ආදරයක් වෙන් වීමකින් අවසන් වුනොත් නැවත අලුත් ජීවිතයක් අරඹන්නේ කොහොමද?

අපේ යාළුවන්ට අපි හොඳම දේ දෙන්නයි ගොඩාක් වෙලාවට උත්සහ කරන්නේ. ඒ වගේම ඔයාට හොඳම යාලුවෙක් වෙන්නයි අපට අවශ්‍ය. අද මම ඔයාගෙ හදවතට යාළුවෙක් විදිහට ළං වෙලා පුංචි පාඩමක් කියලා දෙන්නයි හදන්නේ.

අපේ ජීවිතේ වැඩි කාලයක් වැය කරන්නේ ආදරණීයක් වෙනුවෙන්. බැදීම් මත තමයි අපි යැපෙන්නේ. අපි ආසයි අපිට අනිත් අයාඅදරය කරනවාට. එයාලාගෙ ජීවිතේ අපිට වටිනාකමක් ලැබෙනවාට. නමුත් බොහෝ අවස්තාවල මේ බැදීම් නොහිතන විදිහට බිඳිලා යන්න පුළුවන්. අපි සංසාරේ කරපු පව් පිං වුණත් මේ දේවල් වලට බලපාන්න පුළුවන්. ඉති යාළුවනේ බැදීමක් බිදුණම හිතට ඒක දරාගන්න ටිකක් අමාරුයි නේද? ඒ නිසා තමයි අද සමාජයේ මානසික රෝගින් වැඩි වෙලා තියෙන්නේ. ඒ වගේම සියදි වි නසා ගැනීම් වුණත් අපිට අහන්න ලැබෙනවා. මිනිසුන් ඒ පිළිබදව මොන මතයක් දැරුවත් අදාල පුද්ගලයාට ඒ දේ හොඳම දේ කියලා හිතෙන්න ඇති. ඒත් අපේ වටිනා ජිවිතය එහෙම අහිමි කරගන්න ලැබුණු දෙයක් නෙවෙයි. අපි මේ ජිවිතේ විදවන්න නෙවෙයි විදින්නයි ඕන. ඒ නිසයි මේ ලිපිය ඔයාට ගෙනාවේ.

අපි අද කතාකරන්නේ බැදීමක් එහෙම නැත්තම් ආදරයක් බිඳුණොත් ඇත්තටම වෙනස් වෙන්න හිත හදාගන්න පුළුවන්ද කියන එක ගැන, එහෙමත් නැත්තම් වෙනස් වෙන්නෙ කොහොමද කියන කාරණය ගැන. ඇත්තටම බිදීමක් වෙනවා කියලා කියන්නෙ දෙන්නෙක් Separate වෙන එකට. එතකොට වෙන්වීමක් වුණාට පස්සෙ ඇතිවෙන දුක වේදනාව නැති කරගන්නෙ කොහොමද?  ඒ දේට මුහුණ දෙන්නෙ කොහොමද? හිත වෙනස් කරගන්නෙ ඒ කියන්නෙ අලුත් විදියට ජීවිතය පටන්ගන්න තමන්ගේ ඔළුව හදාගන්නේ කොහොමද? අපෙන් වෙන් වුණ කෙනාගෙ මතකයන් සහ එයා අපිට සලකපු විදිය වගේ දේවල් ඔබේ ජීවිතයට බලපාන්නෙ කොහොමද කියන එක තමයි අපි වැඩිදුරටත් මේ ලිපිය හරහා කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ.

