පොල් වතුර මෙච්චර ගුණයි කියලා හිතුවේ නැහැ නේද

පොල් ගෙඩියක් හැදෙන්නෙ මාස කිහිපයක් තිස්සෙ සිදුවන ජෛව පිරිසිදු වීමේ ස්වාභාවික ක්‍රියාවලියකට ලක් වෙලා..  ඉතින්  ඒකෙ තියන පොල් වතුරේ  අවසාන සංයුතිය, අපේ සෛල ප්ලාස්මාවේ සංයුතියටයි රුධිරයේ අයනික සංයුතියට ගොඩක් සමානයි.

පොල් වතුරවල සුලභව පවතින පොටෑසියම්, සෝඩියම්, ක්ලෝරයිඩ්, මැග්නීසියම් වගේ අයන වර්ගයි, සුළු වශයෙන් තියන ස්වභාවික සීනියි නිසා  අයණික ගුණ අතිනුත් විශිෂ්ටයි.

ඒ වගේම පොල් වතුර සහ මදය ආහාරමය තන්තු වලින් ඉතාම පොහොසත්. ඒ කිව්වෙ මැංගනිස්, අයඩින්, සල්ෆර්, සින්ක්, සෙලෙනියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ, විටමින් බී, සී, ඊ වගේ  ක්ෂුද්‍ර පෝෂකත් තියෙනවා.

ඒ වගේම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල, කාබනික අම්ල, ප්‍රතිඔක්සිකාරක, ජෛව ක්‍රයාකාරී එන්සයිම වර්ග, ශාක රසායන, කාබනික අම්ල, පුතිඔක්සිකාරක, ජෛව ක්‍රියාකාරී එන්සයිම වර්ග , ශාක රසායන, ශාක හෝමොන වර්ග වගේම හදවතට හිත කර මේදයත් අන්තර්ගත වෙනවා.

කොහොම වුණත් අපේ රටේ දේශීය වෙදකමේ දී ඖෂධයක් විදියට තැඹිලි වතුර පොල් වතුර ඉතිහාසෙ ඉඳලම භාවිතා කරනවනෙ. විශේෂයෙන් තැඹිලි වතුර ප්‍රසිද්ධ ඇඟ නිවන ඔසුවක් විදියට.

පොල්  වතුරෙ තියන අධික ඛනිජ ලවණ සංයුතිය නිසා, හෘදයාබාධ අධික රුධිර පීඩනය වැලැක්වීමේ ඖෂධීය ගුණයක් එහි අඩංගුයි.

බටහිර ඖෂධ අධිමාත්‍රාවකින් ශරීර ගත වුනොත් එහි විෂ නසන්නත්, ආහාර වරගවල තිබෙන පළිබෝධනාෂක අමතර කොටස් හා අසනික් කැඩීමියම් වගේ බැර ලෝහ කොටස් නිසා සිදුවන හානි අවම කරන්නත් පොල් හා තැඹිලි වතුර භාවිතා කරනවා.

තැඹිලි පොල් කුරුම්බා වතුරවල මොනෝලොරික් ඇසිඩ් (Monolauric Acid) කියන අතවශ්‍ය මේද අම්ලය අඩංගු වන නිසා එය අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කරන්න වගේම ලෙඩ රෝග වලින් අපව ආරක්ෂා කරන්නත් හේතු වෙනවා. දිය වැඩියා රෝගය පාලනය කිරීම සදහාද තැඹිලි වතුර වැදගත් වෙන බවත් පරීක්ෂණ වලින් සොයා ගෙන තිබෙනවා.

