ඔබට හිසරදය නිතර හැදුනත් හිසරදය ගැන හරියටම දැනගෙන හිටියේ නෑ නේද? එහෙනම් දැන්ම දැනුවත් වෙන්න.

අපි නිතරම ශරීර සෞඛ්‍ය ගැන හිතලා ඔයාලට වැදගත් කියන ලිපි අනිවාර්යෙන්ම පලකරනවා. ඉතින් ඔන්න අදත් ඒ වගේ වැදගත් ලිපියක් තමයි අරගෙන් ආවේ. මේ ලිපිය නම් වයස් භේදයකින් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හැමෝටම වැදගත් වෙයි. මොකද අද කතා කරන්න යන්නේ හැමෝටම නිතර හැදෙන අසනීපයක් ගැන. ඒ හිසරදය ගැන. හිසරදය හැමෝටම හැදුණත් ඒ ගැන හරියටම දන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. අපි හැමෝම වෛද්‍යවරු නෙමෙයිනේ. නමුත් අසනීපයක් පිළිබඳව යම් අවබෝධයක් තිබීම ගොඩක් වැදගත් වෙනවා. බලන්නකෝ, ඔයාලටත් මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි.

“අම්මෝ…. ඉන්න බැහැ ඔලුව කැක්‌කුමයි”

කියමින් හිස බදා ගන්නා පිරිසක් හෝ ඒ සඳහා විවිධ පෙති ගිලින පිරිසක් සමාජයේ බහුලව ඉන්නවා. විශේෂයෙන් මඟුල් ගෙදර, මළ ගෙදරක, වෙනත් ගමනක, පිංකමේදී ආදී කුමන ස්‌ථානයකට ගියත් එම ස්‌ථාන අතරදී කුමන හෝ පුද්ගලයෙක්‌ මෙම රෝගයෙන් පීඩා විඳින අයෙක්‌ වෙති. කොටින්ම ඕනම ගෙදරක මෙහෙම කියන එක්කෙනෙක් හරි ඉන්නවා.

ඇත්තටම මොකක්‌ද මේ හිස කැක්‌කුම කියන්නේ?

හිසරදය යනු හිසේ ඇති වන වේදනාව. මිනිසාගේ ශරීරයේ ප්‍රධානතම ඉන්ද්‍රිය වන්නේ මොළය. එම මොළය පිහිටා තිබෙන්නේ මෙම හිස්‌ කබල ඇතුළේ. මොළය ස්‌නායු පද්ධතියේ මූලස්‌ථානයයි. එයින් නිකුත් වන මූල ස්‌නායුව කුඩා මොළය ඔස්‌සේ ප්‍රධාන කශේරුකා පන්තියට ඇතුල් වී කශේරුකා සන්ධිස්‌ථානවලින් පිටතට නිකුත් වී ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන් හා අවයවයන් කරා ගොස්‌ ඒවායේ ක්‍රියාකාරීත්වය ඇති කරනවා. ශරීරයේ කුමන අවයවයක ඉන්ද්‍රියක දෝෂයක්‌ ඇති වුවත් එය මොළයට බලපෑම් ඇති කරනවා. එම බලපෑම්වල උච්චතම අවස්‌ථාව ලෙස හිස කැක්‌කුම හටගන්නවා. පේනවා නේද වැඩිය ගනන් ගත්තෙ නැතුවට මේක කොච්චර භයානකද කියලා.

මෙම රෝගය ඇති වන්නේ කුමන අවස්‌ථාවලදීද? කුමන ක්‍රියාකාරකම් තුළින්ද?

