කොවිඩ් 19 ආසාදිතව සිටින සෞඛ්‍ය ඇමැතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ධම්මික පැණිය පානය කළේ එක් අවස්ථාවකදී පමණක් බව ඇයගේ සැමියා වන සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති කාංචන ජයරත්න මහතා පුවත්පතකට පවසා ඇත.

ඇමැතිනිය ධම්මික පැණිය එක හැන්දක් පමණක් මාධ්‍යයට දැක ගැනීමට ප‍්‍රසිද්ධියේ පානය කළ බවය ජයරත්න මහතා එහි සඳහන් කා ඇත.

ඔහු කියා සිටියේ “ඇමැතිවරියට කොරෝනා ආසාදනය වීම පුදුමයක්. ළඟදී දවසක ඇය උගුර ටිකක් රිදෙනවා කිව්වා හින්දා පී. සී. ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණයකට ලක්වුණා. ඇමැතිනිය හික්කඩුව ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක පසුවනවා. අපි නිවසේ නිරෝධායන වෙනවා. නිවසේ වැඩ කරන ආරක්ෂක සේවයේ යෙදී සිටින සියලූම දෙනාත් පී. සී. ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කළා. ඇමැතිනිය හැර අප කාටත් කොරෝනා වැළඳී නැති බව තහවුරු වුණා.” යනුවෙන්ය.

මෙන්න බලන්න තවත් පුවත්