නිරූපණ ශිල්පිනියන් අතර සමාජ මාධ්‍යයේ අංක එකට කතාබහ කරන කෙනෙක් තමයි පියුමි හංසමාලී කියන්නේ. ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ෆලෝවර්ස්ලා වැඩි ප්‍රමාණයක් ඉන්න නිසා ඇයට ආදරේ කරන්න විශාල රසික පිරිසක් ඉන්නවා කියලා අපි කවුරුත් දන්නවා. ඉතින් පියුමි කියන්නේ කෙලින් කතා කරන කවුරු මොනව කිව්ව්ත් ගණන් ගන්නැතිව තමන්ගේ පාඩුවේ ජීවිතේ සතුටින් ගෙවන කෙනෙක් තමයි ඇය.

පුතත් එක්ක තනි වෙලා හිටපු ඇය කවදාවත් විවාහ වෙන්නේ නෑ කියලා කියුවත් ඇය එම තීරණයට පිටුපා මේ වනවිට හොද සහකාරයෙක් සමගින් විවාහ වෙන්නයි හදන්නේ. ඉතින් ප්‍රගීත් තමයි පියුමිගේ පෙම්වතා. මෙර් දෙන්නා මේ වනවිට සතුටින් කාලය ගත කරනවා. ඒ වගේම පියුමිගේ ආදරණීය පුතා එක්කත් සතුටින් ඉන්න ප්‍රගීත් පියුමි සමගින් ඉක්මනටම විවාහ වෙන්නයි බලාපොරොත්තුව.

ඉතින් ලස්සන මනාලියක් වෙන්න වගේම ලොකුවට වෙඩින් එකක් ගන්න තමයි පියුමිගේ ආසාව. ඉතින් හැම ගැහැණු ළමයෙකුගේම ආශාව වගේ පියුමිගෙත් අපේක්ෂාව ප්‍රගීත් එක්ක සතුටින් පවුල් ජීවිතයක් ගත කරන්නයි. ඉතින් ඇය මේ වනවිට සතුටින් ඉන්නවා වගේම මුලින්ම ප්‍රගීත් එක්ක යාලු වුණ කාලේ පළමුවෙන්ම කලේ ළගම ඉදපු හොදම යාලුවෝ අත් හැර දාපු එකයි. ඉතින් ඇය සදහන් කරන්නේ තමන්ට ගොඩක් ඊර්ෂ්‍යා කරන්නේ ළගම ඉන්න කට්ටිය කියලයි. ඉතින් පියුමි හංසමාලී මේ සුරූපිනිය ඇගේ පෙම්වතා සමගින් ප්‍රථමවරට යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකට එකතු වුණා. එහිදී ඇය දැක්වූ අදහස් කිහිපයක් පහතින්.

” තවම මගෙයි ප්‍රගීත්ගෙයි එෆෙයාර් එකට මෙයාලගේ අම්මලා කැමති නෑ. එයාලට බාහිරින් එන දේවල් එක්ක වෙන්න ඇති අකමැති. ඒ මොනව වුණත් මෙයා මට කැමතියි. මම හිතන්නේ මට සුදුසුම මාව හොදින්ම තේරුම් ගත්ත කෙනා මෙයා කියලා.

මට අවුරුදු 1 හමාරක්ම මෙයා මට ට්‍රයි කරලා. නමුත් මම ඒක දන්නෙ නෑ. දැන් මම ෆැෂන් කරන විදිය ගොඩක් වෙනස් කියලා මගේ ෆෑන්ස්ලත් කියනවා. ප්‍රගීත්ට ඕන විදියට තමයි මම දැන් ඇදුම් අදින්නේ. එයා කැමතියි දිගට අදිනවට. එයා මගේ නම ටැටූ එකක් ගහගෙන තියෙන්නේ. ඉතින් මම අම්මයි, පුතයි, එයයි තුන් දෙනාවම මගේ අතේ ගහගත්තා.

මෙයා මගෙන් කිස් එකක් ගන්න පුදුම විදියට ට්‍රයි කලේ. ඉස්සර මාව ෆන්ක්ෂන් වලට ගියාම ඩ්‍රොප් කරන්න එනවා. බහිනකොට වාහනෙන් මට කියනවා කිස් එකක් දෙන්න කියලා. කොහොම හරි එයා නිසා අද මම ගොඩක් සතුටින් ඉන්නවා.

සමහරු ප්‍රෝග්‍රෑම් වලට ඇවිල්ලා බොරුවට කියනවා සුදු වෙන්න කොළ කැද බොනවා, කස්තුරි කහ, සුදු හදින් ගානවා කියලා. ඒ කට්ටිය තමයි ඉන්ජෙක්ෂන් ගහලා තියෙන්නේ. ඉන්ජෙක්ශන් ගැහුවම බිත්තියෙ සුදු පාට එන්නේ. මමත් ඉන්ජෙක්ශන් ගැහුවා. ඒත් පාට වුණේ නෑ. මම දැන් සුදු වෙලා තියෙන්නේ ක්‍රීම් ගාලා”

ඉතින් මේ විදියට තමයි පියුමි හංසමාලී ඇගේ අදහස් එකතු කරලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න වගේම විවාහයත් අපට ඉක්මනටම දැකගන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

මෙන්න බලන්න තවත් පුවත්