ගුණයි ගුණයි කියන පීකුදු වල භයානක තත්ත්වය අදවත් දැනගන්න

“විද්‍යාගාර පරීක්ෂණ වලින් සනාථ කල සත්‍ය කතාවක් ඇසුරිනි”

හැමදාම වගේ අපි අලුත් දෙයක්නෙ ඔයාලට අරගෙන එන්නෙ.  ඉතින් ඔන්න අදත් ඒ වගේ වැදගත් කියන ලිපියක් අරගෙන ආවා. ශරීර සෞඛ්‍යය ගැන වගේම ආහාර පිළිබඳව බොහෝ දුරට සැලකිලිමත් වෙන පිරිසක් තමයි අපි. ඉතින් මෙන්න මේ කාරණාවට ගැලපෙන නොදන්න කාරණා බොහොමයක් තමයි මේ ලිපියේ අන්තර්ගත වෙන්නේ. ඔයා නිකමටවත් පීකුදු ගැන මෙහෙම විස්තරයක් නම් දැනගෙන ඉන්න නැතුව ඇති.

බොහෝ දෙනෙකු මස්මාංශ මිලදීගැනීමට වෙළදසලකට ගියහොත් නොවරදවාම ඉල්ලන්නෙ පීකුදු. සවි ශක්තිමත් බව, ලැබෙතියි සිතා කාට නැතත් දරුවන්ට අනිවාර්යයෙන්ම කවන්නේද පීකුදු. ඇතැමුන් කන්නේ පීකුදු පමණයි. ඔයාගේ නිවසෙත් අනිවාර්යෙන්ම පීකුදු රසිකයෙක් ඇති. නමුත් එය කොයි තරම් භයානකද. දරුවන්ට ආදරයෙන් කවන්නේ මේතරම් භයානක දෙයක් කියලා හිතුවේ නෑ නේද?

පීකුදු යනු අක්මාවට. සරල සිංහලෙන් කැවුත්ත කියලා කියනවා. බස් වහරේ “කෑ යුත්ත” කැවුත්ත වුණා කියලා තමයි සදහන් වෙන්නේ. ඒ පීකුදු යනු මස්වල ඇති ගුණදායකම කොටස යැයි සිතන නිසාය. එහෙත් තත්වය එයට බොහොම වෙනස් වගේම භයානකයි. මිනිසුන්ගේ මේ වැරදි වැටහීම් නිසා අපි අතින් සිදුවන්නේ ම රණයට අත වැනීමක් නෙවෙයිද කියලා ඔයාම ටිකක් හිතලා බලන්න.

ශ්‍රී ලංකාවෙ ප්‍රමුඛ පෙලේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ආචාර්යවරයකු තම එක් පශ්චාත් උපාධි පරීක්ෂණයක් ලෙස තෝරාගත්තේ සත්ත්ව අවයව වලින් බැරලෝහ අවශෝෂණය හා සම්භන්ධ පරීක්ෂණ කටයුත්තක්. විවිධ හේතු නිසා සමහර තොරතුරු හෙලි කිරිමේ හැකියාවක් නෑ. නමුත් ඔයා දැනුවත් විය යුතු කරුණ අපි සරළව කියලා දෙනවා.

මේ පර්යේෂණයේදි අක්මාවේ කාර්‍යභාරය සෙවීම අනිවාර්යයෙන්ම කලයුතු වෙලා. ඒකට හේතුව තමයි ඕනෑම සත්ත්වයකුගේ රුධිරය පිරිසිදු වන්නේ අක්මාව හරහා යෑමෙන් නිසා. ආහාර ද්‍රව්‍ය හා ජලය හරහා විත් රුධිරයේ දිය වී ඇති විවිධ පෝෂක මෙන්ම විෂ සංයෝගද, අක්මාවෙන් උරාගන්නවා. ඒ වහේම විෂ සංයෝග වල විෂ නසන කාර්‍යද අක්මාවෙන් සිදු කරනවා.

