කාන්තාවන්ට වැඩි අවදානමක් තියෙන පිළිකා රෝගයෙන් කාන්තාවන් බේරීමට මේ ආහාර වලට හැකියාවක් තියෙනවා කියලා දැන සිටියද?

ඔන්න අද අපි කතා කරන්න යන්නේ ඉතාමත් වැදගත් මාතෘකාවක් ගැන. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව අද මාතෘකාව අපි හැමෝටම ගොඩක් වැදගත් වෙනවා. ලෙඩ රෝග කියන දේවල් අපිට කලින් දැනුවත් කිරීමක් කරල හැදෙන දේවල් නෙමෙයි. මේ හැදෙන ලෙඩ රෝග අතරින් භයානක රෝගයක් තමයි පිළිකාව කියන්නේ. නමුත් පිළිකාව කියන්නේ කල්තබා හඳුනා ගත්තොත් පාලනය කර හැකි වගේම සුවකළ හැකි රෝගයක්. අද අපි ඔයාලට කියන්න හදන්නේ මේ පිළිකා රෝගීන් සුව කරන, එහෙම නැත්නම් පිළිකා රෝග වළක්වන විශේෂ ආහාර කිහිපයක් පිළිබඳවයි.

මේ ආහාර ඔයාලා මීට කලිනුත් ආහාරයට ගන්න ඇති. ඒත් ඒවගේ තියන නියමිත ගුණයන් පිළිබඳව නම් වැඩි අවධානයක් යොමු කරන්න නැතුව ඇති. අද මේලිපියෙන් ඔයාලට ගොඩාක් වටින තොරතුරු කිහිපයක් දැන්ගන් ගන්න පුළුවන්. එහෙනම් යමු අපේ කතාවට.

කාන්තාවන්ට පමණක් නෙවෙයි පුරුෂයන්ටත් මේ පියයුරු පිළිකා ඇතිවෙන්නට ඉඩකඩ පවතිනවා.

මේ පිළිකා සඳහා බලපාන හේතු බොහෝමයක් තියෙනවා.

  • ප්‍රවෙණිගත සාධක
  • ඊස්ට්‍රජන් හෝර්මෝන දිගු කාලයක් නිරාවරණය වීම එනම් අවුරුදු 12 ට පෙර වැඩිවියට පත්වීම හෝ අවුරුදු 55 වනතුරු ආර්ථවහරණය සිදු නොවීම
  • දුම්පානය හා මත්ද්‍රවය භාවිතය
  • අධික මේද සහිත ආහාර ගැනීම හා වැරදි චර්යා රටාවන්
  • පළමු දරුවා ගැබ් ගැනීමට ප්‍රමාද වීම
  • දිගුකාලීනව උපත් පාලන පෙති භාවිතය

ආදිය පිළිකා රෝගයට මූලික වෙනවා. නමුත් කාන්තා පුරුෂ ඔයාට මේ පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරගන්නට හැකියාව පවතිනවා. ඒ සඳහා ඔයා ගත යුතුම ආහාර කිහිපයක් ගැනයි අපි අද කතා කරන්නට යන්නේ.

  • ලෙමන් සහ පැගිරි යුෂ අඩංගු පලතුරු ආහාරයට ගැනීම.

දොඩම්, මිදි, ලෙමන් හා දෙහි ආදී පැගිරි කුලයට අයත් පලතුරු වර්ග දිනපතා ආහාරයට එකතු කර ගැනීම පියයුරු පිළිකා අවධානමෙන් මිදීමට උපකාරී වෙනවා. විටමින් C බහුල පැගිරි කුලයේ පලතුරුවල ෆෝලේට්, බීටා ක්‍රිප්ටොක්සැන්ටින් සහ බීටා කැරොටින් වගේම ප්‍රතිඔක්සිකාරකත් අඩංගු නිසා එය පියයුරු පිළිකා ඇතිවීම වළක්වන්නට දායක වෙනවා.

  • පලා වර්ග, එළවළු වර්ග ආහාරයට ගැනීම

කොළ පැහැති එළවලු සහ පලා වර්ග නිවිති, කේල් ආදී තද කොළ පැහැ කොළ වර්ග සහ පලාවල බීටා කැරොටීන්, ලියුටීන් ආදී කැරටිනොයිඩ් ප්‍රතිඔක්සිකාරක බහුලවම අන්තර්ගත වෙනවා. දේහයේ බීටා කැරොටීන් මට්ටම ඉහළ නම් එවැනි පුද්ගලයන්ගේ පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම පහළ බසින බව පර්යේෂණවලින් අනාවරණය වී තියෙනවා. ඒ වගේම මල් ගෝවා, ගෝවා සහ බ්‍රොකලි ආදීයත් පියයුරු පිළිකා අවදානම අඩුකරන්න උදව් වෙනවා. ඒ නිසා දෛනිකව ඔබේ ආහාරවේලට ප්‍රමාණවත් පරිදි කොළ පැහැ එළවලු වගේම පලා වර්ගත් එකතු කර ගන්නට වග බලා ගන්න. මේක පුරුද්දක් කරගන්න.

  • මේද අම්ලවලින්  පොහොසත් මාළු ආහාරයට ගැනීම

විශේෂයෙන්ම ඔමේගා 3 මේද අම්ල බහුල මාළු වර්ග ආහාරයට එකතු කර ගැනීමෙන් ඔමේගා 3 ෆැටි ඇසිඩ් වගේම සෙලේනියම් සහ වෙනත් ප්‍රතිඔක්සිකාරකත් දේහයට ලබා ගන්නත් හැකියාව ලැබෙනවා. එමගින් පියයුරු පිළිකා ඇතුළු වෙනත් පිළිකා ඇතිවීමේ අවදානම බොහෝදුරට පාලනය වෙනවා. මේ සඳහා ඔබ ඔබේ ආහාරවේලට සැමන්, සාඩින්, මැකරල්, ටූනා ආදී මාළුන් එකතු කර ගැනීම වැදගත් වෙනවා.

