දන්න කංකුන් වල නොදන අසීමිත ගුණ කන්දරාව

අපි හැමදාම බොහොම ගුණවත් සෞඛ්‍යයට හිතකර රසවත් ආහාර පිළිබඳව ඔයාව දැනුවත් කරනවා. ඉතින් ඒ වගේ ගුණවත් ආහාරයක් පිළිබඳව කතා කරන්නයි සූදානම් වෙන්නේ. ඒ  පලා වර්ගයක් ගැන. මේ පලා වර්ග නම් ගොඩක් අය දාන්න කියන පලා වර්ගයක්. මේ පලා වර්ගය ගැන හැමෝම දැනුවත් වුණත් මේ පලාවේ තියෙන නියමිත ගුණ සහ ප්‍රයෝජන නම් ගොඩක් අය දන්නේ නැතුව ඇති. අන්න ඒ නිසයි මේ පලා වර්ගයේ තිබෙන ගුණ සහ ප්‍රයෝජන පිළිබඳව ඔයාලා හැමෝම දැනුවත් කරන්න හිතුවේ.

kakun

Ipomoea aquatica යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කංකුන් යනු රසයෙන් මෙන්ම ගුණයෙන් ද අනූන පලා වර්ගයක්. ජලය ආශ්‍රිතව වැවෙන ශාකයක් වන කංකුන්, ඉන්දියාව, චීනය, වියට්නාමය, මැලේසියාව ආදි රටවල මෙන්ම අපේ රටේත් බහුලව දැකගන්න පුළුවන්. එසේම කඳ කොළ පැහැති සුදු මල් සහිත හා කඳ දම් පැහැති දම්පාට මල් සහිත යන ප්‍රභේද දෙකකින් කංකුන් යුක්ත වෙනවා.

කංකුං

සිංහලෙන් කංකුන් , ශත පර්වි , ශක පර්වා ලෙසටද ප්‍රාදේශීය වශයෙන් වෙල්පලා නමින්ද හදුන්වනු ලබන කංකුන් සදහා සංස්කෘතෙන් කාලම්බි , කරෙමු නමින්ද, දෙමලෙන් සර්කරීවල්ලී , නාලිකාම් , වල්ලිකොටි ආදී නාමයන් ගෙන් හදුන්වන කංකුන්වලට ඉංග්‍රීසියෙන් River Spinach , Water Morning Glory , Water Spinach කියයි.

Convolvulaceae කුලයට අයත් කංකුන් ශාකය ඖෂධීය බවින්ද යුක්තයි. ජලයේ හො තෙතමනය හොදින් ඇති ස්ථානවල පහසුවෙන් හා මනාව වැඩෙන්නකි කංකුන් ශාකය. කද 2 – 3 mක් හො ඊට වඩා දිගු වන අතර කදේ මැද හිස් බවින් යුතුය. කංකුන් කොල ඊතල ( සැජිටේට්) හැඩයක් ගන්නා අතර යම් වෙනස් වීම්ද යුතු පත්‍රද දැක ගන්න පුළුවන්. සිහින් දිග පත්‍ර වල මුල් කොටස පළල් වන අතර අග්‍රය දෙසට යන විට ක්‍රමයෙන් සිහින් වෙයි. හරිත වර්ණ පැළෑටියක් වන කංකුන් ඇතැමිවිට පඳුරු ලෙසද සරුවට වැඩෙනු දැක ගන්න පුළුවන්.

හොඳින් වැඩුණු පැළෑටියක් අඩි 1 1/2 ක් පමණ උසට වැඩෙයි. දණ්ඩේ පුරුක් රාශියක් තිබෙනවා. පුරුක් අසලින් සුදු පැහැති ආගන්තුක මුල් හටගතී. පුෂ්පය සුදු පැහැති වන අතර පුෂ්පයේ පහළ කොටස නාලාකාරවත් මුකුට දාරය රැලි සහිත වෙනවා. මල් පරවී පුන්චියට නටුවක් සහිතව ගෙඩියක් හටගන්නවා.

එතුල ඇති බීජ මගින් වගාවන් සරිකර ගත හැකි එක් ක්‍රමයක්. අතු කැබැලි මගින් පහසුවෙන් වවා ගත හැකි කංකුන් ශාකය ලංකාව , ඉන්දියාව , පිලිපීනය , වියට්නාමය , ඉන්දුනීසියාව ආදී බොහො රටවල දැකිය හැකිය. කංකුන් වල තවත් ප්‍රබේද අදවන විට ඇති අතර ඖෂධීය වශයෙන් පත්‍ර හීං වර්ගය හා පත්‍ර පළල් වර්ගය බහුලව යොදාගන්නවා.

