අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන මේ දිනවල අතිශයින් කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි බුද්ධි රන්දෙණිය කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මේ දිනවල තිරගතවන ජනප්‍රිය චිත්‍රපටයක් වන ජංගි හොරා චිත්‍රපටයේ කරුණා කියන චරිතයට රංගනයෙන් දායක වන්නේද ඇයයි. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතු වෙලා කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය මේ දිනවල චනික පෙරේරාගේ යක්ක නාද ටෙලි නාට්‍යයේ ෂුටින් කරනවාලු තිස්සමහාරාම ප්‍රදේශයේ. මේ නිර්මාණයේ සුද්දි කියන චරිතය තමයිලු ඇය කරන්නේ. කුල හීන සමාජයක කාන්තාවක් තමන්ගේ දරුවන් ඉහළ සමාජ තලයන්ට ඔසවා තබන්න ගන්න උත්සාහයක් තමයිලු ඇය රඟපාන සුද්දි නැමැති කුලහීන කාන්තාව තුළින් එළියට ගෙනෙන්නේ. ඉතින් ඒ වගේම ඇය රඟ පෑ අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ පියාඹන මුනිස්සම් ටෙලි නාට්‍යය මේ දවස්වල සිරස නාලිකාවෙන් විකාශය වෙනවා. එහි යශෝධාට රඟපාන්නේත් ඇයයි. මේ චරිතය නම් ටිකක් සටකපට චරිතයක් කියලයි ඇය කියන්නේ. ඉතින් මේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් එච්චර හොඳ නෑ කියලත් ඇය පවසනවා.

ඉතින් ඒ වගේම ඇයගේ මුල්ම සිනමා රංගනය සෝමරත්න දිසානායකයන්ගේ ජංගි හොරා චිත්රපටයලු. එහි කරුණාගේ චරිතයට තමයි ඇය රංගනයෙන් දායක වෙන්නේ. ඊට පස්සේ ඇය රංගනයෙන් දායක වුණේ සෝමරත්න දිසානායකගේම සරිගම චිත්‍රපටයටලු. එහි කන්‍යා සොයුරියක් විදිහට තමයි ඇය රංගනයෙන් දායක වුනේ. ඉතින් ඊටපස්සේ පාලිත පෙරේරාගේ තාල චිත්‍රපටයේ ගැමි කාන්තාවකට රඟපෑවාලු. දැනට අවසානයට රඟපාල තියෙන්නේ රොහාන් පෙරේරාගේ සීගිරි චිත්‍රපටය කියලයි ඇය පවසන්නේ. ඉතින් සීගිරි ඉදිරියේ දී තිරගත වෙන්න තියෙනවාලු. සරිගම තාල මේ වන විට තිරගත වෙලා ඉවරයිලු. මේ දවස් වල ඇය මුලින්ම රඟපෑ ජංගි හොරා චිත්‍රපටය තිරගත වෙමින් තියෙනවා කියලයි ඇය කියන්නේ.