  • පැසවන ලද ආහාර ගැනීම

යෝගට්, මිසෝ, කිම්චි ආදී ආහාරවල ප්‍රෝබයෝටෙක් ඇතුළු පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම මෙසේ පැසවන ලද කිරි නිෂ්පාදනවලට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම බොහෝදුරට අඩුකරන්නට හැකියාව ඇති බව අධ්‍යයනයන්ගෙන් හෙළි වී තියෙනවා. අපේ රටේ මේ අහාර වලට ලොකු ඉල්ලුමක් තියනවානේ.

  • ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම

බෝංචි ඇතුළු ධාන්‍ය වර්ග රනිල කුලයට අයත් ශාකවල විටමින්, ඛනිජ ලවණ ඇතුළු පෝෂ්‍ය පදාර්ථ බොහොමයක්ම අන්තර්ගත වෙනවා. බෝංචි ඇතුළු ධාන්‍ය  වර්ග වැඩි වශයෙන් ආහාරයට එකතු කර ගැනීම පිළිකා ඇතිවීමේ අවධානම බොහෝදුරට පාලනය කරනු ලබනවා. විශේෂයෙන්ම හණ ඇට අනුභවය මගින් එහි අඩංගු ලිග්නන්ස් කියන ශාකමය ඊස්ට්‍රජන් වර්ගය මගින් පියයුරු පිළිකා අවදානම අවම කරනු ලබනවා. හණ ඇට තෙල් දිනපතා පාරිභෝජනය කිරීම මගින් මේ පිළිකාවලින් ආරක්ෂා වෙන්නට පුළුවන්.

  • කළු බඩු වර්ග සහ ඔසු පැලෑටි ආහාරයට ගැනීම

පියයුරු පිළිකා ඇතුළු පිළිකා බොහොමයකින් ආරක්ෂාව සලසා ගන්නට කුළු බඩු බෙහෙවින් උදව් වෙනවා. ආහාර පිසීමේදී කහ, ඉඟුරු, ඔරිගානෝ, පාස්ලි ආදීය එකතු කර ගැනීම මගින් පිළිකාවලින් අපිට ආරක්ෂාව සලසා ගන්නට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම කහවල ඇති කර්කියුමින් සහ පාස්ලිවල ඇති ප්‍රතිඔක්සිකාරක පිළිකා නාශක ගුණයෙන් සමන්විතයි. අපේ රටේ ටිකක් සැරට කනවානේ. ඔන්න ඒක උදවුවක් වෙනවා අපිට.

  • පීච්, ඇපල්, පෙයාර්ස් ආහාරයට ගැනීම

අධ්‍යයනයන්වලින් සොයාගෙන ඇති ආකාරයට මේ පලතුරුවල  අඩංගු වෙන පෝෂණ සංඝටක පියයුරු පිළිකා ඇතිවීම වළක්වන්නට දායක  වෙනවා. විශේෂයෙන්ම පීච්වල අඩංගු වෙන පොලිෆීනෝල් කියන ප්‍රතිඔක්සිකාරකය මේ සඳහා විශාල දායකත්වයක් ලබාදෙනවා.

  • සුදු ළූණු ආහාරයට එකතු කර ගැනීම

සුදු ළූණුවල බහුල වශයෙන් අඩංගු වන ඇලිසින් කියන සංයෝගයට පිළිකා සෛල විනාශ කිරීමට ඉහළ හැකියාවක් ඇති බව පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා. ඒ නිසා දිනකට සුදු ළූණු ගෙඩියක් පමණ ආහාරයට ගත යුතු වෙනවා. සුදු ළූණු හැරුණාම ලොකු ළූණු රතු ළූනු සහ ලීක්ස් ආදියේ ෆ්ලෙවනොයිඩ් ප්‍රතිඔක්සිකාරක සහ විටමින් C ඇතුළු පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු වෙනවා. පර්යේෂකයන් පවසන ආකාරයට ළූණුවල පිළිකා නාශක හැකියාවක් පවතිනවා. අවාසනාවකට ගොඩාක් අය සුදු ළූණු වලට එච්චර කැමති නෑ.

  • සතියට දින තුනක් උක් යුෂ පානය කිරීම.

  • දෙළුම්, බාර්ලි, බ්ලූබෙරි

මේ ආහාර වර්ග නිතරම ආහාරයට එකතු කර ගැනීමෙන් පියයුරු පිළිකා ඇතුලු පිළිකා ඇතිවීමේ අවදානම ඉතා පහළ මට්ටමක් කරා ගෙන යන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම ක්ෂණික ආහාරවලින් වැළකීම, ස්වභාවික එලවලු පලතුරු වැඩිපුර  ගැනීම, නිසි බර පවත්වා ගැනීම, නිසි ලෙස ශාරීරික ව්‍යායාම්වල යෙදීම, මත්ද්‍රව්‍ය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඈත්වීම සහ ආතතියෙන් තොරවීම යන කාරණා ආදීය ගැනත් සැලකිලිමත් වන්න. එවිට ඔබටත් පිලිකාවලින් ආරක්ෂා වී නීරෝගී ජීවිතයක් ගත කරන්නට හැකියාව ලැබෙනවා.

මම හිතනවා මේ ලිපිය අපේ හිතවතුන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මොකද අවධානමට පෙර සූදානම හොදයි කියනවානේ. ඉතින් අපි ඕනම දේකට සූදානමින් ඉමු. ගුණැති ආහාර වලට හුරු වෙමු.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්