අපි ගන්නා ආහාර යම් යම් රෝග තත්ත්වයන්ට බලපාන ආකාරය

අද කතා කරන්නේ අපි ගන්නා ආහාර අපේ රෝග තත්තවයන් වලට බලපාන්නේ කොහොමද කියලා. මේ ලිපිය ගොඩක් අයට වැදගත් වෙයි. බෝ නොවන රෝග බොහෝමයකට අපේ මුළුතැන්ගෙයි අතිවිශිෂ්ට ඖෂධ තිබෙනවා. අවාසනාවකට අපේ මිනිසුන් මේ පිළිබඳව වැඩිය දැනුවත් නැහැ. අන්න ඒ නිසයි මේ ගැන ඔයාලට කියන්න හිතුවේ. බලන්නකෝ අද ලිපියත් ඔයාලට ගොඩාක් වැදගත් වෙයි.

අපි එදිනෙදා කෑමට ගන්න දේවල්, රෝග තත්වයන්ට මොන වගේ බලපෑමක් වෙනවද කියල බලමු.

ගොරක
  • නිකන් හිතන්න ඔයාට වැසිකිලි යාමේ අපහසුතාවක් තියනවනම් ඔයා සති 4ක් මිරිස් කෑමෙන් වැලකිලා ඉන්න ඔයාට පහසුවක් දැනෙයි.
  • ඒ වගේම මලබද්දය තිබෙනව නම්  ඇඹරැල්ල කොහිල ඕට්ස් පොලොස් වගේ  ආහාර නිතර කන්න.
  • එතකොට නොනවතින කැස්සක් තියන වෙලාවක රතු ලූණු ගෙඩියක් කට වහන් හපලා නහයෙන් හුස්ම සම්පූර්ණයෙන්ම පිට කරල කටින් හොඳට හුස්ම ඉහලට අදින්න අර ලූණු ගෙඩියේ සැර පෙනහළු දක්වාම ගමන් කරනකන් චූටි දැවිල්ලක් වගේ දැනෙයි ක්ෂනිකව කැස්ස නවතිනව.
  • ඒ වගේම වියළි කැස්සක් දිගටම තියනවනම් අලකොල මාළුවක් හදාගෙන කන්න බොහෝ දුරට හොඳ වෙනව.
  • ඒ වගේම රෑ කෑම වේලට සුදුළූණු බික් දෙකක් අමුවෙන් කන්න කොලෙස්ටරෝල් සම්බන්ද රෝග වලින් ආරක්ෂාවෙන්න පුළුවන්.
සුදුළූණු
  • හොද්දට මස් මාළු වලට දාන ගොරක කෑල්ල විසිකරන්න එපා ඒක කන්න ඒකෙන් ඔයාගේ ඇඟේ අනවශ්‍ය මේදය දියකර හැරීමට උපකාරී වෙයි.
  • සෑම ආහාර වේලකටම පසුව උණුසුම් වතුර පානය කරන්න මේදය ඇඟට උරාගැනීම අවම කරනවා.
  • සතියකට දවසක් ගොරකා සුදුළූණු තම්බපු වතුර  අඬු කෝප්පයක් පානය කරන්න පුළුවන් නම් එයත් තැන්පත් මේදය දහනයට උපකාරි වේ.
  • ඒ වගේම රම්පා පිරිසිදු වතුර තිබෙන තැනක වවන්න. උදාහරණයක් විදිහට වතුර බොන ලිඳ ලඟ ඒකෙන් ලිඳේ මොනව හරි දෙයක් තියනවනම් රම්පා මුල් එය අවශෝෂණය කරගන්නව වතුරත් පිරිසිදුයි. කෙමිකල් ප්‍රශ්නයක් නැති නිසා රම්පා දැම්මට පිලිකා හැදෙන්නෙත් නෑ. හැබැයි කවමදාවත් අපජලය යන තැනක රම්පා හිටවන්න එපා අපි පිඟන් හෝදල සබන් නාලා යන වතුරෙ තියන සබන් තෙල් වර්ග අරව මේවයේ සමහර දේවල් රම්පෙ ගහට උරාගෙන අන්න ඒ රම්පා කෑවොත් පිලිකා හැදෙන්න පුළුවන්.
රම්පේ
  • සතියකට සැරයක් කරපින්චා ටිකක් බ්ලෙන්ඩ් කරලා උනුවතුරෙන් මිරිකලා බොන්න අඬු කෝප්පයක් (තේ කෝප්පයක්).
  • සීනි පුළුවන් තරම් අඩු කරන්න වතුර දිනකට අවම 3L ක් උපරිමය 8Lක් පානය කරන්න වතුර අඩු උනත් ලෙඩ වැඩි උනත් ලෙඩ.
  • බරකොකු බන්ඩක්කා වැල්පෙනෙල පුළුවන් නම් සතියකට සැරයක් කන්න හන්දිපත් අමාරු වලින් වැලකී සිටින්න පුළුවන් ඒ වගේම ශුක්‍ර තරලය නිපදවීමටත් යෝනි ශ්‍රාව නිපදවීමටත් රුකුලක් වෙනු ඇත.
  • උෂ්ණාධික ආහාර අඩුවෙන් භාවිතා කරන්න.
  • ගෙදර හදන කෑමට මැජික් කැට දැමීම සම්පූර්ණයෙන්ම නතර කරන්න.
  • තුඹ කොල එරබදුකොල ආහාරයට ගන්නවනම් පණු රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්.
  • අනෝදා නීරමුල්ලිය අක්කපාන (අක්කපාන සතියකට කොල දෙකක් සෑහේ ඒක වැඩිය කන්න එපා ) මුත්‍රා රෝග වලට වකුගඩු වල ගල් තියන අයට ගුණදායකයි

ඔන්න සරලවම ඔයාලට තේරෙන විදිහට ගොඩක් කරුණු ඉතාමත් කෙටියෙන් කිව්වා. ඉතින් මේ දේවල් ප්‍රයෝජනයට ගන්නවාද නැද්ද කියල තීරණය කරන්නෙ ඔයා. මම හිතනවා අපේ යාළුවෝ මේ ලිපියෙන් හොඳ ප්‍රයෝජනයක් ගනිී කියලා.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්