ඇත්තටම යාළුවනේ අපි අවංකවම කෙනෙක්ට ආදරේ කළා නම් ඒ කෙනාට අපි කොච්චර addict වෙලා නේද  ඉන්නෙ කියලා ඔයාට තේරුම් යන්න ගන්නවා. එහෙම Addict වෙන්න හේතුව අපි ආදරයෙන් ඉන්නකොට අනිත් පුද්ගලයාගේ හැඟීම් ගැනත් හිතලා තීරණ ගැනීමට හුරුවුණ නිසා. වෙන්වීමකින් පස්සේ ඔහුගේ හෝ ඇයගේ දේවල් අපිට ගුණනය වෙලා දැනෙන්න ගන්නවා. අපිට එම පුද්ගලයාගෙන් ගැලවෙන්න බැරි ලොකුම හේතුව ඒක තමයි. නමුත් අවසානයේ අපි තේරුම් ගන්නවා නම් වෙන්වීමක් සිද්ධ වෙලා තියෙන්නෙ මෙන්න මේ හේතූන් නිසා කියලා අපිට ලොකු පහසුවක් දැනෙනවා. ධනාත්මක සහ ඝෘණාත්මක සන්සන්දනයක් කිරීමෙන් පසුව මගේ ආදරය, බැදීම තිබුණෙ මේ තැන කියලා ඔයාට තේරෙනවා නම්, ඔයාට අපහසුවක් දැනෙන්නෙ addiction එක නිසා සහ ඊට අමතරව ඔයාට පසුතැවීමක් ඇතිවෙන්න පුළුවන් ගෙවපු කාලය සහ ඔයා කරපු කැප කිරීම නිසා කියලා ඔයාට අවබෝධ වෙනවා.  නමුත් ඔයාට එතනින් ගැලවෙන්න බැරි මානසිකත්වය ගොඩනැගෙන්නෙ, මට එයා නැතුව බැහැ කියලා හිතෙන්නෙ ඒ addiction එක නිසාම පමණයි.

ඔයා ගත කරපු කාලය සහ ඒ කරපු කැප කිරීම් අමතර අපහසුවක් විදියට තමයි addiction එකට එකතු වෙන්නෙ. එතකොට ඒ දේවල් අනුව තමයි ඔයා අවසානයේ දී තීරණ ගන්න පෙළඹෙන්නෙ. කාට වුණත් මේ මොහොතේ වෙන්වීමක් වෙනවා කියන දේ සහ ඒ පුද්ගලයා ඔයාගෙන් ඉවත් වෙනවා කියන මොහොත දරාගන්න හරි අමාරුයි. මොකද ඒකට හේතුව තමයි addiction එකක ඉන්න නිසා මොළය ඔයාව පුළුවන් තරම් තල්ලු කරනවා අනිත් පුද්ගලයාට attachment වෙන්න කියලා. එතකොට වෙනම වක්‍රයකින් හිත ඔයාව හසුරවනවා. මෙහිදී හැඟීම් මත තීරණ ගන්න එක වැඩි නිසා ආකර්ශනය ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම අවබෝධයෙන් මේ දේ තේරුම් ගන්න ප්‍රතිශතය ඉතාමත් අඩු වෙනවා. මොකද කෙනෙක් කොතරම් උසස් වුණත් මොන වගේ සමාජ ස්ථරයක ඉන්න කෙනෙක් වුණත් මොන විදියේ අධ්‍යාපන පසුබිමක් තිබුණත් තමන්ට මේ වගේ හැගීම් වලින් ඇල්මක් ඇතිකරගෙන ඒක පවත්වාගෙන විවාහයකට යනවා කියන එක‍ෙ වෙනම දෙයක්. එතකොට එතන දී තමන් පරදිනවා කියන එකට සමාජ මට්ටම සහ එයාගෙ අධ්‍යාපන තත්ත්වය අදාළ වෙන්නෙම නැහැ. මේ සම්බන්දය කරගෙන යනවා ද නැත්නම් වෙන් වීමකට මුහුණ දෙනවා ද කියන එක ගැන අවබෝධයෙන් තේරුම් ගන්න ප්‍රතිශතය මෙහිදී බොහෝදුරට අඩු වී හැඟීම් මතින් තීරණ ගන්න පෙළඹෙනවා .එතකොට එහිදී තමන්ගෙ සමාජ පරිසරයවත් අධ්‍යාපන පසුබිමවත් අදාළ වෙන්නෙ නැහැ. ඊට වඩා උගත් මිනිස්සු ඕන තරම් ඉන්නවා සිය දි වි සාගන්න පෙළඹෙන.  dru gs වලට ඇබ්බැහිවෙලා වෙන දේවල් කරන්න පෙළඹෙන. ඒකට හේතුව තමයි මේ දේවල් දරාගන්න බැරිව පීඩනයෙන් ජීවත්වෙන එක.

