දිව්‍ය මහ ඖෂධී ලෙස හදුන්වන ගොටුකොළ සතු විස්මිත ගුණ

ගොටුකොළ යනු ඖෂධීය ගුණ රැසකින් සමන්විත අගනා ශාකයකි. ආයුර්වේදයේදී බොහොමයක් රෝග සමනය කිරීමට යොදා ගන්නා මෙම ශාකය, දීර්ඝායුෂ ලබාදෙන මතකය, නුවණ වඩවන ස්වාභාවික දිව්‍ය ඖෂධයක් වශයෙන් හඳුනා ගත හැකිය. එම නිසාම බ්‍රාහ්මී, දිව්‍යා සහ මහෝෂධී යන නම්වලින් ද ගොටුකොල හඳුන්වනු ලබනවා.

ඖෂධීය භාවිතයන්ට අමතරව විවිධ සූප ශාස්ත්‍ර භාවිතයන් උදෙසා ද යොදාගනු ලබන ගොටුකොළ, ආහාරයට එක් කර ගැනීමෙන් අපට ලැබෙන ප්‍රතිලාභ රැසකි.  එනිසා ගොටුකොළ නිතර අපේ ආහාර වේලට එක් කර ගැනීමට කටයුතු කිරීම යෝග්‍ය වේ.

සංස්කෘත භාෂාවෙන්  දිව්‍ය මහ ඖෂධී ලෙස හදුන්වන ගොටුකොළ හීන් ගොටුකොළ ලෙසද හෙල වෙදකමේදී භාවිතා කරන අතර ඉන්දියානුවන් බ්‍රහ්ම මණ්ඩුකී යන නම භාවිතා කරනු ලබනවා. බහු වාර්ෂික පැළෑටියක් වන ගොටුකොළ පැතිරැණ ස්වභාවයක් ගනී. සෘජු අලවලින් හා සරල පත්‍ර වලින් සමන්විත වන අතර ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු නිවර්තන කලාපීය සහ උප නිවර්තන කලාපීය රටවල වැවෙන ශාකයක් තමයි ගොටුකොල කියන්නේ. අතීත ශ්‍රී ලංකාවේ වියලි කලාප වල වල් පැළෑටියක් තරමටම දක්නට ලැබුණු අතර වර්තමානයේදී වද වීමේ තර්ජනයට ලක්ව තිබෙනවා.
ආහාරයක් වශයෙන් හා ඖෂධයක් වශයෙන් භාවිත කළ හැකි ගොටුකොළ ඉතා පහසුවෙන් ව්‍යාප්ත වෙයි. ඉහළ පෝෂ්‍ය පදාර්ථයකින් යුත් ගොටුකොළ
  • ප්‍රෝටීන්
  • විටමින්
  • කැල්සියම්
  • පොස්පරස්
  • යකඩ
  • කැරටින්ද ඉතා ඉහළ මට්ටමක පවතී.
නූතන විද්‍යාව මගින් පර්යේෂණ රාශියකට භාජන කර ඇති ගොටුකොළ වල පිළිකා නාශක ගුණයද ඇති බව සොයාගෙන තිබෙනවා. කුඩා දරැවන්ගේ බොහොමයක් රෝගවලට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙසද බුද්ධිය වර්ධනය කිරීමේ හැකියාවද ඉහළ මට්ටමක පවතිනවා.

 ඖෂධීය ගුණයන්

1.   ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක පවතී.
2.   පීනස් රෝගයට හිතකරයි.
3.   රැධිරය පිරිසිදු කරයි.
4.   ආහාර රැචිය ඇති කරයි.
5.   ආහාර දිරවීමේ ක්‍රියාවලිය හොදින් සිදු කරයි.
6.   සමේ රෝග සුවපත් කිරීමේ හැකියාව ඇත.
7.   කුඩා දරැවන්ගේ පණු රෝග සුව කරයි.
8.   ධාරණ ශක්තිය වර්ධනය කරයි.
9.   මල බද්ධය නැති කරයි.
10.  සර්ප විෂ නැසීමේ ගුණය ඇත.
11.  අර්ශස් රෝගින්ට හිතකරයි.
12. උමතු රෝගීන්ගේ රෝගය පාලනය කරයි.
13.  මුත්‍ර රෝග සදහා ගුණය.
14. පුරැෂයින්ගේ ධාතු ශක්තිය වැඩි කරයි.
15. ස්නායු දුබලතා මගහරවයි.
16. ශරීරයේ ඇති වන ඉදිමුම් පාලනය කරයි.
17. හිසකෙස් පෝෂණය කරයි.
18. ඇස් පෙනීම වර්ධනය කරයි.
19. සෙම් රෝග සමනය කරයි.
20. තරැණ බව රැකදෙයි.

