කඳු තරණයට කියාපු සුන්දර නාරංගල කන්ද සංචාරක තහනමකට ලක් වුනේ ඇයි?

සංචාරක ආකර්ෂණය බොහෝ ලෙස දිනාගත් නාරංගල කන්ද තරණය කිරීම සංචාරකයන්ට තහනම් වුණා. මේ තහනම් කිරිමට අදාල බලධාරීන් හේතු කිහිපයක් සඳහන් කරලා තිබුණා.

නාරංගල කන්ද වැඩිය ජනප්‍රිය වුණේ නැතත් කෑම්පින් කරන්න ආස අයට, සංචාරය කරන්න කැමති අයට කියාපු තැන. ඉතින් මේ නාරංගල කන්ද පිටලා තියෙන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ. නාරංගල කන්ද හාලිඇල සහ කන්දකැටිය ප්‍රාදේශීය බල ප්‍රදේශයන්ටද මායිම්ව තමයි පිහිටලා තියෙන්නේ. නාරංගල කන්ද වසර ගණනාවක් පුරා සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක් නොවේ. නාරංගල කන්ද තරණය ආරම්භ වුණේ මෑත කාලයේදී. නමුත් ඒ මෑත කාලය තුළ සංචාරකයින් අතිවිශාල ප්‍රමාණයක් මේ සුන්දර වූ නාරංගල කන්ද අසිරිය විඳ ගැනීමට එක් වුණා. එක්වරක් හෝ නාරංගල කන්ද තරනය කල අයෙකු නම් එහි සුන්දරත්වය තවමත් මතකයේ රැඳිලා තියෙනවා ඇති. කන්ද මුදුනට නැගලා පුංචි කූඩාරමක් යට ඉඳගෙන උදේ පාන්දර සීතලේ ගැහි ගැහී මීදුම් අතරින් ඉර පායන හැටි බලන්න කවුද ආස නැත්තේ. ඒ වගේ අත්දැකීමක මතකයක් ලේසියෙන් හිතෙන් අයින් වෙන්නෙ නැහැ. නාරංගල කන්ද කියන්නේ ඇත්තටම සුන්දර ශ්‍රී ලංකාවට වටින ස්ථානයක්.

නාරංගල කඳු මුදුන මුහුදු මට්ටමේ සිට මීටර් 1450 ක් පමණ උසකින් තමයි පිහිටලා තියෙන්නේ. පසුගිය කාලයේ නාරංගල කන්ද පිරළිබඳව වැඩි වශයෙන් කතාබහට ලක්වුණා. නමුත් දැන් අපේ සංචාරක පිරිසට ඒ කතාබහ නම් මතක නැතුව ඇති. ඒ නිසයි අද ලිපියෙන් ඒ පිළිබඳව කතා කරන්න හිතුවේ.

පසුගිය කාලයේදී සංචාරක ආකර්ෂණය බොහෝ ලෙස දිනාගත් නාරංගල කන්ද තරණය කිරීම සංචාරකයන්ට තහනම් වුණා. මේ තහනම් කිරිමට අදාල බලධාරීන් හේතු කිහිපයක් සඳහන් කරලා තිබුණා. ප්‍රධානම හේතුව තමයි පසුගිය කාලයේ දී පොහෝ දිනක රාත්‍රියේ නාරංගල කඳු මුදුනේ එක් පසෙක පිහිටි ඉතා ගැඹුරු ප්‍රපාතයකට ඇද වැටී තරුණ ජීවිතයක් අ@හිමි වීමයි. තවත් හේතුවක් තමයි සංචාරකයින්ගේ නොසැලකිලිමත්කම හා නොහික්මුණුකම හේතුවෙන් එම වටිනා පරිසරයට සිදුවන විනා@ශය වැළැක්වීම.

නමුත් කොතරම් තහනම් කළත්, ස්වයං වාරණයන් පැවතියත් පරිසරයට සිදුවන හානිය නම් තවම නැවතිලා නැහැ. කඳු නගින්නන් විසින් ගෙනයන ප්ලාස්ටික් බෝතල්, පොලිතින් හා වීදුරු වැනි අපද්‍රව්‍ය වලින් කඳු මුදුන බොහෝ ලෙස අපවිත්‍ර වෙනවා. කූඩාරම් ගසා රැය පහන් කරන සංචාරකයින් කඳුමුදුනෙහි ගිනි මැල ගැසීම නිසා පරිසරයට දැඩි ලෙස හානි සිද්ධ වෙලා.

නාරංගල කන්ද කියන්නේ ජල උල්පත් ඇති, දුර්ලභ ගණයේ ඖෂධ ශාක ඇති, ශ්‍රී ලංකාවට ආවේණික දේශීය ශාක වර්ග විශාල ප්‍රමාණයක් සහිත දුර්ලභ ගණයේ සතුන් සහ පක්ෂීන් වර්ග ඇති වටිනා කියන ප්‍රදේශයක්. ඉතින් එවැනි සුන්දර ස්ථානයක් තුළ පා සටහන් පමණක් ඉතිරිකර මතක පමණක් රැගෙන එන ලෙසයි මම ඔබගෙන් ඉල්ලා සිටින්නේ.

Newsmania.lk

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්