වෙරළුගෙඩියක්,ජම්බුගෙඩියක්, ලාවළුගෙඩියක් ගහෙන් වැටී චොප්ප වී යන යුගයක වසවිස පිරි පළතුරු අප රටක් වශයෙන්ම දෝතීන්ම රැකගනිමින් ඇත.කල්තබාගන්නා වසවිස ගැල්වුනු පිටරට බොහෝ ආනායනික පළතුරු හා සමහර මෙරට පළතුරු වල පවා ඇති වසවිස සංඝටක වශයෙන් ඒවා වල අන්තර්ඝතය ඔබ දන්නවා නම් උදාහරණයක් ලෙස ගතහොත් ඇපල් ගෙඩිය මතුපිට පෘෂ්ටය ගල්වා ඇති “වැක්ස්” ආලේපය මේ සඳහා බහුලවම භාවිතාකෙරෙනුයේ‘මොර්පොලීන්’(Morpholine) සහ ‘පැරෆින්’(Paraffin) මින් හඳුන්වනු ලබන ඉටි වර්ගයන්ය.

මොර්පොලීන් රසායනිකය පිළිකා කාරක ලක්ෂණ පෙන්නුම් කරන බැවින්,යුරෝපා සංගමයේ රටවල් තුළ භාවිත කිරීම සපුරා තහනම් කර ඇත.නමුත් අවාසනාවකට ලංකාවට ඇපල් ගෙන්වනු ලබන රටවල්වන චීනය,ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල මෙය තහනම්කර නොමැත.

ඒ ඔවුනගේ වාසිය තකාය,පැරෆින් යනු පෙටේ‍්‍රාලියම් පිරිපහදුවේ අතුරු ඵලයකි. සංශුද්ධ පැරෆින් හානිකර නොමැති බවට විද්‍යාත්මකව පිළිගැණුනත්, බොහෝ ව්‍යාපාරිකයින් විසින් වැඩි ලාභ සඳහා තත්ත්වයෙන් බාල පැරෆීන් භාවිත කරන අවස්ථා ඇතිතරම් බහුලය.

බාලපැරෆින් තුළ බෙන්සීන්,ටොලූවීන් වැනි පිළිකාකාරක පවා අන්තර්ගත විය හැකි බව පැහැදිළිවම දැන් සොයාගෙන ඇත.එහි ඇති එම තත්වය තුළ එම සංඝටක අගල් තුනකට වඩා ඇතුලට කා වැදී ඇති බව ඇපල් ගෙඩියක් තුළ ඔබ දන්නවාද?ඒ සරළ එක තත්වයක්ම පමණි,මේවා මේතරම් අපරික්ශාකාරීව කෑමට ගන්නේ සියදිවි හානිකර ගැනීමේ සරළ මාර්ගයක් සඳහාද සිතෙනු තරමට භයානකය.අප කොහොමටත් බොහෝ සරළ වැටහුම් සහගත කාරණා පහසුවෙන් ඉවතලා මහබරසාර කාරණා පසුපස දුවමින් නන්නත්තාරවන ජාතියක් හා රටක් බවට ලොකයේ හමුවේ පවා අද නිර්වචනය වෙමින් පවතී.මේ වුවද ඒ සොච්චම් එක් අවස්තාවක්ම පමණි.

ඇපල් ගෙඩියක් ගසකින් කඩාගත් පසු දින තුනකට වඩා සාමන්‍ය තත්වයන් යටතේ තබා ගත නොහැක.නමුදු අප වෙළද පොලහි ඇපල් හා බොහෝ සමහර දේශීය පළතුරු පවා කිසිඳු මහන්සියකින් තොරව මාස ගණනක් තබා ගතහැක. ඒවා කොතරම් සුරක්ශිතද පැවසුවහොත් කෘමිසතෙක් පවා නොකන තරමය.ඒ ඒවා එතරම් වසවිස වලින් ගහන බැවිනි.සතුන්ට පවා දැනෙන දෙය අපේ ඉවෙන් ගිලීහී ඇත.

ගසයට වැටෙන ලාවුළුගෙඩිය,වෙරළුගෙඩිය,නෙල්ලිගෙඩිය,කටුඅනොදා බොහෝ රසගුණ පිරි පළතුරු වැලි සෝදා කන්නට බැරි තරමටම“අප පොශ් වූවද” වසවිස පිරි ඇපල්ගෙඩිය,කහනාරංගෙඩිය හා ආනායනික පළතුරු බව දැක්වීමට ස්ටිකරය පවා අප ගලවන්නේ කන්නට යන අවසාන මොහොත තෙක්ම තබා වසවිසම මාර්කට්ම කරමිනි. ඒ අපේ විනාශය කරාම යන දියුණුවක තරමය.