  • විශේෂයෙන් ශරීරයේ ත්‍රිදෝෂ කුපිත වීමෙන් හිස කැක්‌කුම ඇති වෙන්න පුළුවන්. ඒ අතරිනුත් සෙම් කුපිතය ප්‍රධාන තැනක්‌ ගන්නවා.
  • වැරදි ආහාර වර්ග ශරීරයට ගැනීම
  • වැරදි පාන වර්ග ශරීරයට ගැනීම
  • තද අව්වේ සිටීම
  • අධිකව දුවිලි ආශ්‍රිත පරිසරවල ගැවසීම
  • තද අව්වේ සිට එකවර දියනෑම
  • රබර් මෙට්‌ටවල නිදා ගැනීම
  • ජංගම දුරකථනය සීමාව ඉක්මවා භාවිතය
  • සීමාව ඉක්මවා මහන්සි වීම
  • නිතර මහ පොළව නොපෑගෙන ලෙස පාවහන් පැළඳ සිටීම
  • වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, අධික තණ්‌හාව ආදී හේතුන් නිසා ද පුද්ගල ශරීරයේ මෙම හිස කැක්‌කුම රෝගය හට ගැනීමට බලපානවා

මේ හේතුන් හිස කැක්කුම ඇති වීමට ප්‍රධානම කරුණු ලෙස පෙන්වා දෙන්න පුළුවන්.

 

තවත් කරුණු ලෙස පහත කරුණු පෙන්වා දෙන්න පුළුවන්

  • හිසට පහරක්‌ වැදීම
  • කොඳුඇට පෙළ රෝගාබාධ
  • අධික ශබ්දය
  • දරු ප්‍රසූතිය හා ශල්‍යකර්ම

ශරීරයේ සාමාන්‍යයෙන් ඇති වන සෙම රෝගය නිසා මෙම හිස කැක්‌කුම බහුලව හට ගැනීම සිදු වෙනවා. විශේෂයෙන්ම වර්තමානයේ බහුල හිස කැක්‌කුම රෝගයට ප්‍රධානම හේතුව සෙම කුපිත වීමයි. විශේෂයෙන් ශරීරයේ සෙම හට ගැනීමෙන්, ශරීරයේ අධික උෂ්ණාධික බව ඇති කරනවා. සෙම හට ගැනීම නිසා බලපානු ලබන අධික උෂ්ණ බව ශරීරයේ බොහෝ ඉන්ද්‍රියයන් හා අවයවවලට බලපෑම් කරනු ලබන අතර, එම බලපෑම් මොළයට ඉතා තදින් බලපානවා.

මෙම අධික උෂ්ණාධික බවට ප්‍රතිකාරයක්‌ ලෙස සෙම මොළය කරා යොමු කරන අතර එම සෙම මොළයේ කෝටරක ප්‍රදාහ අතර තැන්පත් වීමේදී විවිධ දිලීර බැක්‌ටීරියා ආසාදනවලට ලක්‌වීමෙන් සෙම රෝගී වෙයි. එම රෝගී වන සෙම නිසා හිසේ බරගතිය ඇති වෙයි. එම නරක්‌ වූ සෙම මෙම මොළ කුහරයෙන් ඉවත් වනතුරු හිසේ රෝගාබාධ ඇති කරනු ලබන අතර, එය හිස කැක්‌කුම ලෙස ශරීරයට බලපෑම් කරනු ලබනවා.

විශේෂයෙන් මොළයට බලපානු ලබන හිසේ කැක්‌කුම රෝග අතරින් ප්‍රධානම පීඩාකාරී අවස්‌ථාව ලෙස ඉරුවාරදය විදිහට හදුන්වන්න පුළුවන්. මෙය වැළඳුණු රෝගීන් අධික පීඩාවන්ට පත් වන අතර, මෙම ඉරුවාරදය වැළඳුණු රෝගීන්ගේ තමන්ගේ සියලුම ක්‍රියාවන් ඇනහිට තම දෛනික කටයුතු අඩපණ වී ජීවිතය ඉතා අවාසනාවන්ත තත්ත්වයට පත් වීම සිදු වෙනවා.

