ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ අපට සිටින ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පිනිය තමයි අයිරංගනී සේරසිංහ මහත්මිය කියලා කියන්නේ. පරිසරයට සතා සිවුපාවන් ට පුංචි කාලේ ඉදන්ම ආදරය කරන ඇය හරි අපූරු සුන්දර චරිතයක්.වර්ෂ 1924 ජූනි මස 9 වැනි දින පවුලේ දෙවැනි දරුවා විදිහට මෙලොව එළිය දකින එතුමිය රුවන්වැල්ල මුහුදු ගමුව මීදෙණිය වලව්වේ දී තමයි හැදී වැඩෙන්නේ.

අයිරාංගනී සේරසිංහ මහත්මිය පුංචි කාලේ ඉඳන්ම හරිම දඟකාර චරිතයක්.අහල පහළ ළමයි එක්ක වෙල්දෙනිවල නටලා දුවලා පැනලා ගෙදර එන්නේ හවස් වෙද්දි.ඒ නිසාම ගෙදරින් ඇයට නමක් දානවා චන්ඩි කියලා.ඒ වගේ හරිම සුන්දර කාලයක් තමයි එතුමිය ගත කරන්නේ.

පාසල් යන කාලේ හොඳින් අධ්‍යාපනය ලබන එතුමිය විවිධ ප්‍රසංග වලට ඒ කාලේ සහභාගි වෙලා තියෙනවා නර්තනය රංගනය කියන්නේ උපතින්ම ඇයට හිමි වුනු දක්ෂතාවයන්.මෙහෙම ඉගෙනීම් කටයුතු සිද්ධ කරද්දී ඇය වාසනාවන්ත වෙනවා උසස් පෙළ විභාගය සමත් වෙලා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්න.

නමුත් ඒ කාලේ ගොඩක් දෙනෙක් අතර තිබුණු මතයක් තමයි ගැහැණු ළමයි වැඩිදුර අධ්‍යාපනය හදාරන්න ඕනෑ කියන දේ. ඉතින් අයිරාංගනී සේරසිංහ මහත්මියගේ තාත්තත් ඒ මතයේම හිටියා. නමුත් වගකිවයුතු පුද්ගලයකු ගේ ඉල්ලීම මත ඇයට හැකියාව ලැබෙනවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න.

මේ විදිහට කාලය ගත කරපු අයිරාංගනී සේරසිංහ මහත්මිය වේදිකා නාට්‍යවල රඟපාන අතරතුර වින්ස්ටන් සේරසිංහ කියන රංගන ශිල්පියාව හම්බ වෙනවා. අන්න එතනදී ඔහු සහ ඇය අතර ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩ නැගෙනවා.ඒ ප්‍රේම සම්බන්ධතාවය මත විවාහ වන ඔවුන් දෙදෙනා ආදරණීය පුතාලා දෙන්නෙකුගේ දෙමව්පියන් වුණා. එයින් එක් පුතෙක් නොසිතූ ලෙස රිය අනතුරකින් මේ ලෝකෙන් සමු ගන්නවා. ඒ පිළිබඳව එතුමිය පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ පහත ආකාරයටයි

රවී සේරසිංහ සහ රංජිත් සේරසිංහ තමයි අපේ ආදරණීය පුතාලා දෙන්නා.එතනින් රවී කියන මගේ පුතා හදිසි අනතුරකින් මේ ලෝකෙන් සමු ගත්තා. අදටත් මගේ හිතේ දුකකට කියලා තියෙන්නේ මගේ ඇස් දෙකෙන් මගේ දරුවාගේ සමුගැනීම දකින්න නොලැබුණු එකටයි එයා අහිමි වුණු එකටයි විතරමයි.

මේ වෙද්දි ජීවිතයේ සැදෑ කාලය ගතකරන එතුමිය වර්තමාන පරම්පරාවට හරි අපූරු ආදර්ශයක් මේ සාකච්ඡාව තුළදී ලබා දෙනවා.

“ඉතින් මම අපේ ආදරණීය ඉදිරි පරම්පරාවට කියන්නේ අම්මා තාත්තට කීකරු දරුවෝ වෙන්න.නිතර අධ්‍යාපන කටයුතුවල නියැළෙන්න. තරුණ වයස දී බුද්ධිමත්ව හිතලා බලලා තමන්ට ගැලපෙන කෙනා තෝරා ගන්න.හැම වෙලාවෙම රටට වැඩදායී පුද්ගලයෙකු විදිහට තමන්ගේ යුතුකම් හරිහැටි ඉටු කරන කෙනෙක් වෙන්න.එතකොට ඉබේම ඔබ රටක් ආදරය කරන ආදරණීය චරිතයක් වෙලා අවසන්.

මේ වන විට ජීවිතයේ සැඳෑ කාලය ගතකරන එතුමිය නිතරම පරිසරයත් එක්ක තමයි පුංචි කාලේ ඉදන්ම හැදී වැඩුණේ.එනිසාම රුක් රැක ගන්නෝ පරිසර සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකාවක් විදිහට ඇය කටයුතු කරනවා.ජීවිතයේ සොඳුරු මතකයන් එක්ක ගත කරන අයිරංගනි සේරසිංහ මහත්මිය ඇගේ සැදෑ කාලය පිළිබඳව වචන කීපයක් හුවමාරු කරගත්තේ මේ විදිහටයි.

අවුරුදු 95 කියන්නේ ලොකු වයසක්.මේ වගේ වයසක් ගත වෙද්දි ඉබේම ඇතිවෙන ඇඟපතේ අමාරුකම් එක්ක ඇඳට වෙලා පොතක් කියවන්න තමයි මම අද වැඩිපුරම ආස කරන්නේ.වයසත් එක්ක මගේ ඇඟේ කොච්චර අමාරුකම් තිබ්බත් මම අදටත් මගේ අත් උදව් කාරිය සමග හැමදාම හැන්දෑවට මිදුලෙ වාඩිවෙලා කුරුල්ලො අහසේ කරනම් ගහන හැටි ලේනු ගස් උඩ කරන දේවල් වගේම පාවෙන වලාකුළු අතර ඉර හැංගෙන හැටි බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන්.

ඉතින් තවත් චිරාත් කාලයක් මේ විදිහටම ඉතාමත් සතුටින් නිරෝගීව ජීවත් වෙන්න ඇයට වාසනාව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

 

මෙන්න බලන්න තවත් පුවත්