ගමෙත් නගරෙත් එක වගේ ප්‍රසිද්ධ, දියවැඩියාවට ගුණ දෙන, රසම රස තෙබු කොළ වල ගුණ සහ අගුණ

ඔන්න අද ඔයාලට කියන්න හදන්නේ රසම රස ආහාරයක් ගැන. අහාරයක් කිව්වට මේක පලා වර්ගයක්. ගම්බද ප්‍රදේශ වල නම් මේ පලා වර්ගය නොදන්න කෙනෙක් නැති තරම්. නමුත් මෑත කාලයේ නාගරික ප්‍රදේශ වල අයත් මේ පලා වර්ගය බහුලව ආහාරයට ගන්නවා. නාගරික ප්‍රදේශවල තිබෙන එළවළු කඩවල්වල, පොලේ මේ පලා වර්ගය අනිවාර්යෙන්ම දකින්න තියෙනවා. ඒ වගේම මේ පලාව උණු කැවුම් වගේ ඉක්මනින්ම විකිණෙනවා. ඉතින් ඔයාලට තේරෙනවනේ ඒ කියන්නේ අද අපි කතා කරන්න හදන පලා වර්ගය ඉතාම ජනප්‍රිය පලා වර්ගයක්.

රසයෙන් හා ගුණයෙන් පිරිපුන් ගම්බද වැවෙන දේශීය ශාක වර්ග වැඩි ප්‍රමාණයක් නාගරික ජනතාව හඳුනන්නේ නැති තරම්ය. එසේ වුවත් අද වනවිට තත්ත්වය ඊට වඩා බොහෝ සෙයින් වෙනස්වෙලා. දියවැඩියාව වැනි වත්මන් කාලයේ බහුල රෝග නිසාත් ඒවායින් බොහෝ දෙනා පීඩාවට පත්වී ඇති නිසාත් ඒවායින් මිදීමට නාගරික ජනතාව වැඩි වැඩියෙන් ගම්බදව වැවෙන පළා වර්ග, අල වර්ග, පළතුරු වර්ග ආදිය කෙරෙහි වැඩි ඇල්මක් දක්වන බව රහසක් නෙවෙයි.

costus speciosus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන තෙබු වර්තමානයේ වඩාත් ප්‍රචලිත ශාකයක් වී ඇත්තේ දියවැඩියා රෝගයට ගුණ දෙන ශාඛයක් ලෙසින්. බොහෝ දෙනෙක් තෙබු පාවිච්චියට ගන්නේ දියවැඩියාව සදහා සුදුසු ඖෂධයක් ලෙසයි. එහෙත් ඈත අතීතයේ සිටම ආයුර්වේදයේ තෙබු ශාකය ඖෂධයක් ලෙස භාවිතා කර තිබෙනවා.

මේ අයුරින් තෙබු ජනතාව අතර ජනප්‍රිය වීමට හේතුව තමයි තෙබු කොළ ආහාරයට ගැනීමෙන් ලේ වල සීනි මට්ටම පහළ යන බවට ඇති විශ්වාසය.

ආයුර්වේදයේ මෙන්න දේශීය වෙදකමේ මධුමේහය යන නාමයෙන් හඳුන්වන දියවැඩියාව නමින් ඔබ අප සියලු දෙනා හඳුණන රෝගයේදී තෙබු කොළ ආහාරයට එක්කර ගැනීමට බොහෝ දෙනා ඉතා කැමැත්තක් දක්වනවා. එසේම තෙබු කොළ මගින් ලේ වල කොලෙස්ටරෝල් පාලනයද කරනු බවටද විශ්වාසයක් පවතිනවා.

අද වෙනකොට අපේ බහුතරයක් දෙනා විවිධ බෝ නොවන රෝග වලින් පීඩාවට පත් වෙලා ඒ වගේම ඒ සඳහා සුදුසු ප්‍රතිකාර සඳහා පිළියම් සොයනවා. එදිනෙදා ආහාර වේල තුළ පවා වෙනස්කම් කර ගන්න බොහෝ දෙනෙක් පෙළඹිලා. මොකද ගොඩක් දෙනෙකුගේ කටට පාලනයක් නැති වුණාට ලෙඩ වලට ලොකු බයක් තියෙනවා.

දිය වැඩියාව, කොලෙස්ටරෝල් වැනි බෝ නොවෙන රෝග වලට හොඳ ප්‍රතිකාරයක් තමයි තෙබු කියන්නේ. තෙබු වල විටමින් පමණක් නොව ශරීරයට අවශ්‍ය බොහෝ විටමින් සහ ඛනිජ වර්ග අඩංගු වෙනවා. විශේෂයෙන්ම පනු රෝග පාලනය, මල බද්ධය, ඇදුම රෝගයට වැදගත් වෙනවා. කොළ, මුල් දෙකෙහිම ප්‍රතිඔක්සිකාරක බෙහෙවින් අඩංගු වෙනවා. ඒ නිසා ශරීරයේ අන්තර්ගත විෂ ඉවත් කරනවා. මෙයට හේතුව එහි සැලකිය යුතු කෙදි ප්‍රමාණයක් අන්තර්ගත වීමයි.