තැඹිලි වතුර අපේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් අඩු කරන්නත්, හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිරීමටත් හේතු වන අතර, එහි පොටෑසියම් වැඩි සාන්ද්‍රණයකින් අඩංගු වන නිසා හදවත රකින විශිෂ්ඨ ආහාරයක් වෙනවා. තැඹිලි, කුරුම්බා හා පොල් වතුරෙහි, පිළිකා ඇති වීමට හේතු වන නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කරන ප්‍රතිඔක්සිකාරක වලින් ද පොහොසත් බව සොයා ගෙන තියෙනවා. තැඹිලි වතුරෙහි සින්ක් සහ සෙලෙනියම් වගේ ඛණිජ ලවණ වර්ග තියෙන නිසා , ලිංගික සරු බවට , මද සරු බව දුරු කරන්නත් ගුණදායක බව පැවසෙනවා.

මහළු අයට වගේම ඝණ ආහාර දිරවීම අපහසු රෝගීන්ට ලබා දෙන්න පුළුවන් විශිෂ්ඨ පෝෂණීය පානයක් තමයි තැඹිලි වතුර කියන්නේ. මවු කිරි වල තිබෙන ලෝරික් අම්ලය පොල් සහ තැඹිලි වතුරෙහි ද අඩංගු වන නිසා සකස් කළ ළදරු කිරිපිටි වර්ග වලට වඩා තැඹිලි වතුර ගුණදායක බව කියනවා. ගර්භනී මවුවරුන්ද පොල් තැඹිලි වතුර පානය කිරීම ගුණදායකයි.

ශරීරය අධිකව වෙහෙසට පත්වන අවස්ථා වලදී හා විජලන තත්ත්වයන් වලදී තැඹිලි හෝ කුරුම්බා වතුර පානය කිරීමෙන් විශිෂ්ඨ ගුණ ලැබෙනවා. දිනපතා උදෑසන පොල්/කුරුම්බා/තැඹිලි පානය කිරීම මඟින් ලැබෙන ප්‍රතිලාබ ඔබත් අත්විඳින්න. ඔබේ දරුවන්ට පුංචි කාලයේ ඉඳලා කෘතීම රසකාරක, කල්තබා ගන්නා ද්‍රව්‍ය, වර්ණක, DCD, මෙලමයින්, ලුණු, තෙල්, සීනි අධික ආහාර වලට හුරු නොකර ස්වභාවික රසයට හුරු කරන්න.

ඔබ දන්නවාද ශ්‍රී ලංකාවේ දිනකට පොල් වතුර ලීටර් 6500000 පමණ විසි කරනවා. ඇමරිකාවේ පොල් වතුර ලීටරයක් ඩොලර් 5ක් පමණ මුදලකට මිලට ගත හැකියි. හිතන්න අපි කොයිතරම් අ$පරාධයක්ද මෙච්චර කල් කරලා තියෙන්නෙ. එක්සත් රාජධානියේ එය පවුම් 3ක් පමණ මිලකට අලෙවි වනවා. නමුත් අපිට රුපියලක්වත් වැයවෙන්නෙ නැහැ. මොකද අනිවාර්යෙන්ම ගෙදරක දවසට එක පොල් ගෙඩියක් හරි බිදිනවානෙ.

ඇමරිකාවේ පමණක් 2013 වසරේ ඩොලර් මිලියන 395ක පොල් වතුර අලෙවියක් වාර්තා කර තිබෙනවා. 2004 මෙට්‍රික් ටොන් 10 000ක්ව පැවැති පොල් වතුර ආනයනය 2013 වන විට මෙට්‍රික් ටොන් 100 000 දක්වා වර්ධනය වන තරමට ඇමරිකානුවන් මෙම ස්වභාවික පෝෂ්‍යදායී පානයට හුරු වෙලා.

සම වියපත් වීම අවම කිරීමට පොල් වතුර සැලකිය යුතු බලපෑමක් කිරීමට සමත්. ප්‍රති පිළිකා කාරක ගුණය , සිරුරේ පී.එච් අගය සමබරව පවත්වා ගැනීමට අවශ්‍ය සංඝටක  සහ නව සෛල උත්පාදනයට අවශ්‍ය සයිටොකයින්ස් හා ලෝරික් අම්ලයත් පොල් වතුරේ අඩංගුයි. පොල් වතුර මැග්නීසියම් සහ පොටෑසියම් බහුලයි.අඩු රුධිර පීඩනය වැනි රෝග වලින් පෙලෙන අය සදහා ඉතා ගුණදායකයි. එය හෘදයාබාධ අවදානම අඩු කරයි. රුධිර සංසරණය පාලනය කරයි.