මෙවැනි පුද්ගලයෙක් දිහා කවුරු හරි පිටින් බැලුවොත් පේනවා එයාට හොඳ අනාගතයක් තියෙනවා, එයා හොඳට ඉගෙනගෙන තියෙනවා, එයාට ඉස්සරහට හොඳට ජීවත්වෙන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා කියලා. නමුත්  මේ තත්ත්වයට මුහුණ දීලා ඉන්න පුද්ගලයට දැනෙන්නේ මේ වේදනාව විතරයි. ඒ කියන්නෙ අනිත් පුද්ගලයා නැති වුණොත් ඔයාට ජීවත්වෙන්න බැහැ කියන මානසිකත්වයක් තමයි එයාටගේ මොළයෙන් එයාට හදලා පෙන්නන්නෙ. තමන් ආදරය කරපු කෙනාගේ විශේෂත්වයන් සහ අතීත මතකයන් ලොකුවට හදලා පෙන්නනවා.  ඔයා අවසානෙදි හරියට තේරුම් ගන්නවා නම් ඔයා ඉන්නෙ ආකර්ශනයක  කියලා, හරියටම සම්බන්ධතාවය අවසන් කරලා වෙනම ගමනකට අඩිය තියන්න ඔයාට පුළුවන්.

එහෙම ඔයා අයින් වුණාට පස්සෙ ඒ පුද්ගලයාගෙ කිසිම දෙයක් ඔයාට අදාළ වෙන්නෙ නැහැ. ඒ වගේම ඔයාට ඔයාගෙ සාමාන්‍ය ජීවිතයට හුරුවෙන්නත් පුළුවන්. මුල්ම අවස්ථාවලදි කවදාවත් හිතන්නෙ නැහැ මට නැවත හිටපු තත්වයටපත් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා අර හිතේ හිරකරන් ඉන්න, එක ඇතුළෙ දරා ගන්න බැරි අපහසුතාවයෙන් මිදෙන්න නිතරම උත්සාහ කරන්න ඕනෙ. ඉතින් මේ අවබෝධය තියෙනවානම් පොඩ්ඩක් ඉවසගෙන ටිකෙන් ටික පියවරෙන් පියවර ඔයාට එතනින් හරියටම ඉවත් වෙන්න වාතාවරණය හදාගන්න පුළුවන්.

ඉතින් බැදීමක් බිදුනම ඒකට කොහොමද මුහුණ දෙන්නේ? ඒ වෙලාවෙ ඔයාට දැනෙන හැගීම් මොනවගේද? ඇත්තටම ඒවා ඇත්ත ද? ඔයා කොහොමද ඒ දේවල් කළමනාකරණය කරගන්නෙ කියන අවබෝධය ඔයාට මේ ලිපියෙන් ලබා ගන්න පුළුවන් වෙන්න ඇති කියලා අපි හිතනවා.

ඒ වගේම බැදීමකින් අපිව ඈත් කරන්නේ ඊට වඩා හොද කෙනෙක් ලැබෙන්න වෙන්න පුළුවන්. ඒ නිසා කිසිම වෙලාවක වැටෙන්න එපා. අපි ආදරය කරන කෙනා නැති වුණාම දරාගන්න අමාරු වුණත් ඔයා ශක්තිමත් වෙන්න ඕන. ඔයා ඔයාට ආදරය කරන්න. අපිට වටිනාකමක් තියන තැනකයි අපි රැදෙන්න ඕන.

ඔයාගේ සතුට වෙනුවෙනුයි අපි අකුරු කරන්නේ. සතුටින් ඉන්න යාළුවනේ…

http://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්