ඔබේ දරුවා කරදරයක පටලවන්නේ ඔබ අතින් නොදැනුවත්වම සිදුවන යම් ක්‍රියා නිසා විය හැකියි. ඔබේ දරුවා වෙනුවෙන් කියවන්න

ඔබේ දියණියව ඔබේ පුතුව රැක ගැනීම ඔබේ යුතුකමයි. මේ ඔබේ දරුවා රැකගැනීමට අවැසිම කාලයයි. මේ ලිපිය ඔබේ දරුවා වෙනුවෙන්මයි.

වර්ථමානයේදී අහන්න දකින්න ලැබෙන්නේ එච්චරම හොඳ පුවත් නෙවෙයි. පුංචි මල් කැකුළු හිතක් පපුවක් නැතුව පොඩි කරලා විනාශ කරල දාන සමාජයක තමයි අපි දැන් ජීවත් වෙන්නේ. මම හිතනවා ආදරණීය අම්මලා තාත්තලාට අද ලිපිය බොහොම වැදගත් වෙයි කියලා.
අපේ රටේ අනාගතය තමා අපේ දරුවන්. ඉතින් මේ පුංචි මල් කැකුළු ආරක්ෂා කිරීම අපේ යුතුකමක්. කාර්ය බහුල සමාජයක ජීවත් වන දෙමව්පියන්ට දරුවන් ගැන නිරන්තරයෙන් සොයාබැලීමට කාලවේලාවක් නැති තරම්. අපි කරන එක් වැරැද්දක් තමයි මිනිසුන් විශ්වාස කරන එක. ඒ නිසාම අපි අමාරුවේ වැටුණු අවස්ථා බොහොමයක් තියෙනවා. මම හිතනවා ඔබටත් එහෙම වෙලා ඇති.
ඇත්තටම අද ලිපිය ලියන්නේ බොහොම සංවේගයෙන්. මොකද මෑත කාලෙදි ඉතාම කනගාටු දායක පුවතක් අහන්න ලැබුණා. ඒ අටුළුගම අයිෂා දැරියගේ පුවත.
ආදරණීය අම්මේ තාත්තේ ඔබේ පුංචි දියණියව ඔබේ පුංචි පුතුව රැකගන්න.
කරුණාකරලා සිහිකල්පනාවෙන් ඔවුන් ගැන නිරන්තරයෙන් සොයා බලන්න. අම්මා තාත්තවත් විශ්වාස කරන්න බැරි සමාජයක ජීවත් වන මේ කාලයේදි, පිටස්තර පුද්ගලයෙකුට තමන්ගේ දරුවාගේ වගකීම බාර දීමෙන් වළකින්න. පහතින් දක්වා ඇති කරුණු හොදින් මතකයේ තබාගන්න. අපේ පුංචි දූ පුතුන් රැක ගන්න  අංශු මාත්‍රයකින් හරි එය පිහිට වෙයි.

දියණියන් සිටිනා මවුවරුණි, පියවරුණි, මේ ඔබේ අවධානය පිණිසයි.

  1. ඔබේ දියණියට වැඩිහිටි පිටස්තර පිරිමින්ගේ උකුල උඩ වාඩිවෙන්න දෙන්න එපා, වැළදගන්න දෙන්න එපා, සිපගන්න දෙන්න එපා.
  2. පිටස්තරයින් ඉදිරිපිටදී කිසිම දියණියකගේ ඇදුම් මාරු කරන්නෙපා.
  3. මේ මගේ බිරිඳ, මේ මගේ පෙම්වතිය ලෙස විහිළුවටවත් දරුවාව හැදින්වීමට කාටවත් ඉඩදෙන්න එපා.
  4. පුංචි දියණිය පුංචි පුතු යාලුවොත් එක්ක සෙල්ලම් කරනකොට, ඇය ඔහු ඇසුරු කරන යාලුවෝ ගැන හොදින් සැලකිලිමත් වෙන්න.
  5. ඔබ නොදන්නවා වුනාට බොහෝ දරුවන් ලිංගිකව අපයෝජන වලට ලක්වී තිබිය හැක. ඔබේ දියණියට, පුතුට ඔවුන්ගේ අත්දැකීම් වල වැරදි ප්‍රතිඵල හිමිවිය හැක.
  6. දරුවා ප්‍රතික්ෂේප කරන, ගැවසීමට අකමැති, ඇසුරු කරන්න අකමැත්තක් දක්වන වැඩිහිටියන් ළගට යන්න කවදාවත් බල කරන්න එපා.
  7. බොහොම ක්‍රියාශීලීව, කෙළිදෙලෙන් කාලය ගත කරපු ඔබේ දරුවා ක්ෂණිකව වෙනස් වුනාද? නිහඬද? හැකි ඉක්මනින් දරුවා පිලිබදව අවධානය යොමු කර, දරුවාට ආදරය ලබා දී දරුවා පිලිබදව සොයා බලන්න. ඉවසිලිමත්ව දරුවාගෙන් ඒ පිලිබදව විමසන්න.
  8. දරුවා නරඹන කාර්ටුන්, චිත්‍රපට සහ පරිඝනක ක්‍රීඩා පිලිබදව විමසිලිමත් වන්න. ඔබ නොදැනුවත්වම ඒ හරහා දරුවා ලිංගික ක්‍රියාවන්ට යොමු විය හැක.
  9. අන්තර්ජාලය භාවිතා කරන දරුවන් සිටීනම් ඔවුන් පිවිසෙන වෙබ් අඩවි පිළිබදව සොයා බලන්න.
  10. දරුවාට තමන්ගේ සිරුරේ අවයව හොදින් පිරිසිදු කරගන්නා ආකාරය හොදින් උගන්වන්න.
  11. ගෙදර මෙහෙකරුට හෝ මෙහෙකාරියට දරුවාගේ අවයව අල්ලන්න ඉඩදෙන්න එපා.
  12. පිරිසක් ඉදිරියේ විනීතව සහ අචාරශීලිව හැසිරෙන හැටි දරුවාට පුරුදු කරන්න,ඇදුම් අදින ආකාරය සහ සියලු දේ.
  13. ඔබගේ දරුවා කිසිම විටෙක කිසියම් කෙනෙක් පිලිබදව පැමිණිලි කලොත් නිහඬව ඉන්න එපා. වහාම ඒ පිලිබදව සොයා බලන්න.
  14. නිහඩව සිටීම යම්කිසි අපරාධයකට දිරිදීමක් විය හැකි අතර එවැන්නක් සිදුවුවොත් එය ඔබේත් දරුවාගේත් මුළු ජීවිත කාලයටම වදදෙන වේදනාවක් පමණක් උරුම කරාවී.

https://www.newsmania.lk/

 

මෙන්න බලන්න තවත් පුවත්