මේ ආදරයයි ටෙලිනාට්‍ය හරහා ලංකාවේ වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් කෙනෙක් තමයි ඉෂිතා බල්හා කියන්නේ. නමුත් ඉතින් ඇයගේ ඇත්තම නම දිව්‍යන්කා ත්‍රිපාති. වසර ගණනාවකට පෙර සිරස නාලිකාව ඔස්සේ විකාශය කෙරුණු මෙම ඉන්දියානු ටෙලිනාට්‍ය අවසන් වුනත් දැන් නැවතත් එය මුල සිට නරඹන්න නැවත විකාශයක් සිදුකරනවා. ඉතින් මේකට ආසාවෙන් සිටි කෙනෙක් නම් තවත් වසර ගණනාවක් යනකල් නැවතත් මෙය නරබන්න පුලුවන්. මෙහි ප්‍රධාන චරිතයක් ලෙස ජනතා ආදරේ දිනාගත් ඉෂිතා ගැනයි දැන් කතාකරන්නේ.

ලංකාවේ නම් ඇයගේ සැබෑ නම වෙන දිව්‍යන්කා නාමය බාවිතා වෙන්නේ නැහැ. හැම කෙනෙක්ම ඇයට ආදරේට කියන්නේ ඉෂි අම්මා කියලනේ. දරුවන්ට ගොඩක් ආදරේ කරන අසාදරණයට අකමැති චරිතයක් වශයෙන් ඇය ප්‍රසිද්දව සිටියා. මෙය දකුණු ඉන්දියාවේ තිරගත වුනු ටෙලි කතා මාලාවක් වන අතර සිංහලෙන් හඩ කවමින් ලංකාවේද දර්ශනය කරවීමෙන් පස්සේ අපේ රටේ බොහෝමයක් මිනිස්සු රාත්‍රියේ සියලු වැඩ අත්හැර මෙය නරබන්න පටන් ගත්තා.

 

එම නිසා මෙය ආරම්භ වුන දවසේ ඉඳලා නොකා නොබී හිටියත් මෙය නරබන්න අමතක නොකළ පිරිසක් සිටියා. ඉතින් ඉෂිතගේ චරිතයට රංගනයෙන් දායක වෙලා ඉන්න දිව්‍යන්කාගේ සැබෑ ජිවිතේ ගැනත් දැනගන්න ගොඩක් අය ආසාවෙන් ඉන්නවා ඇති. එම නිසා අපි සිතුවේ ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ඇයගේ විස්තර ටිකක් අරගෙන එන්නයි. ලංකාවෙත් ඇය ජනප්‍රිය වීමෙන් පස්සේ මීට වසර කිහිපයකට කලින් ඇය ලංකාවටද පැමිණියා. එම අවස්ථාවේ අපේ රටේ ඇයට ආදරේ කරන සම හරක් දෙනා ඇයව පිළිගන්න පැමිණිලා සිටියා.

ඉෂිතා එහෙමත් නැත්නම් දිව්‍යක්න්කා උපත ලබන්නේ 1984 වර්ෂයේ දෙසැම්බර් මාසයේදීයි. වර්තමානයේ ඇය ඉන්දියාවේ ඉහලම තලයේ ජනප්‍රිය නිලියක් වශයෙන් ජනප්‍රිය වෙලා ඉන්නවා. ඊට අමතරව ඇය කඳු තරණය කිරීමේ ආයතනයෙන් කඳු නැගීමේ පාඨමාලාවක් සම්පූර්ණ කරලා තියනවා. මේ ආදරයයි කතාවේ ඉෂිතා කියන චරිතයෙන් අපට දකින්න ලැබුනේ දරුවන්ට, පවුලේ ඇයට හොඳින් සලකන ආදරණිය චරිතයක්. ඒ වගේම තමයි කිසිම වෙලාවක පරාජය පරගන්න අකමැති චරිතයක් විදියටයි. ඉතින් ඇත්ත ජීවිතෙත් ඇය එහෙම කෙනෙක් කියලා තමයි පවසලා තිබුනේ.

මෙන්න බලන්න තවත් පුවත්