විශේෂයෙන්ම මළ බද්ධය, ගැස්‌ට්‍රයිටිස්‌, පපුවේ සෙම ගතිය ඇති වීම ආදී වෙනත් රෝගාබාධ ඇති වූ විටද හිස කැක්‌කුම රෝගය හට ගැනීම සිදු වෙනවා. එම නිසා වා, පිත්, සෙම් දෝෂ වීමෙන් ශරීරයේ හට ගන්නා බොහෝ රෝගාබාධවල අතුරු රෝගයක්‌ ලෙස හිස කැක්‌කුම රෝගය හට ගන්න පුළුවන්.

හිස කැක්‌කුමට කොතෙක්‌ ප්‍රතිකාර ලබා ගත්තත් සුවයක්‌ නොලැබීම සඳහා හේතු දන්නවා ද?

මේකට හේතුව ලෙස හඳුන්වා දිය හැක්‌කේ බොහෝ අය මෙම රෝගයට ප්‍රතිකාර කිරීමේදී නිසි ලෙස රෝගය පිළිබඳ සොයා බලා රෝග නිදානයන්ට ප්‍රතිකාර නොදීම හේතුවෙන් කෙතරම් ඖෂධ ලබා ගත්තත් මෙම රෝගය සුව නොවන්න පුළුවන්. නමුත් ආයුර්වේද ප්‍රතිකාර කරා යොමු වූ රෝගියෙක්‌ බොහෝ විට නිවැරැදි පරීක්‌ෂාවන් තුළින් නිවැරදි දෝෂය හඳුනාගෙන රෝග නිදානයට ප්‍රතිකාර ලබා ගැනීම තුළින් සුවය ලැබීමට හැකියාව තියෙනවා. ඇත්තටම නිවැරැදි පරීක්‌ෂාව සහ වෛද්‍යවරයා සතු රෝග නිශ්චය කිරීමේ හැකියාව අනුව මෙම රෝගයෙන් සුවය ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

හිස කැක්‌කුම රෝගය වැළඳුණු රෝගීන් තම දෛනික කටයුතුවලදී වැළකී සිටිය යුතු දේ මොනවාද?

  • විශේෂයෙන්ම මෙම රෝගීන් ඇල් දිය නෑමෙන් වැළකිය යුතුය.
  • උතුරවා නිවෙන තුරු සිට එම ජලය ස්‌නානය කළ යුතු අතර උතුරුවා ගත් ජලයට ඇල් ජලය එක්‌කර ස්‌නානය නොකළ යුතුයි.
  • තවද අධික උෂ්ණ ආහාර, අධික සීතල ආහාර වර්ගවලින් හැකිතාක්‌ දුරට ආරක්‌ෂා විය යුතුයි.
  • මත්ද්‍රව්‍ය, දුම්පානයෙන් වැළකිය යුතුයි.
  • පාන්පිටි ආහාර, තෙල් ආශ්‍රිත ආහාර වර්ගවලින්ද ප්‍රවේශම් විය යුතුයි
  • වෛද්‍යවරයා නිර්දේශ කළ අයුරින්ම නිසි ලෙස ඖෂධ ලබා ගැනීමද අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි.

ආයුර්වේද ප්‍රතිකාරවලින් හිස කැක්‌කුම සුව කළ හැකිද?

අනිවාර්යයෙන්ම නිට්‌ටාවට සුව කර ගන්න පුළුවන්. ඒ සඳහා වෛද්‍යවරයා පවසන අයුරින් නිවැරැදි පිළියම් ක්‍රමවලට යොමු වී නිසි ප්‍රතිකාර ඉතා හොඳ ශරීර සූදානමකින් යුතුව කළහොත් ඉතා කෙටි කලකින්ම කරදරකාරී හිස කැක්‌කුම සුව කරගෙන සුව බර අනාගතයකට උරුමකම් කීමේ හැකියාව පවතිනවා.

ඉතින් තවත් ලිපියකින් අපි හිසරදය නැත්තටම නැති කරන ප්‍රතිකාර කිහිපයක් අරගෙන එන්නම්. හැමෝටම සුවබර නිරෝගි දිවියක් ප්‍රාර්තනා කරනවා.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්