ගොඩාක් අයට තියෙන ගැටලුවක් තමයි ගැස්ටයිටීස්. ඉතින් තෙබු ආහාර මාර්ගයේ ඇති ආම්ලිකතාවය (ගැස්ටයිටීස්) වලට ගුණදායකයි. එසේම මෙහි කොළ සහ මුල් දෙකේ රුධිර ගත සීනි මට්ටම පාලනයට හැකියාව පවතී. මුලේ ඉස්මවලින් ශරීරයේ දැවිල්ල, දාහය අඩු කිරීමට හැකියාව තිබෙනවා. ලාදුරු රෝගීන් සදහා ද තෙබු ඉතා ගුණ දායකයි.

මේ රෝග වලින් ආරක්ෂා වෙන්න තෙබුවල තියෙන පෝෂ්‍ය පදාර්ථ තමයි ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, මේදය, කැල්සියම්, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම් ආදියයි.

තෙබු කොළ ග්රෑම් 100ක ගුණ අඩංගු ගුණ ගත්තොත්,

  • ප්රෝටීන් 19%
  • කාබෝහයිඩ්රේට් 44%
  • ලිපිඩ 4%
  • කෙදි 12%
  • කැලිසියම් 2%
  • මැග්නීසියම් 2%
  • සෝඩියම් 2%
  • පොටෑසියම් 1%

තෙබු වලින් අපට ලැබෙන ප්‍රයෝජන දිහා බැලු‍වම පෙනෙනවා තෙබු කොතරම් වටින ඖෂධාසාරයක්ද යන වග. තෙබු වලින් කුසගින්න ඇති කරනවා වගේම ආහාර රුචියද වැඩිකරනවා. ඒ වගේම සෙම, පිත, උණ, කැස්ස, ආදිය පාලනයට තෙබු ආහාරයට ගැනීමෙන් සිදුවෙනවා. ඉරුවාරදය නසන්න තෙබු ඉතා හොඳයි.

ශරීරය උෂ්ණ අයගේ සිරුර සිසිල් කරන්නත් තෙබු ආහාරයට ගැනීම හොඳයි. හමේ රෝග නසන්නත් තෙබු උදව් වෙනවා. ඇදුම රෝගයට, මල බද්ධයට, පණු රෝගවලට, තෙබු ඉතා ගුණයි. සමහර අයට ඇති වෙන මානසික ආතතිය පාලනය කරන්නත් තෙබු ඉතා ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම තෙබු වැඩිපුරම උදව් වෙන්නේ දියවැඩියාව පාලනය කරන්න සහ කොලෙස්ටරෝල් පාලනය කරන්න.

මේ සඳහා තෙබු කොළ මැල්ලු‍ම, තෙබු කොළ සලාදය, තෙබු ගොබ ව්‍යංජනය, වගේ නොයෙක් විදියට සකස් කර ගන්න පුළුවන්. කලක් තිස්සේ අපේ ගැමි ජනතාව මේ ආකාරයෙන් ආහාරයට එකතු කර ගැනීමෙන් විශේෂිත ගුණයක් ඇති වු අතරම අගුණයක් නම් කිසි විටෙක ඇති වනුයේ නැහැ.

මතයක් තියෙනවානේ තෙබු ගොඩාක් කන්න හොඳ නැහැ කියලා. ඒ ගැනත් සැළකිල්ලක් දක්කවන්න ඕන. දිනපතාම තෙබු ආහාරයට ගැනීම සුදුසු නැහැ. නමුත් සතියනට දින 2ක් හෝ 3ක් ආහාරයට ගැනීමෙන් සියළුම ලෙඩ රෝගවලින් සහනයක් ලබාගන්න හැකි වේනවා.

 

ඒ වගේම තෙබු පැළය ඉතා අංලකාර සුදුපාට මල් පිපෙන පැළයක්. එනිසා අවට පරිසරය සුන්දර කරන්න මෙන්ම පලාවක් ලෙස ආහාරයට එක්කර ගන්න ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඉතා පහසුවෙන් වගා කර ගන්න පුළුවන් පැළෑටියක් විදියට තෙබු හඳුන්වන්න පුළුවන්.