ශරීර ශක්තිය වඩන හා ඇට මිදුලු වඩන වගේම ලේ සහ ශුක්‍ර ධාතු වඩන පෝෂණ ගුණ සපිරි කංකුන් ගැබිනි මවුවරුන්ට වාගේම දරුවන්ටද විශේෂයෙන් ගුණදායක වෙනවා. මවුවරුන්ට මවුකිරි වඩන්නට මෙන්ම දරුවන්ගේ ඇස් පෙනීමට , වර්ධනයට , කෙස්වල වර්ධනයටද සමේ ශක්තිය ඇතිකිරීමටද කංකුන් වඩාත් හේතු වෙනවා. ශරීර ශක්තිය දුර්වල වු අයගේ ශක්තිය වැඩිකරලීමටද කංකුන් වඩාත් ගුණදායක වන අතර නිතර අහාරයට ගැනීම තුළින් ශරීර වර්ධනයද සිදු වෙනවා. ශාරීරික විෂ සමනයටද ලේ පිරිසුදු කරලීමටද කන්කුන් විශිෂ්ට ඖෂධාහාරයක් සේ සදහන් කර ගන්න පුළුවන්.

ඔසු පිණිස සම්පූර්ණ පැළෑටියම භාවිතයට ගන්නා අතර කංකුන් වල ගුණ කර්ම මෙසේ සදහන් වෙනවා. රස – මධුර ගුණ – ශීත, ගුරු වීර්ය – ශීත විපාක – මධුර ආදී ලෙසටයි.

එසේම විටමින් A , C , B , D, විටමින් B -12, විටමින් B -6, නියැසින්, රයිබොෆ්ලේවින් මෙන්ම ප්‍රෝට්න්,යකඩ, කැල්සිම්, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම්, සෝඩියම්, සින්ක් ආදි පෝෂණ ගුණාංග රැසක් කංකුන් වල අන්තර්ගත වෙනවා. එපමණක් නොව ඖෂධීය ගුණ රැසකින් ද කංකුන් පොහොසත්. එම නිසාම බොහොමයක් රෝග සමනය කිරීමට කංකුන් වලට හැකියාව ඇත. එසේම කංකුන් යනු ආසියානු සූපවේදීන් අතරත් ජනප්‍රිය ශාකයක්.

කංකුන් වල ප්‍රයෝජන

  1. ලේ විෂ වූ විට කංකුන් කොටා මිරිකා යුෂ මේස හැදි දෙකක් පමණ බීම ගුනදායකය.
  2. ශක්තිය වර්ධනයට එලගිතෙලින් බැද ආහාරයට ගැනීම සුදුසුයි.
  3. පීනසටද කංකුන් මැල්ලුමක් ලෙසට හො එලගිතෙලින් බැද ආහාරයට ගැනීම සිදුකරයි.
  4. කන්කුන් කොළ අඹරා දෙහි ඇඹුලෙන් අනා ගෑමෙන් කුෂ්ඨ ද සුව වෙනවා.
  5. මලබද්ධයට ගුණ දෙන කන්කුන් බඩේ අමාරු අවස්ථාවල ආහාරයට නොගත යුතුමයි.
  6. පනු රෝග සදහා අක්මා රෝග සදහා මෙන්ම දියවැඩියාවටද ආහාර ලෙස ගැනීම සුදුසුයි.
  7. අර්ශස් , දියමැටියන් කෑම , පීනස හා පාසානම් විෂ ශරීරගත වූ පසු ආහාර සේ ගැනීම ඖෂධීය බවක් වෙයි.
  8. කංකුන් වල අඩංගු සං‍යෝග කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමට උපකාරී වේ.
  9. කංකුන්, තන්තු වලින් පොහොසත් වන බැවින් එය ඔබේ බඩවැල් චලනය කිරීමට උපකාරී වේ. එය ආහාර ජීර්ණ පද්ධතියට හිතකර වන අතර මල බද්ධය සහ අජීර්ණය සුව කිරීමට ද සහාය වේ.
  10. කංකුන් වල විටමින් A අන්තර්ගතයක් වේ. එබැවින් එය නීරෝගි ඇස් පෙනීම සඳහා අත්‍යවශ්‍ය වේ. තවද කංකුන් වල කැරටොනයිඩ හා ලූටින් අඩංගු වන අතර එය ඇසේ සුද ඇතිවීමේ අවදානම අවම කර ඇස් පෙනීම වර්ධනය කිරීමට සහාය වේ.
  11. කාන්තාවන් අතර සුලබව දක්නට ලැබෙන ගර්භිණී දියවැඩියාව පාලනය කිරීමට කංකුන් වලට හැකිය.
  12. කංකුන් යනු විටමින් c වලින් පොහොසත් ප්‍රභයවකි. එබැවින් එය ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වේ.
  13. කංකුන් වල මැග්නීසියම්, පොටෑසියම් අන්තර්ගත වේ. එබැවින් එය අධි රුධිර පීඩන මට්ටම පාලනය කිරීමට උපකාරී වන අතර හදවත් රෝග ඇති වීමේ අවදානම ද අවම කරයි.
  14. කංකුන් භාවිතයෙන් පාරජම්බූල කිරණින් සමට සිදුවිය හැකි හානි වලින් ඔබව ආරක්ෂා විය හැකිය. එසේම මුහුණේ රැලි වැටීම් වළකා වඩා තරුණ පෙනුමක් ලබා ගැනීමට ද කංකුන් උපකාරී වේ.
  15. කංකුන් සතුව විෂ නැසීමේ ශක්තියක් ඇත.එබැවින් කන්කුන් අක්මාවට හිතකරවේ.එය අක්මා ප්‍රදාහයන්ට එරෙහිව ක්‍රියා කරන අතර සෙංගමාලය, හෙපටයිටිස් වැනි රෝග පාලනය කිරීමට ද උපකාරී වේ
  16. අකලට කෙස් පැසීම, වැටීම , හිස් හොරි ආදි හිසකෙස් ආශ්‍රිත ගැටළු රැසක් සමනය කිරීමට කංකුන් උපකාරි වේ.
  17. නින්ද නොයෑම ආශ්‍රිත ගැටළු රැසකට සහනයක් ලබා ගැනීමට කංකුන් ආහාරයට එක් කර ගැනීමෙන් ඔබට හැකි වනු ඇත.
  18. කංකුන් වල ඇති සුව කිරීමේ හා විෂබීජ නාශක ගුණ නිසා සමේ කැසීම් සමනය කිරීමට එය උපකාරී වේ.
  19. කංකුන් ආහාරයට එක් කර ගැනීමෙන් ඔබේ සමේ සෞඛ්‍යය නීරෝගීභාවය වැඩි දියුණු කර ගත හැකිය.එය ශරීරයෙන් හානිකර විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමෙන් ඔබේ සම නැවත පණගන්වයි.එසේම කුරුලෑ වැනි සමේ ගැටළු රැසක් සුව කිරීමට ද එය උපකාරී වේ.
  20. කංකුන් වල පිළිකා සෛල මර්දනය කිරීමේ ගුණාංග අන්තර්ගත වේ. එබැවින් එය උදර , චර්ම , හා පියයුරු පිළිකා ඇති වීමේ අවදානම අවම කරයි.
  21. කංකුන් ආහාරයට ගැනීමෙන් ඔබේ අස්ථි සෞඛ්‍යය වැඩි දියුණු වේ.
  22. කංකුන් යනු යකඩ වලින් පොහොසත් ප්‍රභවයකි.එබැවින් එය රක්තහීනතාවය ඇති පුද්ගලයින් සඳහා හොඳම ආහාරයකි.මන්දයත් එය හිමොග්ලොබින් මට්ටම වැඩි කිරීමට උපකාරී වේ
කංකුං ඩෙවල්