පොල් වතුර  නිතිපතා පානය පිළිකා සහ හෘද රෝග ශරීරය තුළ ඉන්සියුලින් මට්ටම පාලනය කරයි. පොල් වතුර පොටෑසියම් වලින් පොහොසත් බැවින් වකුගඩු සහ මුත්‍රාශය ආශ්‍රිතව ගල් ඇතිවීම වළක්වා වකුගඩු ගල් දියකර හැරීමට උපකාරී වෙනවා.

පොල් වතුරෙහි ෆෝලික් අම්ලය, පොස්පටේස්, කැටලේස්, ඩිහයිඩ්රොපජෙනේස්, ඩයස්ටේස්, පෙරොක්සිඩේස් හා පොලිමරේස් වැනි එන්සයිම වලින් සමන්විතයි. මේ එන්සයිම ආහාර ජීරණය පහසු කර පරිවෘත්තීයට මහෝපකාරී වේ. ඇතැම් පලතුරු වර්ග වලට වඩා කැල්සියම්, මැග්නීසියම් සහ සින්ක් තියන පොල් වතුර අපූරු ශක්තිජනක පානයක්.

පොල් වතුර, අතීසාරය, කොලරාව, පාචනය සහ උණ හේතුවෙන් ඇතිවන විජලනය සඳහා හොඳ ප්‍රතිකාරකයක්. පොල් වතුර මඟින් රුධිර සෛල අනුපාතය(බ්ලඩ් කවුන්ට්) නිසි පරිදි පවත්වා ගන්නා බව සොයා ගෙන තියනවා. පොල් වතුර කෝප්ප දෙකක කිරි වීදුරුවක අඩංගු කැල්සියම් ප්‍රමාණය අඩංගුයි. එමගින් අස්ථි, මාංස පේශී සහ පටක ශක්තිමත් කරනවා.

මානසික පීඩනය, විෂාදියට අඩු කිරීමට සහාය වන විටමින් බී ව්‍යුත්පන්න සහ වෙනත් ස්වභාවික පෝෂක වලින් සමන්විත යි. පොල් වතුර මුත්‍රා පද්ධතිය පවිත්‍ර කරමින් ලේ පිරිසිදු කිරීම කාර්යක්ෂම කරයි. දෙහි යුෂ සමඟ පොල් වතුර පානය විජලනය සහ දරුවන්ගේ පණු රෝග සුව කිරීමටද උපකාරී වී තිබෙනවා. බඩ පිපීම අවම කර සිරුරට සැහැල්ලු බවක් ගෙන දෙන එකම ස්වභාවික ප්‍රතිකාරකය පොල් වතුර බව සොයාගෙන තියනවා.

පොල් වතුර සිරුරේ බර අඞු කිරීමට සඳහා ලොව පුරා සියවස් සඳහා භාවිතා කර ඇති අතර ධනාත්මක ප්‍රතිඵල පෙන්නුම් කර තිබෙනවා. කුරුම්බා වතුර මළබද්ධය, අජීර්ණ, විෂ නැසීමට, ඩෙංගු උණ, අතීසාරය වැනි රෝග සඳහා හොඳම ඖෂධයක්. පහසුවෙන් ඖෂධ අවශෝෂණය කර ගැනීමට උපකාරී වෙනවා.

අධි රුධිර පීඩන රෝගීන් සඳහා වෛද්යීවරු විසින් නිර්දේශ කරනු ලබනවා. එය නීරෝගී හා අලංකාර සමක් උරුම කරනවා.. සමේ තෙත් බව සහ මෘදු බව ඇති කර තෙල් මට්ටම පාලනය කරන අතර සම කාන්තිමත් කරනවා..  තරුණ පෙනුමක් සඳහා, නැවුම්, සෞඛ්ය සම්පන්න සහ දිප්තීමත්ව සම තබා ගැනීමට නිතර පොල් වතුර පානය මඟින් උපකාර වෙනවා.

