකතු කරන්න. මේකට ඉඟුරු කෑල්ලකුත් තලලා දාන්න පුළුවන් නම් තමා හොඳ. නියඹලාව හොඳට පැහුනට පස්සේ නියම සුවඳක් එනවා. ඊට පස්සේ තියෙන්නේ හැන්දට පොඩි කෑල්ලක් අරගෙන රහ බලන්න. මේ එන සුවදට බඩ පිරෙනවා.

ඔය මල බද්දයට මේ නියඹලා හරිම හොඳයි කියලා කියනවා. ඊට වඩා වැදගත් වෙන්නේ විෂ නැති වෙන්න දායක වීමයි බඩවැල් ආමාශය පිරිසිදු කරන්න, මේ කෙසෙල් බඩ වල තියෙන කෙඳි වලට හොඳට පුළුවන්. බොරුවට පොෂ් වෙලා ලංකාවේ දේශීය දේවල් ඈත් කරලා නිකන් අමාරුවේ වැටෙන්න එපා. අහක දාන කෙසෙල් බඩය උයලා කාලා ඒ අත්දැකීම විඳගන්න. ඇත්තටම මේක හරීම රසයි. අදම හදලා බලන්න.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්