කංකුන් විවිධාකාර වශයෙන් මිනිසුන් ආහාරමය භාවිතයට යොදා ගන්නා අතර වස විස නැති ගමේ පලාවක් ලෙසට බහුතරයක් දෙනා කංකුන් ආහාරයට ගැනීමට ප්‍රියයි. කංකුන් තෙම්පරාදුවට ඒවගේම ඩෙවල් ලෙසට ව්‍යංජනයට මෙන්ම පරිප්පු සමගද ආහාරයට ගනියි. ප්‍රාදේශීය වශයෙන් කංකුන් යොදා ක්‍රම රාශියකට ආහාර පිනිස භාවිතය බහුලව දැක ගන්න පුළුවන්.

හොඳ වගේම නරක ගැනත් අපි දැනගන්න ඕනනෙ.

ආසාත්මිකතා

සමහර අයට කංකුන් ආහාරයට ගැනීමෙන් කැසීම, රතු කුෂ්ට හෝ කරකැවිල්ල වැනි ආසාත්මිකතාවයක් ඇති වෙන්න පුළුවන්. තවද නිසි ලෙස පිරිසිදු නොකරන ලද කන්කුන් පරිභෝජනය මඟින් ආමාශයික බිත්ති සහ අවට ඇති අනෙකුත් පටක වලට ආසාදනයන් ඇති කරයි. මෙම තත්වය නිසා සමහර පුද්ගලයන්ට බඩේ අමාරුව හෝ ඔක්කාරය ඇතිවිය හැකිය. එබැවින් කංකුන් කැඩූ විගස භාවිතා නොකර කිරි බසින්නට ටික වේලාවක් තබා හොඳින් සෝදා හැර ආහාරයක් වශයෙන් පිළියල කර ගැනීමට කටයුතු කරන්න.

එසේම කංකුන් ආහාරයට ගැනීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලබා ගත හැකි බව සැබෑය. නමුත් ප්‍රමාණය ඉක්මවා කංකුන් ආහාරයට ගැනීමෙන් වළකින්න. මන්ද එමඟින් අහිතකර ප්‍රතිඵල රැසක් ඇති විය හැක.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්