දැන් අපි බලමු කොහොමද තෙබු ආහාරයක් විදිහට හදාගන්නෙ කියලා. කලවම් පලාවේ අංගයක් ලෙස, එසේම සලාදයක්. මැල්ලුමක් ලෙසද තෙබු සකසා ගන්න පුළුවන්. තෙබු දල්ල සහිත ළපටි ගොබය කිරට ව්‍යාංජනයක් විදිහට හදා ගන්නත් පුළුවන්.

තෙබු කොළ මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍යය:

  • තෙබු කොළ දෙමිටක්
  • ගාගත් පොල් ටිකක්
  • රතුලූනු ගෙඩි කීපයක්
  • අමුමිරිස් කරලක්
  • කරපිංචා කිනිත්තක්
  • කහකුඩු ස්වල්පයක්
  • ගම්මිරිස් ඇට කීපයක්
  • අබ ස්වල්පයක්
  • තෙල් ටිකක්
  • උම්බලකඩ කුඩු ටිකක්
  • දෙහි යුෂ ටිකක්
  • රස අනුව ලුණු

සාදන ආකාරය :

තෙබු කොළ සෝදා දිය බේරා ගෙන ඉතා සිහින්ව ලියාගන්න. පොල් වලට කහ, ගම්මිරිස්, උම්බලකඩ, රතුලූනු, අමුමිරිස්, ලුණු දමා හොඳින් ගලේ අඹරා ගන්න. නැතිනම් කොටා ගන්න. දැන් තෙබුකොළවලට අඹරාගත් පොල් මිශ්රණය දමා හොඳින් කලවම් කරගන්න. දැන් තෙල් ටිකක් ළිප තබා රත්වන විට කරපිංචා දමන්න. අබ ඇට ටික දමා පුපුරවා ගන්න. දැන් කොළ මිශ්‍රණය දමා කොළ පැහැය වියැකී යා නොදී මලවා ගන්න. බිමට බා දෙහි යුෂ එකතු කරන්න. ඉන් පසු ආහාරයට ගන්න පුළුවන්.

තෙබු කොළ සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය :

  • තෙබු කොළ දෙමිටක්
  • අමුමිරිස් කරල් 2 ක්
  • රතුලූනු ගෙඩි කීපයක්
  • ලුණු රසට අනුව
  • උම්බලකඩ කුඩු ටිකක්
  • ගම්මිරිස් කුඩු ඉතා ස්වල්පයක්
  • ගාගත් පොල් ටිකක්
  • දෙහි යුෂ ටිකක්

සාදන ආකාරය

තෙබු කොළ සෝදා හොඳින් දිය බේරා ගන්න. ඉතා සිහින්ව ලියා ගන්න. රතුලූනු, අමුමිරිස්, සිහින්ව ලියා ගන්න. දැන් භාජනයක් ගෙන එයට පොල්, කපාගත් රතුලූනු, අමුමිරිස්, ගම්මිරිස් කුඩු, ලුණු, දෙහියුෂ, උම්බලකඩ කුඩු දමා හොඳින් මිශ්ර කරන්න. අන්තිමට කපාගත් තෙබු කොළ ටිකද මිශ්ර කරගන්න.

තෙබු ගොබ ව්‍යංජන

අවශ්‍ය ද්‍රව්‍ය :

  • ළපටි තෙබු දළු සහිත ගොබ දෙක තුනක්
  • අමුමිරිස් කරල් 2 ක්
  • රතුලූනු අහුරක්
  • කහ ස්වල්පයක්
  • අමුතුනපහ ස්වල්පයක්
  • උම්බලකඩ කැබැලි ටිකක්
  • ලුණු
  • මිටිකිරි ටිකක්
  • උළුහාල් ඇට කීපයක්

සාදන ආකාරය

තෙබු ගොබ ටික සෝදා සිහින්ව කැබැලිවලට කපා ගන්න. රතුලූනු, අමුමිරිස් ද සිහින්ව කපන්න. දැන් මැටි හට්ටියක් ගෙන සියල්ල එකට දමා කොළ පැහැය නොනැසෙන සේ සිදුවා ගන්න.

ඔන්න තෙබු වල තියන ගුණත් කීවා. ඒ වගේම මම තෙබු ආහාරයක් විදිහට හදාගන්න විදිහත් කීවා. ඔයාලට තියෙන්න අදම හදලා කන එක. මම එක දෙයක් කියන්නම් මම නම් තෙබු ආහාර වට්ටෝරු වලින් ආසම, මට රසම තෙබු කොළ සම්බෝලේ. ඒක නම් ඇත්තටම හරීම රසයි. හැමදම කන්න හිතෙයි. ඒත් මතකනේ කොච්චර ආස වුනත් හැමදම කන්න එපා. සහියකට දවස් 3ක් වගේ කමක් නැහැ.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්