සන් බර්න් හෙවත් සම හිරු එළියෙන් පිලිස්සීම සැමටම පොදු ගැටළුවක්. පොල් වතුර මඟින් නිති පතා මුහුණ සේදීමෙන් සමෙහි පිළිස්සුම් සුව කරනවා. පොල් වතුර සමග සිහින්ව කුඩු කර ගත් කස්තුරි කහ, කොකුම් පොතු, කහ, වෙනිවැල්,සඳුන් , මුල්තානිමිට්ටි වැනි ද්‍රව්‍ය  මුසු කර ෆේස් මාස්ක්/සුක්‍රබ් කිරීම මඟින් මුහුණ සුන්දර කරවන බව පිළිගන්නවා. කෘතීම රූපලාවන්‍ය සත්කාරක මඟින් සමට වන හානිය ඉතා ඉහළ බව මතක තබා ගත යුතුයි.

අප බොහෝ පීඩා විඳින බව තවත් ගැටළුවක්  චර්ම රෝග. පොල් වතුර ආසාදන වලින් සම ආරක්ෂා කරන දිලීර නාශක ගුණ සහිතයි. පොල් වතුරින් නිතිපතා මුහුණ සෝදන සම මත ඇති කුරුලෑ, කළු ලප, රැලි සහ කැළැල්වලට තුරන් වෙනවා. පොල් වතුර, කෙස්වල ශක්තිමත් හා කොණ්ඩය ඝනත්වය වැඩි කරන්න සමත්. ස්නානය කිරීමට පෙර පොල් වතුර සමඟ ඔබේ හිසකෙස් සම්භාහනය ඔබ රළු සහ නො$හික්මුණු කෙස් කළඹකින් මිදෙන්නට හා ඔබේ හිසකෙස්, මෘදු, සුමටව හැසිරවීමට උපකාරී වනවා.. පොල් වතුරෙහි අඩංගු ලෝරික් අම්ලය හිසකෙස් වැටීම වළක්වා කේශ මූල ආරක්ෂා කර කෙස් දීප්තිමත් කරනවා.

ගර්භනී සමයේ පොල් වතුර පානය අතිශයින් ප්‍රයෝජනවත්. පොල් වතුර ප්‍රතිශක්තිය හා මව සහ දරුවා යන දෙදෙනාගේම සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීම සදහා උපකාරී වෙනවා. බැක්ටීරියා නාශක, දිලීර නාශක ගුණ ගර්භනී සමයේ ආසාදන හා රෝගී තත්ව වැළැක්වීමට සුදුසු පානයක්.

කුංකුම(Saffron) හා කහ පොල් වතුරට මිශ්‍ර කර පානය කිරීම ගර්භනී කාන්තාවන්ට නිර්දේශ කරනවා.. ගර්භනී කාන්තාවන් වැඩි වශයෙන් ආම්ලිකතාවය ගැටළු වලින් පෙළෙනවා. මෙම අදියරේ දී කෘතිම ඖෂධ හැකි තරම් මඟ හැරිය යුතුයි. ඒ නිසා පොල් වතුර ආම්ලිකතාවය හා හෘදය සඳහා හොඳම ස්වාභාවික පිළියමක්. ගර්භනී කාන්තාවන් තුළ ලේ පිරිසිදු කර මුත්‍රා ආසාදන වලකනවා.

පොල් වතුර කෘතිම රසකාරක සහ වර්ණ, අස්වාභාවික සීනි, ෆෲක්ටෝස් සිරප් හෝ වෙනත් රසායනික වලින් තොර යි.

මම හිතනවා අද ඉදලා ඔයාලා පොල් වතුර ඉවත දාන එකක් නැහැ කියලා

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්