අපි අද කතාකරන්න සුදානම් වෙන්නේ මේ දවස්වල ජනප්‍රියම චරිතයක් සහ කලාවට ටිකක් අලුත් කෙනෙක් එක්ක. නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යට අලුතෙන් ආපු චරිතයක්,ඊට කලින් ජනප්‍රියම ගීතයක් වන අන්සතු ඔබ වෙත ගීතයට ඇය රංගනයෙන් දායක වුනා.

මේ දවස්වල ගීතානි මිස් විදියට හැම කෙනෙක්ම කතාකරන ඇය නමින් නිපුනි පුජිතා ගුණවර්ධන. එහෙනම් ඇයගේ සැබෑ ජිවිතේ ගැනත් දැනගන්න බොහෝ දෙනෙක් ගොඩක් කැමැත්තෙන් ඉන්නවා ඇති ඒ නිසා අපි මේ විදියට ඇය ගැන පුංචි විස්තරයක් ගෙන එන්න සිතුවා.

කලින් මම රංගනයෙන් දායක වුන් අන්සතු ඔබ වෙත කියන ගීතය නිසා තාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් ගොඩක් සතුටුයි මාව එහෙම ආදරෙන් පිළිගන්න එක ගැන සහ අගය කිරීම ගැන. දැන් නාඩගම්කරයෝ කතාවේ ගීතානි විදියට ලැබෙන ප්‍රතිචාර හරිම හොඳයි.

මම තාම ටෙලිනාට්‍යට අලුත් මේකට එකතු වෙලා වැඩි කාලයක් වුනෙත් නැහැ මන් රඟපාන කොටස් ගොඩක් විකාශය වෙලත් නැතුව හිතුවටත් වඩා ඉක්මනින් හොඳ ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා.ගීතානි මින් සරා එක්ක හාද වේවිද?

එහෙම දෙයක් ගැන දන්නේ නැහැ,තාම ටෙලිනාට්‍යට ආවා විතරයි.ඉදිරියේදී සිද්දවෙන දේ ගැන දන්නේ ඉතින් කතාවේ රචකයා තමයි. මන් දැනට එච්චර ජනප්‍රිය නිලියක් නෙවෙයිනේ,මීට කලින් චිත්‍රපට වලට රන්ඵනයෙන් දායක වෙලා තියනවා. හීන හොයන සමනල්ලු සහ එලේවල් කියන චිත්‍රපට වල හිටියා.

2019 මිස් ශ්‍රී ලංකා තරඟයේ අවසන් වටය දක්වා ආවා. මගේ ගම අම්පාර දැන්නම් පදිංචි වෙලා ඉන්නේ කඩවත.ගොඩක් නිර්මාණ වලදී මට සරි අඳින්න ලැබෙනවා,අන්සතු සින්දුවේ වගේම නාඩගම් කාරයෝ කතාවෙත් සාරි අඳින චරිතයක් ලැබුනේ.

ඇත්ත ජීවිතේදී නම් මන් සාරි අඳින කෙනෙක් නෙවෙයි ගොඩක් අය කියනවා මම තාත්විකව රඟපෑම් කටයුතු කරනවා කියලා.මුලින්ම හිටිය අන්සතු සින්දුවේ මේකප් එකක්වත් දැම්මේ නැහැ ස්වභාවික පෙනුමෙන්මයි හිටියේ.ගොඩක් නිර්මාණ වලට ආරාධනා අලබුනට හදිස්සි වෙලා හැම එකකටම යන්න අදහසක් නැහැ.මගේ ලොකු අයියා අනෝජ් පූජිත ඇමරිකාවේ හමුදාවේ ඉන්නේ.ඔහුගෙන් අහලා තමයි හැම දෙයක්ම කරන්නේ.

nai fm vlog පිටුවෙන් උපුටා ගන්නා ලදී.

 

මෙන්න බලන්න තවත් පුවත්