ඉතින් ඇය කියන විදිහට ජීවත් වෙන්න සමාජ අරගලයක යෙදෙන ගැහැනියක් තමයිලු කරුණා කියලා කියන්නේ. කිසිම වෙලාවක තමන්ගේ ස්වාමියාව හූරගෙන කන්න හදන කෙනෙක් නොවෙයිලු ඇය, පුුළුවන් තරම් අවට සමාජයෙන් ස්වාමියාව පරෙස්සම් කරල තියාගන්න හදන කෙනෙක් තමයි කරුණා කියලයි ඇය කියන්නේ. ඒ මනුස්සකම් තුළ එයා පොඩි අල්ලසක් අරගෙන ආර්ථිකමය වාසියක් ගන්නවාලු. ඒක වුණත් මුදලක් හැටියට ගත්තත් ලොකු ගාණක් නොවෙයි කියලයි ඇය කියන්නේ. ධනවත් සහෝදරයා තමන්ගේ මල්ලිගේ අසනීපය සුවකරන්නේ නෑල්ලු මල්ලිගේ දේපළවලට තියෙන තණ්හාව නිසා. එහෙම කාලයක් කරුණා තමන්ගේ ස්වාමියාව රැක ගන්න තමන්ගේ පියයුර අල්ලන්න දෙන එක, තමන්ගේ යට කලිසම තියාගන්න දෙන එක තුළ තියෙන්නේ ස්වාමියා එලියෙන් ගුටි කන එක වලක්වන්න, සමාජ අපවාදයෙන් ගලවා ගන්න, කරුණා තමන්ගේ ආධිපත්‍ය තුළ ස්වාමියාව රැක ගන්න තම ස්වාමියාගේ මානසික ව්‍යාධිය සමාජයට නොපෙන්වා සිටින්න කරුණා දරන උත්සාහයක් කියලයි ඇය කියන්නේ. ඉතින් සෑම් සර්ගේ අවශ්‍යතාවය ඇය හොඳින් අවබෝධ කරගෙන සිටින නිසා තමයි සෑම් සර්ට පවා කරුණා සැරවැර කරන්නෙත්, තනය දෙන්න ඩිමාන්ඩ් එකක් කරන්නෙත් කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ වගේම සෝමරත්න දිසානායක මහත්තයාගේ චිත්‍රපටයක රඟපාන්න යනවා කියලා ගෙදරට කිව්වහම ගෙදරින් නම් කිසිම විරෝධයක් එල්ල වුණේ නැහැලු. හැබැයි ඇය චරිතය ගැන නම් එහෙම ලොකුවට කිව්වේ නැහැලු. කොයි දෙමව්පියෝ වුණත් කැමැති නැනේ තමන්ගේ දරුවා නුසුදුසු දෙයක් කරනවාට කියලයි ඇය කියන්නේ. ගෙදරින් අවසරය ලැබුණේ ඇය චරිතය ගැන කොලේ වහලා ගෙදරට කිව්ව නිසාලු. සමහරවිට ඇත්තම කිව්වා නම් ඇයට ජංගි හොරා නැතිවෙන්නත් තිබුණා කියලයි ඇය පවසන්නේ.

ඉතින් ඒ වගේම ඇය නාට්‍ය හා රංගකලාව හදාරපු විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. ඒ වගේම මනෝවිද්‍යාව පිළිබඳ උපදේශකවරියක්. ලිංගිකත්වය පිළිබඳ මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන අය ගැන සමාජය එලිපිට කතා නොකරුවත් ඇය ඔවුන් හා ඇයගේ වෘත්තිය මට්ටමින් කටයුතු කිරිම තුළ හොඳ අවබෝධයක් ලබාගෙන තිබුණා කියලයි ඇය පවසන්නේ. ඉතින් ඒ වගේම අම්මයි තාත්තායි චිත්‍රපටය බලලා ඇවිත් ඇයට දොස් කිව්වාලු. දැන්නම් ඒක සමනය වෙලා කියලයි ඇය පවසන්නේ. අම්මා නම් ගෙට ගොඩ වුණ ගමන් කිව්වේ ඔය කරලා තියෙන්නේ රඟපාන්න ගිහින් දැන් විසුමක් වෙන එකක් නෑ කියලාලු.

ඒ වගේම ජංගි හොරා බලන්න මුලින්ම යන ප්‍රේක්ෂකයෙක් සමහරවිට යන්න පුළුවන් දිල්හානි ජංගිය ගලවලා දෙන එක බලන්න, බුද්ධි රන්දෙණිය තනය දෙන එක බලන්න කියලයි ඇය කියන්නේ. ඒත් යන ප්‍රේක්ෂකයා ප්‍රේක්ෂකගාරයෙන් එලියට එන්නේ හාත්පසින්ම වෙනස් පුද්ගලයෙක් විධියටලු.

ඉතින් ඒ වගේම අපේ රටේ අවුරුදු 18ට වැඩි හැම ළමයෙකුට පෙන්විය යුතු චිත්‍රපටයක් මේක කියලත් ඇය පවසනවා. ඇය කියන්නේ ලිංගිකත්වය කියන දේ අපි විවෘතව කතා කළ යුතු මාතෘකාවක් කියලයි. එහෙම වුණොත් සමහර විට අපේ රටේ තියෙන දික් කසාද බොහෝදුරට වළකාගන්න පුළුවන් වෙයි කියලත් ඇය පවසනවා.

මෙන්න බලන්න තවත් පුවත්