පාස්කු ප්‍ර හාරයට සහය දුන් බවට චෝදනා ලැබූ කෝටිපති ව්‍යාපාරික ඊබ්‍රහිම්ට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි, පාස්කු ඉරුදින ප්‍රහා රයට සම්බන්ධ මරා ගෙන මැ රෙන බෝම්බ කරුවන් දෙදෙනෙකුගේ පියා වන කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් සහ තවත් විත්තිකරුවෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ඇප මත නිදහස් කර ඇති අනෙක් විත්තිකරු මොහොමඩ් හිජාස් නැමැත්තෙකි.

විත්තිකරුවන් අද (මැයි 25) කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් එම නියෝගය ලබා දෙන ලදී.

2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍ර ස්ත ප්‍රහා රයක් එල්ල කිරීමට නියමිත බව තොරතුරු දැනගෙන ඒ පිළිබඳව පොලිසියට තොරතුරු වසන් කළේ යැයි චෝදනා කොට දෙමටගොඩ, මහවිල උද්‍යානයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඉබ්‍රාහිම් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ත්‍රස්ත වාදය වැළැක්වීමේ පනත හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබිණි.

අනෙක් සැක කරු වන මොහොමඩ් ඉස්මයිල් අහමඩ් යන පුද්ගලයාගේ ඇප ඉල්ලුවද එම ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්