කිම්චි ( 𝙠𝙞𝙢𝙘𝙝𝙞 ) අපේ රසට හරියටම හදන විදිහ

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් මේ දවස් වල කොරියන් රටේ නාට්‍ය වලට වගේම කොරියන් ආහාර වලටත් ලොකු ඇල්මක් දක්වනවා. අපේ අය කොරියන් කෑම බීම පිස්සුවෙන් වගේ හොයන කාලයක්නේ මේ. ඒ වගේම ඔයාලා දන්නවත් ඇති කොරියන් ආහාර ගන්න පුළුවන් තැන් ලංකාවේ තියනවා. ඒ ගැන ලොකු විස්තරයක් තවස් දවසක කියන්නම්.
ඔන්න කොරියන් ආහාර පිස්සන්ට කිම්චි හදන විදිහ අරගන ආවා.
කිම්චි හදන්න අමාරුයි වගේ පෙනුනට කිම්චි හදන්න හරිම ලේසියි .අපට පහසුවෙන් හොයා ගන්න පුළුවන් දේවල් වලින් කිම්චි හදන්න පුළුවන්.

අපි ඉස්සරලාම බලමු කිම්චි කියන්නේ මොනවාද කියලා.

කිම්චි යනු එළවළු, සුදුළූණු, ඉඟුරු, මිරිස් ගම්මිරිස්, ලුණු හා මාළු වලින් සාදන ලද සාම්ප්‍රදායික කොරියානු ආහාරයක්. ශීත ඍතුවේ ප්‍රයෝජනය සඳහා එළවළු සංරක්ෂණය කිරීමේ ක්‍රමයක් වන කිම්චි අපේ අච්චාරු හා සමාන ආහාරයක්.
ඒ ඒ කාලයට වවනු ලබන භෝග සහ ඒවායේ අස්වැන්න අනුව වෙනස් වන කිම්චි වට්ටෝරු සිය ගණනක් කොරියානු කලාපය පුරා පවතිනවා. සෑම වසරකම නොවැම්බර් 22වෙනි දින කොරියානුවෝ කිම්චි දිනය සමරනු ලබනවා. එදිනට කොරියාවේ ඇති සියළුම කිම්චි වර්ග ප්‍රදර්ශනය කරමින් විවිධ උත්සව පවත්වමින් ඔවුන් කිම්චි වල වටිනාකම ලොවට කියා දෙනවා.

කිම්චි විවිධ සුප් සහ ස්ටූ වලද භාවිතා වෙනවා. කොරියානු ආහාරවල ප්‍රධාන ආහාරයක් ලෙස , එය සෑම කොරියානු ආහාරයක් සමඟම පාහේ අතුරු කෑමක් ලෙස අනුභව කරනු ලබනවා.
සාම්ප්‍රදායික කිම්චි හදන්න ගන්න අමුද්‍රව්‍ය අපට හොයා ගන්න අමාරුයි නම් ආදේශක එකතු කරලා අපට කිම්චි හදන්න පුළුවන්.
කිම්චි හදන්න ගන්න නැපා ගෝවා හෝ චයිනිස් ගෝවා සුපර්මාර්කට් වලින් ගන්න පුළුවන්. හොයා ගන්න අමාරුයි නම් සාමාන්‍ය ගෝවා ගෙඩියකින් හදලා බලන්න. රාබුත් සාමාන්‍ය රාබු අලයක් ගන්න පුළුවන්. කොරියන් මිරිස් අපට ලංකාවේ හොයාගන්න අමාරුයි නේ ඒ නිසා සාමාන්‍ය කෑලි මිරිස් පාවිච්චි කරන්න.
කොරියන් අය මේකට බෝතල් කල ඉස්සෝ වර්ගයක් එකතු කරනවා. ඔයාලට පුළුවන් ෆිෂ් සෝස් පාවිච්චි කරන්න. ඒවා නැතිවත් කිම්චි හදන්න පුළුවන් .
කෑම වර්ගයක් රටකින් රටකට යද්දි සාම්ප්‍රදායික ක්‍රමයක් අනුගමනය කරන්නේ නෑ. ඒ රටේ හොයාගන්න පුළුවන් දේ හෝ ඒ හා සමාන ආදේශක එකතු කිරීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම අපේ රට ටිකක් සැරට කන්න ආස අය ඉන්න රටක්නේ. ඉතින් අපි අපිට ගැලපෙන විදිහට මේක හදාගන්න එක තමයි හොදම.

එහෙනම් අපි කිම්චි හදමු

 

අවශ්‍ය ද්‍රව්‍ය
  • චයිනීස් ගෝවා ගෙඩියක්
  • හාල් පිටි තේ හැඳි 3
  • වතුර කෝප්පයක
  • සීනි තේ හැඳි 3
  • තලාගත් සුදුළූණු බික් තුන හතරක්ත
  • ලාගත් ඉඟුරු අල කැබැල්ලක්ලූ
  • නු ගෙඩියක් ( සුදුපාට චයිනීස් ලූනු ගන්න)
  • සිහින්ව කපාගත් රාබු අල 1/2ක්සි
  • හින්ව කපා ගත් කැරට් අල 1/2ක්ක
  • පාගත් ළූණු කොළ
  • මිරිස් කුඩු මේස හැඳි 4ක්. ( සැර අනුව අඩුවැඩිකර ගන්න.)

හදාගන්න විදිහ

  • ගෝවා ගෙඩිය දෙකට කපාගෙන කොළ ඈත් කර සෝදාගන්න. (කොළ වෙන් වෙන්නම ඈත් කරන්න එපා) වතුර බේරගෙන කොළෙන් කොළේට හැමතැනම ගෑවෙන්න ලුණු ඉහගෙන පැය දෙක තුනක් වහල පැත්තකින් තියාගන්න.
  • ඊට පස්සෙ ගෝවා පලුව කොළ වෙන් නොවෙන්න දෙතුන් පාරක් සෝදල හොඳින් දිය බේරෙන්න තියාගන්න.
  • ඒ අතරතුර වතුර කෝප්පයක් දාගත්ත භාජනයකට හාල් පිටි සහ සීනි එකතු කරල තරමක් උකු ද්‍රාවණයක් වෙනකම් ලිපේ තියල හැඳිගාමින් රත් කරගන්න.
  • ඉඟුරු, සුදු ළූණු, ළූණු ටික බ්ලෙන්ඩ් කරගෙන පැත්තකින් තියාගන්න. කලින් හදාගත්ත පාන් පිටි මිශ්‍රණයට මේ ළූණු මිශ්‍රණය සහ කපාගත් රාබු, ළූණු කොළ සහ කැරට් එකතු කරගන්න. එයටම ලුණු තේ හැන්දක් සහ මිරිස් කුඩු තේ හැඳි හයක් හතක් සැර අනුව එක් කරගෙන මිශ්‍ර කරගන්න.
  • මේ මිශ්‍රණය දිය බේරාගත් ගෝවා ගෙඩියේ කොළෙන් කොළයේ තැවරෙන පරිදි දමාගෙන, වීදුරු බෝතලයක ගබඩා කර ශීතකරණයේ තබාගන්න. අවශ්‍ය විටදි පාවිච්චි කරන්න පුළුවන්.

ඉතින් මේ විදිහට රසට හදාගෙන කාලා බලන්නකෝ…

http://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්