ලෝකයේ මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන ප‍්‍රකට පර්යේෂණ පදනමක් විසින් සෑම වසරක දී ම යුරෝපා වෙළඳපොළේ විකිණීමට තිබෙන පලතුරු හා එළවළුවල ඇති වසවිස පිළිබඳ ව සොයා බැලීමක් සැම වසරකම සිදුකරනු ලබයි. ඒ අනුව ඔවුන් විසින් දූෂිතම එළවළු හා පලතුරු වර්ග 12 තෝරනු ලැබේ (Dirty dozen). සුපුරුදු පරිදිම 2018 වසරද ලැයිස්තුවේ අංක එකට පත් වන්නට 2017 සේම “ඇපල්”මේ වසරද සමත්වී ඇත. එම ආයතනය විසින් පර්යේෂණයට ලක්කළ ඇපල්වලින් 92%ක් පමණ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු මට්ටමකින්,විවිධ පළිබෝධනාශක ශේෂ කොටස් සහ හානිකර බැර ලෝහ වර්ගවලින් දූෂිත වී තිබුණු බව පැහැදිළිවම හෙළිව ඇත. ඒ සෑම ඇපල් ගෙඩියක ම හානිකර රසායනික ද්‍රව්‍යයන් 56ක්වත් අන්තර්ගත ව තිබුණු බව වැඩිදුරටත් එම වාර්තාවන්ගේ දැක්වේ.

“ඒ…..අනුව ලොව විශ අධිකම පළතුර සැකසූ ඇපල් ලෙස විද්‍යාත්මකව දක්වා ඇත”

එසේ වී ඇත්තේ එය මිනිස් පාරිභෝජනයට නුසුදුසු ලෙස සකසා ඇති නිසාය.ස්වාභාවික තත්වයේ ඇපල් යනු ගුණාත්මක පළතුරක් බවද ඔබ දැනගත යුතුමය.

වසවිස වලින් අනූන පළතුරු අප මහා මුදලින් උජාරුවෙන් ගෙනකති. ඊට අමතරව හයක්හතරක් නොවැටහෙන දරුවාගේ පළතුරු කුසගින්න නිවෙන්නටද ඒවාම අප ඔවුන්ටද ලබාදෙති. “හිතන්න මොහොතක්” මෙවැනි වසවිස භාවිතය වන පළතුරු වලින් ඔබද ඔබේ අහිංසක ආදරණීයන් රැකගන්න, පහදන්න ආදීනය තරමක භයානක භව, මහාලොකු සංග්‍රාම කිරීමට පෙර “අත පල්ලෙන් අපිට අතහැරෙන අප සියසින් දකින්න” ඔබ එයට එරහිව ඔබ තුළින්ම පියවර ගන්න.අපහමුවේ ඇති සරළ සාමන්‍ය බව හැඟුනද මෙම උවදුරු රටක් ජාතියක් විලසින් දකින්න.එවිට දේශීයත්වය නිතැතින්ම ගොඬනැගෙන අයුරු විචාර දෑසින් දකින්න එවිට ඔබට බොහෝ දේ නිතැතින් හිමිවනු ඇත.

මතක තබා ගන්න ගහෙන් කඩපු මොහොතේ සිට ඇපල් ගෙඩියක් නරක් නොවී පවතිනුයේ ස්වාභාවික තත්වය මත දවස් තුනක් බව හිතන්න දැනගන්න.

අපේ රටේ පලතුරු අලෙවි ව්‍යාපාරිකයන්,නිතර නිතර තම පලතුරු මතට යම් ද්‍රාවණයක් ඉසිනු ලබන බව ඔබ සමහරට විටක දැක ඇති. ඒ.. පිරිසිදු ඇල් වතුර කියාම ඔබ ද සිතා සිත හදාගන්නට ද ඇති.

එහෙත් ඒ ඉසින්නේ හෝ ස්ප්‍රේ කරන්නෙ ද්‍රාවණයක් නොවේමද දන්නේ ඔවුන්ම පමණි. සුද්දා සිල්වර් නයිටේ‍්‍රට් යොදා මාස ගණනාවක් කල් තබා ගත් ඇපල,අපේ කළුසුද්දන් විසින් විවිධ කූට උපක්‍රම ද භාවිත කර තව අවුරුද්දක් පමණ යස අපූරුවට කල් තබා ගනු ලබයි.

නොදැන කෑවානම් දැන් දැනගෙනම එහනම් කන්න,ඔබ කනවානම් කන්නේ හා ඔබේ ආදරණීයන්ට ඔබ දෙන්නෙ එම්බාම් ඇපල් ගෙඩියක්ම බව. තවද සිතන්න එම්බාම් කර මළ#මිනියක් වුවද මාස හයකදී පොලොවට දිරායන බව ඔබ දන්නවා නේද?

එවිට මේ ඇපල් ???????

මෙන්න බලන්න තවත් පුවත්