කට ගඳ ගැසීම නැති කරන්න නිවසේදිම කළ හැකි ප්‍රතිකාර මෙන්න.

අපි අද දැනුම්වත් කරන්න යන්නේ පිරිමි ගැහැනු දෙපාර්ශ්වයටම වැදගත් වන දෙයක් ගැන. විශේෂයෙන්ම මේක වැදගත් වෙන්නේ තාරුණ්‍යයේ ඉන්න ගැහැනු ළමයින්ට. ඒ කියන්නේ අපි දැන් ලස්සනට ඇඳලා ලස්සනට කොණ්ඩේ හදාගෙන ලස්සනට හැඩවෙලා ලිප්ස්ටික් ගාගෙන යනවානේ. හැබැයි එහෙම ගිහින් කෙනෙක් එක්ක කතා බහ කරන කොට තමන්ගේ කටෙන් ගන්ධයක් එනවා නම් අර සියල්ලම කඩාගෙන වැටෙනවා. ඒ නිසා කටින් ගන්ධයක් එනවද කියන එක තමන්ට දැනෙන්න ඕනේ, ඒක හොයලා බලාගන්න ඕනේ. එහෙම නැත්නම් තව කෙනෙක් ඉස්සරහ තමන්ගේ ආත්ම ගරුත්වය කඩාගෙන වැටෙනවා.

මේකට කියනවා Halitosis එහෙමත් නැත්නම් මුඛයෙන් ඇතිවන දුර්ගන්ධය කියලා. එතකොට අපි මුලින්ම බලන්න ඕනේ මෙහෙම මුඛයෙන් දුර්ගන්ධයක් ඇතිවෙන්න ප්‍රධාන හේතුව මොකක් ද කියලා. ඒකට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා.

  • මුඛය තුළම අපිරිසිදුකම හේතු කොටගෙන කට ඇතුළේ කෑම ජාති එකතුවෙලා ඇතිවන දුර්ගන්ධය.
  • ශරීරයේ අභ්‍යන්තර රෝග තත්ත්වයක් ඇතිව තිබීම.

පිරිසක්  ඉදිරියේ කතා කරන විටදී මුඛය වසාගෙන කතා කිරීම සමහරුන්ගේ සිරිතක්. ඇයි කියල බැලිනම් තමාගේ කටේ ගඳ අන් අයට නොදැනෙන්න තමයි එහෙම කරන්නේ. ඉතින් බහුතරයක් මුහුණපාන මේ අපහසුතාවයට ඉතා සාර්ථක ලෙස කට ගඳ නොගහනවට ලෙහෙසියෙන් පහසුවෙන් සොයාගත හැකි ස්වභාවික අත් බෙහෙත් හයක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඔයාලත් මේ ක‍්‍රමවේදය අනුගමනය කරලා බලන්නකෝ.

  1. කුරුඳු

කුරුඳු වල අඩංගු Cinnamic Aldehyde නම් ස්වභාවික තෙල් කට ගද ගැසීම නවත්වනවා මෙන්ම බැක්ටීරියා වර්ධනයද අඩාල කරනවා.

  • කුරුඳු මේස හැදී 1ක් වතුර කෝපයකට දමා උණු කරන්න.
  • එනසාල් ටිකකුත් පුලූවන්නම් එකතු කරන්න.
  • මදක් උකු වනතෙක් රත්කර මවුත් වොෂ් එකක් ලෙස පාවිච්චි කරන්න.
  1. උළුහාල්

උළුහාල් පානය කිරීම පීනස මගින් ඇතිකරන කට ගද ගැසීම නවතා දැමීමට උදවු වෙයි.

  •  උළුහාල් මේස හැදී 1ක් වතුර කෝපයකට දමා උණු කරන්න.
  •  මදක් උකු වනතෙක් රත්කර දිනපතා තේ බොනවා වගේ පාවිච්චි කරන්න.
  1. කරාබු නැටි

කරාබු නැටි වල ඇති ප‍්‍රතිබැක්ටීරියාකාරක කට ගද ගැසීම නවතා නැවුම් සුසුමක් ලබා දෙයි. කරාබු නැටි කෑලි කීපයක් හොදින් සපන්න. විනාඩි කීපයකින් නැවුම් සුසුමක් ලබා දෙයි. වතුර කෝප්පයක් උතුරවා කුඩු කරගත් කරාබු නැටි ටිකක් එකතුකර විනාඩි 5-10 ක් තැම්බෙන්න හරින්න. තේ ලෙස හෝ මවුත්වොෂ් එකක් ලෙස දිනකට දෙවරක් පාවිච්චි කරන්න.

4.ලෙමන් යුෂ

ලෙමන් යුෂ වලින් කට සේදීම අතීතයේ සිට කල ප‍්‍රතිකර්මයක්. ලෙමන් වල ඇති ඇසිඞ් බැක්ටීරියා වර්ධනය නවතා දමයි. එහි ඇති සුවද දුගද වලක්වයි.

ලෙමන් යුෂ මේස හැන්දක් වතුර වීදුරුවකට මිශ්ර කර කට සෝදන්න. ලූණු ටිකක් කැමතිනම් එකතු කරගන්න. මෙමගින් කට වියලිමද වලක්වන නිසා කට ගද ගැසීමට ඇති අවස්ථා අඩු කරයි.

  1. පාස්ලි

පාස්ලි වල අඩංගු හරිතප‍්‍රධ කට ගද ගැසීම නවතා දැමීමට උදවු වෙයි.

අලූත් පාස්ලි කොළ බිදක් හොදින් සපන්න. පුලූවන්නම් පාස්ලි කොළ විනාකිරි වල ඔබා සපන්න. පාස්ලි කොළ ටිකක් අඹරා යුෂ්ම ටික බොන්න. මෙය ආහාර දිරවිමටද උදවු වෙයි.

  1. මහදුරු

මහදුරු වල අඩංගු විශබිෂ නාශක ගුණ බැක්ටීරියා සමග සටන් කර කට ගද ගැසීම පාලනය කරයි. මහදුරු මේස හැන්දක් කටට දමා සෙමින් සපන්න. මහදුරු මේස හැදී 1-2 ක් උණු වතුර කෝප්පයකට දමා ටික වෙලාවකින් තේ බොනවා වගේ පාවිච්චි කරන්න.

මේ ක‍්‍රමවේදයන් සියල්ලම හෝ එකක් හෝ භාවිතා කර කටේ දුගඳ නිට්ටාවටම නැති කරගන්න පුළුවන්. සමහරු මානසික ප්‍රශ්නයක් නිසාත් තමන්ගෙ කට ගඳයි කියල හිතෙනවා. තමන්ට මානසිකව හිතෙනවා කටින් ගන්ධක් එනවා කියලා. එහෙම අය කෙනෙක් මුණගැසුණම කරන්නේ දුරින් ඉඳන් කතා කරන එක. ඉතින් ඒක වෛද්‍යවරු පරික්ෂා කරලා බැලුවවම ඔවුන්ට කිසිම ගැටලුවක් නෑ. ඉතින් ඒක මානසික ප්‍රශ්නයක්.

ඉතින් මේ කට ගද ගැසීම සම්බන්දයෙන් අපි තවත් ලිපියක් පල කරලා තියනවා. ඔයාලට පුළිවන් ඒකත් කියවලා දැනුමට යමක් එකතු කරගන්න වගේම හොඳ නිරෝගි දිවියක් ලබන්න.

http://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්