කාර්යබහුල තරුණියන්ට සම රැකගන්න, ලස්සන වෙන්න ලේසිම ක්‍රම කිහිපයක්

අපි අදත් ඔබට වැදගත් වෙන ලිපියක් තමයි අරගෙන ආවේ. අපේ තරුණියන් වෙනුවෙන්ම තමයි මේ ලිපිය ලියන්නේ. හැමදාම පැහැපත්ව ලස්සනට ඉන්න හැම තරුණියක්ම කැමතිනේ? රූ සපුවත් , තාරුණ්‍යයත් ඔප්නංවන රූපලාවණ්‍ය සත්කාර සඳහා කාලය වැය කරන්නට කාර්යබහුල තරුණියන්ට ප්‍රමාණවත් කාල වේලාවක් නැහැ .එම නිසා බොහෝ වෙලාවට රූ සපුව ගැන හිතන්නට ඔබට අතපසු වෙනවා ඇති.

එහෙත් හරිම සරල ක්‍රම භාවිතයෙන් වුවත් රූ සපුව වර්ධනය කරගැනීමට හැකි බව දැන් වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා.පිරිමින්ට වඩා කාන්තාවන් සම ගැන බොහෝ සෙයින් උනන්දු විය යුතුය. මන්දයත් වියපත් වීමේදී කාන්තාවන්ගේ මුහුණේ රැළි ගැසීමේ ප්‍රවණතාව පිරිමින්ට වඩා ඉහළයි. එයට හේතුව තමයි මුහුණේ සම පිරිමින්ට සාපේක්ෂව තුනී වීම හා එහි අඩංගු කොලජන් ප්‍රතිශතය සාපේක්ෂව අඩු වීම. එම නිසා සම රැක ගැනීමට තරුණියන් සහ කාන්තාවන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.

තාරුණ්‍යය රැකදෙන ඇපල්

සම රැලි ගැසීම හෝ වියපත් වීම ගැන කතා කරද්දි කාර්යබහුල තරුණියකට වඩාත්ම පහසුවෙන් සම රැක ගැනීම සඳහා කර හැකි සත්කාර ක්‍රමයක් තමයි මේ.

දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගන්න. ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් පහසුවෙන්ම තාරුණ්‍යය රැක දෙන බව වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ මගින් අනාවරණය වී තිබෙනවා. ඇපල් ගෙඩියක් ආහාරයට ගන්නවා හැරෙන්නට ඇපල් සතු පෝෂණ ගුණය සමෙහි පැවැත්මට දායක කරගන්න පුළුවන් තවත් ආකාරයක් වන්නේ ඇපල් සයිඩර් විනාකිරි රූපලාවණ්‍ය සත්කාර සඳහා එක්කර ගැනීමයි. ඇපල් වල ඇති බැක්ටීරියා නාශක ගුණය හා සමේ පි.එච් අගය සමබර කිරීමේ හැකියාවත් නිසා සමේ ස්වාභාවික සුන්දරත්වය හා තරුණ පෙනුම රැකගන්න ඒක කදිම සංඝටකයක්.

ඇස් යට කළු වීමට තිත තබන කහ

සුන්දරියන් තමන්ගේ දෑස් ගැන බොහො සැලකිලිමත් වෙනවා. ලස්සන දෑස් දෙකක් මුහුණ අලංකාර කරනවා. නමුත් අසීමිත් කාර්යබහුල වීම අදික වැඩ නිසා දෑස් අවලස්සන වෙනවා. විශේෂයෙන් පරිඝනක ආදරයෙන් වැඩ කරන කාන්තාවන්ට තිබෙන ලොකුම ගැටළුවක් තමයි ඇස් යට කළු වීම.

බොහෝ අයගේ දක්නට ඇති ඇස් යට දුර්වර්ණයට කදිම බෙහෙතක් තමයි යෝගට් සහ කහ.

ආලේපය සදාගන්න ආකාරය

මුලින්ම පිරිසිදු භාජනයකට යෝගට් තේ හැඳි දෙකක් එකතු කරගන්න. එයටම කහ කුඩු ස්වල්පයක් දමාගන්න .හොඳින් මිශ්‍රකර ඇස් යට ආලේප කර විනාඩි පහළොවක් පමණ තබා සෝදා හරින්න. මෙම ආලේපනය සතියට දෙවතාවක් තුන් වතාවක් කිරීමෙන් ඇස් වටා පෙදෙස් වල සැබෑම වෙනසක් ඔබටම දැක ගන්න පුළුවන් .

ආකර්ශනීය පැහැයක් ලබා ගැනීමට කෝපි ක්‍රීම්

ඉතාමත් ඉහළ කැෆෙන් අගයක් පවතින කෝපි යනු ජනප්‍රිය බීමක් මෙන්ම රූපලාවන්‍යය කටයුතු සඳහා යොදා ගන්නා සාර්ථක ආලේපනයක්.
කෝපි cream වෙනදාට ඔබ භාවිතා කරන ක්‍රීම් වර්ග මෙන් සමේ බොහෝ වෙලාවක් රඳවා ගත නොහැකිය. උදේ සවස ආලේප කර ටික වේලාවක් තබා සෝදා ගත හැකිය. ස්වාභාවිකව සකස් කරගත් මේ cream දිනපතා ආලේපනය කිරීමෙන් තරුණ පැහැපත් සමක් හිමිකර ගත හැකි වේ.

කෝපි cream සකස් කරගන්නා ආකාරය.

  • පිරිසිදු කෝපි කුඩු මේස හැඳි දෙකක්
  • ඇලෝ ජෙල් මේස හැඳි එකහමාරක්
  • විටමින් E කැප්සියුලයක්

සියල්ල ක්‍රීම් එකක් වන සේ හොඳින් මිශ්‍ර කරගන්න. ප්‍රතිඵල ලබාගත හැකි වන්නේ වැඩි වේලාවක් මිශ්‍ර කර ගැනීමෙනි. මේ ආකාරයට සකස් කර ගත් කෝපි ක්‍රීම් එක ඔබේ මුහුණේ ආලේප කර දින කිහිපයකින් පැහැපත් පෙනුමක් ලබාගන්න.

කෝමාරිකා සත්කාරය

කෝමාරිකා බොහොම ගුණදායක ඖශධයක්. ඒ වගේම රූපලාවන්‍ය කටයතු වලට සෑම විටන වාගේ මෙය යොදාගන්නවා. කෝමාරිකා ශාක සොයා ගැනීමට නොහැකි නම් කෝමරිකා ජෙල් වුනත් මෙයට යොදාගන්න පුළුවන්.

මුහුණේ සිසිලස රැක දීමට කෝමාරිකා ගැල්වීම උපකාරි වනවා. කෝමාරිකා ජෙල් පිරිසිදු කරගත් මුහුණේ ආලේප කර හොදින් සම්බාහනය කර විනාදි දහයක් පමණ තබා සෝදන්න. ඔබේ මුහුණට නැවුම් බවක් දැනෙයි.

ඉහත සදහන් කරපු හැම සත්කාරයක්ම ඉතාම ඉක්මනින් සුළු වෙලාවකින් කළ හැකි සත්තාර. ඉතින් ඔබ කාර්යබහුල වුණත් මේ ක්‍රම භාවිතා කරන්න පුළුවන් ඔබේ ලස්සන රැකගන්න.

http://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්