පහත ආකාරයෙන් ගොටුකොල භාවිතා කරන්න පුළුවන්

ගොටුකොළ දියවැඩියාව පාලනය කිරීමට භාවිතා කළ හැකි කදිම ඖෂධයකි. එබැවින් නිතර ඔබේ ආහාර වේලට ගොටුකොළ සම්බෝල, ගොටුකොළ කැඳ එකතු කර ගන්න. ගොටුකොළ පත්‍ර තේ හැදි 1ක් පමණ ජලයේ තම්බා පෙරා ගෙන නින්දට පෙර පානය කරන්න. ඔබට සුවදායි නින්දක් ලබා ගැනීමට හැකි වෙනවා.

නිදන්ගත වණ, දද වැනි සමේ රෝග සමනය කිරීමේ හැකියාව ගොටුකොළ සතුව තිබෙනවා. මේ සඳහා ගොටුකොළ පත්‍ර, එළකිරි සහ ගිතෙල් සමඟ තම්බා සිසිල් කර සම මත ආලේප කරන්න.

රක්තහීනතාවය සමනය කිරීමට ගොටුකොළ සහාය වේ. මේ සඳහා ගොටුකොළ සාරය මේස හැන්දක් මී පැණි තේ හැදි 1 ක් සමඟ දිනකට එක්වර බැගින් මාසයක් පානය කිරීමට කටයුතු කරන්න.

ගොටුකොළ සෙම්ප්‍රතිශ්‍යාව සමනය කිරීමට ද භාවිතා කළ හැකිය. ගොටුකොළ පත්‍ර වියළා ලබා ගන්නා කුඩු, මී පැණි සමඟ මිශ්‍ර කර පානය කිරීමෙන් ඇදුමට, සෙම්ප්‍රතිශ්‍යාවට සහ උණට සහනයක් ලබා ගත හැකිය.

කටහඬ මිහිරි කිරීමට ද ගොටුකොළ වලට හැකියාව ඇත. ඒ සඳහා ආමන්ඩ් ඇට 2 ක් සමඟ ගොටුකොළ අඹරා දිනපතා උදෑසන ආහාරයට ගැනීමට කටයුතු කරන්න. ශරීරය ශක්තිමත් වන අතර මිහිරි හඬක් ද ඔබට ලබාගන්න පුළුවන්.

ගොටුකොළ පත්‍ර වියලා කුඩු කර එම කුඩු තේ හැන්දක් මී පැණි සමඟ දිනකට දෙවරක් පානය කිරීමෙන් මතක ශක්තිය වැඩි වෙනවා.

දත් වල ඇති මැලියම් ඉවත් කිරීමට ගොටුකොළ භාවිතා කළ හැකිය.එසේම විදුරුමස් ශක්තිමත් කරන දත් කුඩු ලෙස ද මෙය භාවිතා කළ හැකිය,මේ සඳහා ගොටුකොළ පත්‍ර වියළා කුඩු කර භාවිතා කරන්න.

ගොටුකොළ රතුළූණු, සුදුළූණු සහ ගම්මිරිස් සමඟ මිශ්‍ර කර ආහාරයට ගැනීමෙන් තෙහෙට්ටුව සමනය වනු ඇත. අකලට හිසකෙස් හැලීම, සුදුවීම වැනි හිසකෙස් ආශ්‍රිත රෝග සඳහා ගොටුකොළ යනු කදිම ඖෂධයකි. රක්ත අර්ශස්, රක්ත අතීසාරය ආදිය හේතු කර ගෙන ශරීරයේ රුධිර ගැලීම් තත්ත්වයන් ඇතිවන අවස්ථාවල දී ගොටුකොළ ඖෂධයක් ලෙස භාවිත කරයි.

ගොටුකොළ වල ඇති සුවිශේෂි සංයෝග සහ සංඝටක මගින් ආතරයිටීස් රෝගය ඇති වීමේ අවදානම අවම කරයි.අධ්‍යනයකින් පවා හෙළි වී ඇත්තේ ගොටුකොළ වල ඇති ප්‍රති ඔක්සිකාරක වලට කාටිලේජ සහ අස්ථි අශ්‍රිතව නිතර ඇති වන රෝග වැළක්වීමේ හැකියාව ඇති බවයි.

ගොටුකොළ, අක්මාවේ සහ වකුගඩු වල ඇති විශ ශරීරයෙන් ඉවත් කිරීමට උපකාරී වේ.විශේෂයෙන් විවිධ රෝග සදහා ගනු ලබන ප්‍රතිජීවක මගින් ශරීරයේ ඉතිරි වන විෂ කොටස් ගොටුකොළ වල ඇති සංයෝග සහ සංඝටක මගින් ඉවත් කරනු ලබයි.

ගොටුකොළ වල ඇති විශේෂ සංයෝග මගින් ආතතිය, මානසික රෝග ඇතිවීම වළක්වනු ලබයි.

අපි නොහිතන තරම් අසීමිත ගුණයන් ගොටුකොළ සතුව පවතිනවා. ඉතින් පලා වර්ග පිගානෙ කොණට කරන්නේ නැතිව ආහාරයට ගන්න.

මෙන්න බලන්න තවත් පුවත්