මේ තමයි භයානකම දේ. අති භයානක, අති විෂ, පිලිකා කාරක වන බැරලෝහ අක්මාවෙන් අවශෝෂණය කලද ඒවා බිද හෙලීමට හෝ සම්පූර්ණයෙන්ම දේහයෙන් පිට කිරීමට අක්මාව අපොහොසත්‍ වෙනවා. කොටින්ම කීවොත් මේ විෂ අක්මාවේ තැම්පත් වෙනවා. ජීවිත කාලය තුල රුධිරයට ඇතුලු වන සියලුම බැරලෝහ අක්මාව තුල සාන්ද්‍රනය වෙනවා. ඒ කියන්නේ එකතු වෙනවා. හිතන්න කොතරම් භයානකද.

බැරලෝහ යනු අනිවාර්යය පිළිකාකාරකයක්. ඒ ගැන නම් ඔයලා දන්නවත් ඇති. වකුගඩු රෝගද මේ නිසා ඇති වෙනවා. මේකේ අවසාන ප්‍රතිඵලය අකාලයේම නීරස වූ මරණයම පමණයි. අපේ ආදරණීයන්ට වේදනාවක් උරුම වීම පමණයි.

පරීක්ෂණය සිදු කළ ආචාර්යවරයා වෙළදපොලේ ඇති මාංශ වල පීකුදු ගෙන ඒවා විවිධ ආකාරයෙන් පිස (උයාගෙන) ඒවාගේ ඇති බැරලෝහ සාන්ද්‍රණයේ ප්‍රාමාණික වෙනසක් වෙනවද කියලා බලලා තියෙනවා. එහිදී සාම්ප්‍රදායික ඉහුම් පිහුම් වල ආකාරයට විවිධ කුලුබඩු, විස නසන අංග යොදා පරීක්ෂණ කරලා තියෙනවා. එහිදී සොයාගෙන තියෙන්නේ භයානක දෙයක්.

එනම් කෙසේ පිසුවත් පීකුදු වල ඇති බැරලෝහ ප්‍රමාණයේ සැලකිවයුතු වෙනසක් සිදු නොවන අතර , මස් මාංශ වල විෂ වැඩිම අවයවය, බැරලෝහ සාන්ද්‍රනය වැඩිම අවයවය වන්නෙ පීකුදු බවයි. ඒවා ආහාර කොට ගත් විට එහි වූ බැරලෝහ අපගේ ශරීරයට ඇතුලු වී අපගේ අක්මාවේද තවත් කොටස් වකුගඩු වලද තැම්පත් වෙනවා.

පුදුම වෙන්න දෙයක් නැහැ, සත්ත්වයන් එදිනෙදා ගනු ලබන ආහාර එහි ඇති පෝෂක හා වස විසද සමග රුධිරයට උරාගෙන අක්මාව හරහා ගෙනගොස් පිරිසිදු කර බැරලෝහාධිය අක්මාවේ තැන්පත් වෙනවා. එය අපගේ අක්මාවටත් පොදුයි. මිනිසාගේ අක්මාවද විෂ එකතු කරනවා.

වත්මනෙහි පීකුදු වල බැරලෝහ තැන්පත් නොවූ සත්ත්වයන් නොමැති තරම්. ඒ අනෙකක් නිසා නොව අපගේම නොමනා හැසිරීම් රටා හා අක්‍රමවත් වැඩ පිළිවෙල නිසාමයි.

වැරදි අවබෝධය නිසා අපි අපිටම වල කපා ගන්නවා. අපේ පිටුවෙන් මේ වගේ වැදගත් තොරතුරු ඔයාලට ගෙන එන්නෙ මේ වැරදි අවබෝධ වලින් ඔයාව ගලවා ගන්න ඕන නිසා. කොහොම වුණත් අද ඉදලා දන්න අයටත් කියලා අපේ ආදරණීයන් රැකගමු.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්